(යොහාන් භාසුර)
රටට අහිතකර ගිවිසුම් හරහා මෙරට ඉන්ධන අළෙවිය විදේශ සමාගම් හතරකට පවරා තිබීම හේතුවෙන් ඉන්ධන මිල ජනතාව බලාපොරොත්තු වන ආකාරයට අඩු කළ නොහැකි බවත් ඉන්ධන මිල අඩු කළහොත් අදාල සමාගම්වලට වූ පාඩුව බලශක්ති අමාත්‍යංශය ගෙවියයුතු යැයි ගිවිසුම්වල සඳහන්ව ඇති බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග පර්යන්ථ සමාගමේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා අද (4) පැවසීය.
දෙමටගොඩ පිහිටි ලංකා ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේදී අද (4) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා එසේ පැවසීය.
ඉන්ධන මිල අඩු කිරීමෙන් සමාගම්වලට පාඩුවක් වූයේ යැයි එය ගෙවන ලෙස මේ වන විටත් ඇතැම් සමාගම් බළශක්ති අමාත්‍යංශයට වියදම් වාර්තා ඒවා ඇති බව කී රාජකරුණා මහතා මෙම ගිවිසුම් වසර 20 ක කාලයක් සඳහා අස්සන් කර ඇති බව ද සඳහන් කළේය.
දේශපාලන හේතූන් මත අස්සන් කළ මෙම ගිවිසුම් හේතුවෙන් එකවර ඉන්ධන මිල අඩු කළ නොහැකි බවත් ඒ පිළිබඳව කළහැකි දේ පිළිබඳව සළකා බැලීමට ඛනිජ තෙල් සංස්ථාවේ නීති අංශය කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා පැවසීය.
දේශපාලන සංවිධානය කටයුතු කරන ආකාරයට මෙවැනි ජාත්‍යන්තර ගිවිසුම් සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි බව කී සභාපතිවරයා පැවසුවේ ඉතාම පරිස්සෙමින් මේ පිළිබඳව කටයුතු කරමින් සිටින බවත්ය.
ඉන්ධන මිල අඩු කළ පසුව ඔවුන්ගේ පිරිවැය ඉහළ ගිය බවට දැනුම් දෙන බව කී සභාපතිවරයා ඉන්ධන මිල සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මෙම විදේශ සමාගම් සමඟ තිබෙන ගිවිසුම් දැඩි බාධාවක් බවට පත්ව ඇති බව ද සඳහන් කළේය.
ඉන්ධන මිල සූත්‍රය අනුව මුදල් අමාත්‍යංශය මිල තීරණය කරන බවත් ඉන්ධන සම්බන්ධයෙන් බදු පිළිබඳව මුදල් අමාත්‍යංශය තීරණයන් ගතයුතු බවත් රාජකරුණා මහතා කීය.
මෙම එක සමාගමක් ‘සිපෙට්කෝ’ ලාංඡනය යටතේ මේ දක්වා ඉන්ධන අළෙවි කරමින් සිටින බවත් ඔවුන් වාහාම එය වෙනස් කරන ලෙස දැනුම් දී ඇති බවත් ඒ මහතා කීය.
මිල සූත්‍රය මත සුපිරි ඉන්ධන වර්ග දෙකේ මිල හෝ අඩු නොකළේ නම් එම වාසිය ද විදේශ සමාගමවලට හිමිවන බව කී ඒ මහතා ඉන්ධන මිල සූත්‍රට අනුව ගණනය කිරීමෙන් ජනතාවට විශාල අසාධාරණයක් නොවන බව ද සඳහන් කළේය.
ගුවන්යානා සහ නෞකාවලට ඉන්ධන සැපයීමෙන් තෙල් සංස්ථාව මීට පෙර ඩොලර් ඉපයුව ද පසුගිය ආණ්ඩු එම අවස්ථා වෙනත් පාර්ශවයන්ට දීමෙන් විශාල ආදායමක් අහිමිවී ඇති බවත් එම අවස්ථාව ද නැවත සිපෙට්කෝ වෙත ගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවත් ඔහු පැවසීය.
පාස්කු බෝම්බ ප්‍රහාර සිද්ධියෙන් අගතියට පත් වින්දිතයින් පැවරූ නඩු මුල් අවස්ථාවේම නිෂ්ප්‍රභ කරන්නැයි හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු රාජ්‍ය
මහනුවර, පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (11) ආරම්භ වූ ‘ලංකා ටී10 සුපර් ලීග්‘ ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින බටහිර ඉන්දීය කොදෙව් ක්ර
අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය ආනයනික සහල් සඳහා අය කරන බද්ද අඩු කිරීමට හෝ සහල් මිල වැඩි කිරීමට කළ ඉල්ලීමක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපක
ඉන්ධන පිරවුම්හල් ගැටළුවක් හේතුවෙන් මෙරට තුළ ඉන්ධන අළෙවි කරන විදේශ සමාගමක් ආනයනය කළ ඉන්ධන මෙට්‍රික් ටොන් 30,000 ක් රැගත් නෞකාවක් ඉන්ධන තොගය සමඟ නැවත ආපසු හ
මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවකු වන බොරැල්ලේ ‘ චුට්ටං‘ නැමැත්තාට අයත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2 ක් සහ ග්‍රෑම් 100 ක් එළවළු මල්ලක දමා බස් රථවලින් ප
අස්වැසුම ප්රතිලාභ හිමියන්ගේ මෙම මාසයට අදාළ ප්රතිලාභ මුදල් හෙට (12) බැංකු ගිණුම්වලට බැර කරන බව සුභසාධක ප්රතිලාභ මණ්ඩලය පැවසීය.
