IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දූෂිත ලොක්කෝ පිරිසක් ගැන විමර්ශන

(සුජිත් හේවාජුලිගේ)

දූෂණ වංචා අපරාධ ලිපිගොනු විමර්ශනවල ප්‍රතිඵල ලබන පෙබරවාරි මාර්තු වන විට ප්‍රතිඵල ලැබෙනු  ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව මේ කටයුතු ශක්තිමත් ලෙස කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා කීවේය.

" අපට තියෙන්නේ දේශපාලන නායකත්වය සැපයීමත් ඔවුන්ට අවහිර නොකිරීමත් අවශ්‍ය යටතල පහසුකම් සැපයීමත් රැකවරණය ලබාදීම" යැයිද  දිසානායක මහතා පැවසීය.

පැරණි  අපරාධ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේදී දුෂ්කරතා මතුව ඇති බවත් සමහර සාක්ෂිකරුවන් මිය ගොස් සිටින බවත්  ජනාධිපතිවරයා පැවසීය.

එහෙත් යුක්තිය ඉටු විය යුතු බවද ඔහු ප්‍රකාශ  කළේය.

අපරාධ සහ මූල්‍ය අපරාධ සම්බන්ධයෙන්  ඒකක කිහිපයක් පිහිටුවා ඇති බව ජනාධිපතිවරයා පැවසීය.

දූෂණ විරෝධී පනත කෙටි කාලයක් තුළ සංශෝධනය කිරීමට පියවර ගන්නා බවත්  ඒ යටතේ නව කොමසාරිස්වරුන් පත් කරගන්නා බවත් දිසානායක මහතා පැවසීය.



අදහස් (3)

දූෂිත ලොක්කෝ පිරිසක් ගැන විමර්ශන

බකල ජයා Saturday, 25 January 2025 06:36 PM

විවිධ ආණ්ඩු යටතේ රැවැටීමට ලක්වූ ජනතාව, මේ ආණ්ඩුවෙනුත් රැවටෙයිද කියලා දෙගිඩියාවකින් ඉන්නේ. ඒක හින්දාම ඉක්මන් ප්‍රතිඵල ඉල්ලනවා. නමුත් යුක්තිය නිසිලෙස ඉටුවීමට සාධාරණ කාලයක් අවශ්‍යයි. මේ බලාපොරොත්තු වගේම ජීවන වියදම අඩුවීමත් ඉක්මනින් සිදුනොවුනොත් නැවතත් කපුටන්ගේ යුගයකට රට තල්ලුවෙන්නත් ඉඩ තියෙනවා. අන්තෝ ජටා බහි ජටා තත්ත්වයක්....

:       0       11

කල්පනී සපරමාදු Saturday, 25 January 2025 09:09 PM

ජනතා බදු මුදල් වලින් පලිගැනීම සඳහා ඔප්පු කළ නොහැකි ප්‍රදර්ශනාත්මක නඩු පැවරීමෙන් ජනතාවට සිදුවන සෙත කියන්න .

:       5       2

Perera Saturday, 25 January 2025 10:14 PM

ඔහොම යමු ජනපතිතුමනි. බුරන බල්ලොන්ගේ බෙල්ලට තොණ්ඩුව වැටිලා තද වුණාම බිරිල්ලත් නිකන්ම නතර වෙයි.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 691 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site