IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දේශබන්දු තෙන්නකෝන් රිමාන්ඩ්

(ක්‍රිෂාන් ජිවක ජයරුක්)

අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට (20) දිනය තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්දික බුද්ධදාස මහතා අද(19)  නියෝග කළේය.

ඇප ලබා දෙනවාද යන්න ගැන හෙට දින සලකා බලන බව ද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

එමෙන්ම  ඔහු දැඩි ආරක්ෂාවක් යටතේ බන්ධනාගාරයේ වෙනමම ආරක්ෂිත ස්ථානයක රඳවා තබන ලෙසට ද නියෝග කෙරිණි.

ඒ අනුව පොලිස් ආරක්ෂාව හා බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාවක් යටතේ දේශබන්ධු තෙන්නකෝන් මහතා අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට රැගෙන ගියේය.

විවෘත වරෙන්තු ලබා සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා වරෙන්තුවෙන් දින 19කට පසු අද පෙරවරුවේ මාතර අධිකරණයට ඉදිරිපත් විය. 

 

 



අදහස් (11)

දේශබන්දු තෙන්නකෝන් රිමාන්ඩ්

කුකුල් චමින්ද Wednesday, 19 March 2025 02:39 PM

සියළුම බන්ධනාගාර වැසියන් මේ මාව බලගත්තාටත් වඩා හොඳින් මෙතුමාව බලාගන්න ඕනේ. මෙතුමාට කිසිම අඩුවක් කරනවා එහෙම නෙමෙයි...!

:       3       29

බකල ජයාWednesday, 19 March 2025 02:55 PM

හදිස්සි නීතිය දාල ටොකු අනින එක තහනම් කරන්න ඕන... ආ .. හෙල්මට් වලිනුත් බෑ.

:       3       28

PATTA hora Wednesday, 19 March 2025 02:41 PM

නොදකින්... ඔක්කෝම යාලුවෝ..!

:       9       14

Siri Wednesday, 19 March 2025 03:21 PM

අතපය දිග ඇරලා ගජරාමෙට කාපු බීපු කෙනෙක් වගෙයි නේද පෙනෙන්නේ?

:       2       11

වින්සන්ට් කජ්ජාThursday, 20 March 2025 09:54 AM

නිකං හම්බවෙනවනම් ඉතින් වටේ ඉන්න අයගෙ අතපයත් දිග අරින්න පුළුවන්.

:       0       5

බද්රානි Wednesday, 19 March 2025 03:28 PM

කුණු ගොඩකට වහන්න කළු කපුටෝ රෑනක් මාතරට ඉගිල්ලුනාලු නේද..? කුණුගොඩවල් මත යැපෙන අමනයෝ ඉන්න රටක් මේ කපේදී නම් හදන්න පුළුවන් වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ. මේ ආණ්ඩුවත් කුණු කාරයෝ හුරතල් කරන බවක් තමයි පේන්න තියෙන්නේ. ජාතියේ කරුමෙට ද මන්දා කොන්ද කෙලින් තියන නායකයින් මේ රටේ පහල වෙන පාටක් පේන්න නැහැ.. හැමෝම හරිම හුරතල්...!!!

:       3       25

කෞෂිWednesday, 19 March 2025 03:50 PM

ඔයාට බැරිද මේ හුරතල් පැටව් ඉන්න මොන්ටිසෝරියේ ටීචර් වෙන්න...

:       2       8

පිටිගල මිලානෝ Wednesday, 19 March 2025 04:23 PM

පොලෝසියට කට්ටි පැන්නේ ඇයි කියලා කරන බාල්ක සංග්‍රහය මෙයාට නැද්ද…? එන් පී පී ගරු අනුසාශක ටිරාන් කොහෙද ඕවට ඉඩදෙන්නේ…?

:       2       6

වින්සන්ට් කජ්ජාWednesday, 19 March 2025 05:37 PM

ඒක උරහිසේ ගහගෙනම ඉන්නේ කට්ටිය. වීදුරුකටු අතුරුපසක් හරි යයිද?

:       1       9

බද්රානි Wednesday, 19 March 2025 04:54 PM

"චීටර්" ලාව හුරතල් කරන්න බැරි ලෙඩේ තමයි කෞෂි මට තියෙන්නේ.. ලංකාවේ බහුතරයක් ජීවත් වෙන්නේ බොරුවෙන්, හා ආත්ම වංචාවෙන්.. හොර තක්කඩි කම් කරන්න ලැජ්ජා බයක් ගෑවිලාවත් නැහැ... අනික ඉතින් මේ රටේ වැඩිපුරම ගෞරව කරන්නේ තක්කඩියන්ටනේ. සමහරක් එවුන්ගේ නමට ඉහලින් තියන ගෞරව නාම දැක්කම අර කොහෙන්ද මන්දා හිනා යනවා. රටේ විනය ආරක්ෂා කරන්න ඉන්න පොලිසියේ ලොක්කාගේ විනය ඔහොම නම් පොලිසිය ගැන කවර කතාද..? කුණු රසය ටෙලි ඉස්මතුකරන ටෙලි නාට්‍ය සංස්කෘතියට ඇබ්බැහි වී සිටින මේ රටේ ජනතාව දිනපතාම මේ හා සමාන අත්අඩංගුවට ගැනීමේ මාධ්‍ය සංදර්ශන දැකලා උම්මාදයට පත් වෙනවා. ඔය හොර තක්කඩි ජාලයේ සිටින කිසිවෙකුට හිර දඬුවම් නැහැ. දැනටමත් පොලිස්පතිතුමාත් අසාධ්‍ය රෝගියෙක් බවට නිර්දේශ වෙලා ඇති. අපි ඔක්කෝම බක බක ගාලා හිනාවෙවී සතුටින් කුල්මත් වෙලා ජීවත් වෙමු..!

:       0       13

කෞෂි Wednesday, 19 March 2025 05:31 PM

දාමු මූණු පොත් සාදයක්, බද්රානි, ඕවා අමතක වෙන්නත් එක්ක. බන්ධු නැති එකේ නෝනත් එයි...!

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 46 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site