
(විමුක්ති එස් රුද්‍රිගු)
දෙවැනි ලෝක යුද්ධයේදී පුපුරා නොගිය බෝම්බ තුනක් සොයා ගැනීමත් සමග ජර්මනියේ කොලොග්නේ නගරය වැසියන් 20,500 ක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇත.
ඩොයිට්ස් ප්‍රදේශයේ නැව් තටාංගනයක තිබී එම බෝම්බ තුන පසුගිය 2 වැනිදා ජර්මනි ආරක්ෂක අංශ විසින් සොයා ගන්නා ලදි.
සොයා ගත් බෝම්බ තුනෙන් බෝම්බ දෙකක් ටොන් 20 ක් බරැති ඒවා බවත් ඉතිරි බෝම්බය ටොන් 10 ක් බරැති එකක් බවත් කොලොග්නේ නගර බලධාරීහු ප්‍රකාශ කළහ.
බෝම්බ සොයා ගැනීමත් සමග අනතුරුදායක ප්‍රදේශයක් නම් කරමින් එම ප්‍රදේශයේ සිටි වැසියන් 20,500 ක් ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස දැනුම් දුන් බවද නගර බලධාරීහු පැවැසූහ.
රෝහලක්, වැඩිහිටි මධ්‍යස්ථාන දෙකක් සහ නගරයේ දෙවන විශාලතම දුම්රිය ස්ථානයේ සිටි පිරිස ආරක්ෂිත ස්ථාන කරා යොමුකළ බවත් එසේම ප්‍රදේශයේ රෝහල්, පල්ලි මෙන්ම වෙළෙඳපොළවල්ද සිටි පිරිස්ද ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට කටයුතු කළ බවත් නගර බලධාරීහු ප්‍රකාශ කළහ.
මෙය දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව සිදුකළ විශාලතම මෙහෙයුම බවත් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීමට අකැමැති පුද්ගලයන් අවම බලය යොදා ඉවත් කරන ලෙස ආරක්ෂක අංශවලට දැනුම් දුන් බවත් නගර බලධාරීහු සඳහන් කළහ.
සියල්ලන්ම ඉවත් කිරීමෙන් පසු එම බෝම්බ නිශ්ක්‍රීය කිරීමට කටයුතු කරන බවද නගර බලධාරීහු පැවැසූහ.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දෙවැනි ලෝක යුද්දයේ බෝම්බ තුනක් නිසා ජර්මනියේ නගරයක් හිස් කරයි
ravin Thursday, 05 June 2025 02:53 AM
යුද්ධයේ භයානකකම...
ගුණරත්න Thursday, 05 June 2025 08:08 AM
යුද්ධය කියන්නේ සෙල්ලමක් කියල හිතාගෙන ඉන්න උදවියට හිතන්න දෙයක්. දශක 7ක් ගිහිල්ලත් තාම යුද්ධයේ අනිටු ඵල තිබෙනවා