
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් නෙරපීම පිළිබඳව ඉදිරිපත් කෙරුණු යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.
ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම යෝජනාව කථානායකවරයාට බාර දෙනු ලැබුවේ නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මහින්ද ජයසිංහ, එරංග ගුණසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කෞශල්‍යා ආරියරත්න සහ උපුල් අබේවික්‍රම මහත්ම මහත්මීන් විසිනි.
COMMENTS
"හොරු අල්ලනවානං ඒක කරනේ මේගොල්ලෝ විතරයි මල්ලී " කියපු කතාව මේගොල්ලන්ගේ තුනෙන් එකක බලයකුත් එක්ක ලබාගත්තු දිනුමට විශාල බලපෑමක් කරන්න ඇති කියල හිතන එක වැරදි නැහැ. ඒ වගේම " දැන් මාස හයක්ම ගෙවිලත් අල්ලපු හොරෙන් නැති එක තමා උභතෝකෝටික ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මල්ලී " කියල හිතන එකත් ඒ වගේම වැරදිත් නැහැ.
මට පෙනෙන විදියට ආණ්ඩුවට තියෙනවා ලොකු ප්‍රශ්නයක් තමන්ගේ ප්‍රමුඛතා හඳුනා ගන්න බැරිකම, ප්ලෑන් ගැන කතා කලාට ප්ලෑන් එකක් ඇත්තෙම නැත්තේ මොවුන්ට. මේ රටේ අනන්ත අප්‍රමාන ප්‍රශ්න තියෙනවා, එත් ආණ්ඩුව තමන්ගේ වාසිය ප්‍රචාරක උපක්‍රම උදෙසා තේරුමක් නැති ව්‍යාපෘති වලට කාලය වැය කරනවා.
ඔයා පනතම දැන් කෝපා - කූප් වලින් හැලුන සහ අනිකුත් දූෂිතයන් එලවන්න යොදාගන්න බැරිද ?