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්රීඝ්ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 52 වැනි ශාඛාව දෙනියාය, පල්ලේගම
දේශපාලනික ගිවිසුම් තෙල් මිල අඩු කරන්න හරස් වෙලා
අරවින්ද මොනරවිල Monday, 04 November 2024 05:39 PM
අර කාලකණ්නි දෙන්නා රටට කළ විපත, තමන්ට ලැබෙන කොමිස් මුදල වෙනුවෙන් මුළු රටක්ම සමාගම් හතරකට පාවලා දීලා. තව එනවා අත්දැකීම් ගැන කතා කරන්න. ඔබලාට හොඳ අත්දැකීමක් ලබන්න පුළුවන් ලබන 14 වෙනිදාට....!
We need solutionsMonday, 04 November 2024 07:28 PM
රනිල් ආවා, කලින් ආන්ඩු නිසා අරක බෑ, මේක බෑ කිය කිය නාහෙන් ඇඬුවේ නෑ. තනියම ඇවිත්, විපක්ෂයේ අය එක්ක ආර්ථිකේ ගොඩ දාලා දුන්නා අවුරුදු 2න්. අන්න ඒකයි කියන්නේ වැඩකාරයට බොරු බෑ, බොරු කාරයට වැඩ බෑ කියලා. මට රනිල්ගේ ෆෙඩරල් විකාර, සංස්කෘතික විනාශ නම් පෙන්නන්න බෑ, ඒත් ඉතින් ආර්ථිකේ නම් රනිල් තමයි...
සෙනෙවිරත්න Monday, 04 November 2024 05:40 PM
ඔන්න ඇත්ත. ආනන්ද පාලිත කියන්නේත් ඕකම තමයි. ඒක නිසා වැලලෙන්නේ නැතිව ඕවා වෙනස්කරනකන් ඉවසන්න. කවුරුත්හරි මේ කියන එක වැරැදි නම් අභියෝග කරන්න...!
pjTuesday, 05 November 2024 10:36 AM
ඒ කියන්නේ ජනාධිපතිවරණයට පෙර ඇත්ත දැනගැනීම බොරු කියා ගොබ්බසේන කෙනෙක් ජනපති කරපු බව පිලිගන්නවා කියන එකනේ
Gunendra Monday, 04 November 2024 05:57 PM
තවත් නාටකයක ආරම්භය.
Sediris Monday, 04 November 2024 06:39 PM
අනේ ඕවා හොඳයි හරක්ට. යකෝ මිල අඩු කරන්න බැරි නම් පොදු ප්‍රවාහන වලට සහනයක් දෙන්න ඔය ලබන ලාබෙන්. සිපෙට්කෝ එක කෝටි ගානක ලාභයක් ලැබුවා කිව්වා නේද? බැරි බැරියාවම කියවනවා. බලේ ගනිද්දී ඔය රෙද්දවල් තේරුනේ නෑද?
ලක්ශ්මන්Monday, 04 November 2024 07:12 PM
ඇත්ත තමයි. තෙල් වලින් ලාභ ලබනවා නම් ඒ ලාබේ තෙල් වලින් අඩු කරන්න අමාරු නම් විදුලි බිලට, ජල බිලට ඒ සහනේ දෙන්න පුළුවන්නේ. ඒ ඕනෙම නෑ කියමු, අඩු ගානේ මිනිස්සුන්ට සෝලාර් පැනල් ටිකක් ගහ ගන්න ඒවායේ බදු අඩු කරන්නකෝ. ඔයාලාට මිනිස්සු අන්දන්න එච්චර ලේසි වෙන්නේ නෑ ආයේ හොඳේ...!
පොඩිඑකාMonday, 04 November 2024 09:08 PM
සේදිරිස් ගොයියෝ, බලාගෙන ගියාම ගාය වැඩිවෙලා තියෙන්නේ ඡන්දේ දුන්නේ නැති බයියන්ටනේ...!
