
(නිමල කොඩිතුවක්කු)
දුම්රිය රියදුරු දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහා පැවැත්වෙන විභාගයට රියදුරන් සූදානම් වීම හේතුවෙන් අද (17) දිනයේ දුම්රිය ගමන්වාර අවලංගු කිරීම හේතුවෙන් මගීහු දැඩි පීඩාවට ලක්විය.
උදෑසන සහ පස්වරුවේ දුම්රිය ගමන්වාර 25 ක් පමණ අවලංගු කිරීම හේතුවෙන් පාසල් සිසුන්, කාර්යාල සේවකයන් ඇතුළු මගී ජනතාව දැඩි අපහසුතාවයට පත්විය.
විභාගය හේතුවෙන් දුම්රිය රියදුරු අසණීප නිවාඩූ වාර්ථා කිරීම හා තවත් දුම්රියන් පිරිසක් ද්විත්ව සේවා වාර වල නොයදන ලෙස ඉල්ලීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල විය.
මේ හේතුවෙන් අද දින කාර්යාලය දුම්රිය හා කෙටි ගමන් දුම්රියයන් අවලංගු වීම් හා ප්‍රමාද වීම් සිදු වූ අතර දුම්රිය මගීන් පැය ගණන් වේදිකාවල රස්තියාදු වූ අතර ඇතැම් මගීන් බස් රථවලින් ගමන් කරනු ලැබීය.
කලින් ආසන වෙන් කල දුම්රියයන් මෙන්ම රාත්‍රී තැපැල් දුම්රියයන් සඳහා මෙමඟින් බාධාවක් මතු නොවූ බවත් දුම්රිය ප්‍රකාශකයකු පැවසිය.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දුම්රිය රියදුරු විභාගයෙන් මගීන් පීඩාවට
sakra Saturday, 18 January 2025 02:49 AM
තමන්ගේ අම්මා හෝ තාත්තා හදවත් සැත්කමකට නියමිතව සිටි දින අදාල වෛද්‍යවරයා ලෙඩ නිවාඩු දැම්මොත් මේ කාලකන්ණි වර්ජකයින්ට දැනේවි තමන් මේ කලේ කෙතරම් අසික්කිත වැඩක්ද කියලා...
Niranga Saturday, 18 January 2025 07:03 AM
මොවුන්ට මිනිස්සුන්ගේ කාලෙ කන්නේ නැතිව යන්න පුරුදු කරන්න.
ගුණරත්න Saturday, 18 January 2025 12:02 PM
මේ වගේ ආත්මාර්ථකාමී වගකීම් නොසලකා හරින රාජ්‍ය සේවාවක් අප්‍රිකාවේ ජරාම රටකවත් නැතිව ඇති. හරි හමන් පාලකයෝ ඉන්නවා නම් මේ ඔක්කෝම පන්නලා ඉන්දියාවෙන් සේවකයෝ ගෙන්නලා වැඩ කරනවා.