අරවින්ද මොනරවිල Monday, 04 November 2024 09:28 PM
අපෙන් අහලා නොවෙයි, හොර රහසෙනේ හලෝ ගිවිසුම් ගැහුවේ... දැන් තමයි ඇත්ත තත්වය එළිවෙන්නේ, ඒ නිසා උම්බෑ ගාන්න එපා, එතකොට සතා කවුද කියලා පෙනෙනවා...!
logic na Monday, 04 November 2024 06:47 PM
මොකක්ද කියන්නේ? සුත්‍රයෙන් අඩු කරන්න පුළුවන්නේ සමාගම්වලට පාඩු වෙන්නේ නැතුව... ඉස්සර වගේ වියදමට අඩුවෙන් විකුණන්න බැහැ. දැන් කියන එකනේ මේ කියන්නේ. නැත්තන් හෙජින් කරලා තියෙන්න ඕනේ. මිනිස්සුන්ට බොරු කියන්න එපා. දැන් දේශපාලන ගේමේ ගහන්න බැහැ මිලත් එක්ක. ඒක හොඳ දෙයක්...
ජයනාත් Monday, 04 November 2024 06:50 PM
සමාගම් කීපයක් ගැන ගුණ වර්ණනා කරකර ගිවිසුම ගහනකොට ඒ කාලේ ඕවා කිව්වා. යට ගේමක් යනවා කියලා. පවුසි එක පාරක් වැඩේ දුන්නා. මේ පවුසි අංක දෙක.. විදුලියටයි.. තෙල් වලටයි වැඩේ දුන්නා...!
යෝගා Monday, 04 November 2024 07:15 PM
ඔය ගිවිසුම් සියල්ල ඒ කාලේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා නේද? එතකොට දැන් රට පාලනය කරන අම්බරු තුන්දෙනා පාර්ලිමේන්තුවේ නිදියගෙනද හිටියේ? තෙල් මිල සීයකින් අඩුකරන්න පුලුවන් කියලා කිව්වේ රවට්ටන්නද?
primeshika Monday, 04 November 2024 07:17 PM
හැබැයි කීවෙ අපි ආපු ගමන් IMF එකටත් උඩින් යනවා කියලා...
Induwara Monday, 04 November 2024 07:18 PM
හානේ මොනරවිලයි, සෙනෙවිරත්නයි තාම ජීවත් වෙනවානේ. අපි හිතුවා බිත්තර, පොල්, හාල් මිල දැකලා දුකට මලාද කියලා. කඩේ යනවා නේ. එල එල. යන එක යනවා ආයි ලොවෙත් නැති වෙන්න.
අන්දරේ 2 Monday, 04 November 2024 07:31 PM
කවුරු හරි ඔය ගල උස්සලා මගේ කරෙන් තියාපල්ලා. මම කිව්වේ ගිහින් දානවා කියලා විතරයි. උස්සලා කරේ තියාගන්න එක මගේ කාරියක් නෙමේ ආයුබෝවන්ඩ..!
Alfread Monday, 04 November 2024 07:41 PM
මොවුන් දෙන්නා නම් මේ මයික් පලන්නේ තෙල් සංස්ථාව ලබන බිලියන ගාණක ලාබේ නිසා ඊළඟ නත්තලට හම්බෙන කෝටි ගාණක බෝනස් වලට ආදරෙන් වගේ. කමක් නෑ, ඔබලා නත්තල් කයි.., මාලිමාවට ඡන්දෙ දීපු අහිංසක මිනිස්සු ලෙවකයි. ඒවා නම් පව් වැඩ හැබැයි...
ranjith Monday, 04 November 2024 07:45 PM
අනේ මන්දා ඡන්දයට කළින් කිව්ව ඒවා දැන්...?
Mohan Monday, 04 November 2024 08:01 PM
වරදකරුවෝ හොයලා ඔවුන්ගෙන් ඒ මුදල අයකරගත්තා නම් තමයි හොඳ...
vernon Tuesday, 05 November 2024 09:23 AM
වැඩි මිලට ගත්ත තෙල් අඩු මිලට දෙන්න ගියොත් අලාභයක් වෙනවා තමයි, ඒත් අඩු මිලට ගත්ත තෙල් අඩු මිලට දෙන්න තියෙන බාධාව මොකක්ද? රටට තෙල් ගෙනෙද්දි මෙච්චරයි මිල කියලා කොළඹ පුරා ඉස්සර පෝස්ටර් ගැහුවේ කවුද?
DMCP Tuesday, 05 November 2024 10:36 AM
තාමත් දුශිතයෝ නිසා අපි විඳවනවා
Devi Tuesday, 05 November 2024 10:46 AM
ගිවිසුම් සංශෝධනය කරන්න. සමාගම් වලට තමන් කැමති මිලකට අලෙවි කරගන්න කියලා, සිපෙට්කෝ මිල අඩු කරන්න. ජනතාව කැමති තැනකින් ගනීවි.
sam Tuesday, 05 November 2024 11:45 AM
අර කන්චනයයි ජොලියයි එකතුවෙලා කල විනාශේ ප්‍රසිද්ධ වේදිකාවක් හදලා මුළු ලංකාවටම දැනගන්න එලි කරන්න .