
(සමන් පාලිත නානායක්කාර)
කොස්ලන්ද උඩ දියළුම දියඇල්ල අසල කඳවුරු බැඳගෙන සිටි යුවළකට අද( 12) අලුයම එල්ල වූ වන අලි ප්‍රහාරයකින් තරුණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තරුණයා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද කොස්ලන්ද පොලීසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මාතර කැකනදුර පදිංචි වී සිටි ජී තරූෂි නමැති 23 හැවිරිදි තරුණියකි. තුවාල ලබා ඇත්තේ වාරියපොල පදිංචි කේ ඒ ධනුෂ්ක (22) තරුණයෙකි.
මොවුහු කොස්ලන්ද උඩ දියලුම සංචාරයක පැමිණ රාත්‍රී කාලයේ කදවුරු බැඳගෙන සිටී බව පොලීසිය කියයි.
තරුණියට පහර දුන් වන අලියා එම ස්ථානයේම ගැවසෙමින් සිට ඇති අතර ඒ පිරිස සමඟ පැමිණි සියලු දෙනා පලවා හැර ඇති බවද පොලිසිය කියයි.
පසුව මහත් පරිශ්‍රමයක් දරා පොලිසිය ප්‍රදේශවාසීන් සමඟ එක්ව අලියා පලවා හැර තිබේ. කොස්ලන්ද පොලීසිය පරීක්ෂණ පවත්වයි.
(ඡායාරූප: සමන් පාලිත නානායක්කාර)

(ඡායාරූප සැපයුම: ක්‍රිෂාන් ජීවක ජයරුක්)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලියයි වලහයි ඉන්න කාලේ කෑම්ප් කරන්න යන්න එපා
කනගාටුදායකයි. අවට පරිසරය ගැන අවබෝධයක් නැතුව කෑම්පින් කරන්න ගියේ ඇයි?
වන අලීන් ඉන්න ඉසව්වක කූඩාරම් ගහන්න තරම් මේ අයගේ මොලේ විකල් වෙලාද? නැතිනම් මතට හිත ගිහින් මත්වෙච්චි දෙන්නෙක් වත්ද?
සිරස රූපවාහිනියෙන් පෙන්වන කුංචනාද ටෙලිනාට්‍ය අනුගමනය කරන්න ගිහිල්ලා වෙන්න ඇති
කෑම්පින් කියලා මෝඩ පිස්සුවක් හැදීලා වැඩි වේගන එනවා. ගමේ ගොවියෝ හැමදාම කෑම්පින් යනවා, බත් මුලකුත් බැඳගෙන. එතන ජීවිතේ ඇතුලේ දුක මිශ්‍ර සතුට තියෙනවා. තමන්ගේ ජීවිතේ ඇතුලේ සතුට දකින්න පුරුදු වෙන්න. සතුට පිටින් අරගෙන හරි වෙන තැනකට ගිහින් හරි ගන්න බෑ. ඒක තමන්ම මුලාකර ගැනීමක්. තමන්ගේ ජීවිතේම සතුටක් විදියට ජීවිතේ හදා ගන්න. දුක මිශ්‍ර සතුටක් විඳින්න පුරුදු වෙන්න. තනි සතුට හොයන්න ගිහින් වෙන්නේ විනාශයක්. කෑම්පින් කියන්නේ මත්පැන්, කැසිනෝ, කුඩු වලම දිගුවක්. එකම සිතුවිල්ල එහාට මෙහාට වෙන්නේ නම විතරයි.
චින්තනය බටහිර වූ පමණින් මේ රටේ සිස්ටම් චේන්ජ් කරන්න බෑ. ඊට කලින් කළ යුතු දේ සහ නිවැරැදි කල යුතු දේ බොහොමයි. කවදා කරපු කෑම්පින් ද මේ? අපට හිතෙන හිතෙන තැන්වල කෑම්පින් කරන්න පිටරටකවත් බැහැ. Understand your terrain first. අරගලයේ දී බටහිර වෙස් අරන් පොලිසියට රෝස මල් දීපු කාන්තාව ගැන මහා ඉහලින් වර්ණනා කරපු අයටත් මම මේ ටික කිව්වා. විපතට පත් වූ අය ගැන කනගාටුයි.
අක්කා, මල්ලී ආදරයක් වගේ 23යි, 22යි...
අලින්ට බලය පෙන්නන්න ජීවිතේට නොඑන චාන්ස් එකක් මේ කාලේ ඇවිත් තියෙන්නේ. මේ කාලේ කෑම්ප් ගහන්න එපා. ළඟදීම මිනිස්සු අලි වෙඩි පත්තු කරනවා අනිවාර්යෙන්. එතකොට අලින්ට ආයේ කැලේ වදින්න වෙනවා. ඇසු පිරූ දේ අනුව කැට තියලා කියන්නේ...
මේ රටවල අයත් කෑම්පින් කරනවා. නමුත් ලංකාවේ එහෙම යනවා නම් අවට පරිසරය ගැනත් , සතුන්, සර්පපයන් ඉන්න නිසාත් හරිම කල්පනාකාරී විය යුතුයි...
පව්, මේ දෙන්නා පිටරට අයගෙ ජීවිතේ මෙහෙ අනුකරණය කරන්න ගිහිල්ලා. වැස්සට කෝපි එකයි පොතයි, වැලන්ටයින් එකට රෝස මලුයි චොකලටුයි වගේ තමා කැලේ කෑම්පින්. අනේ සුකේ නන්නානේ. නුවරඑළි ගිහින් බාබකිව් දාලා පිටරට අය කනබොන හැටි අනුකරණය කළා. ආතල් ගත්තා. ඊළඟට සීතලේ ගැහෙන්න ගත්තාම දේශීය චින්තනේ අවදිවෙලා ඒ ගිනිඋඳුනම කාමරේට අරන් ගිනි තපින්න ගිහින් විසවායුව වැදිලා කී දෙනෙක් මළාද? මේත් ඒ වගේ එකක්... මෝඩ චූන් වලටත් සීමාවක් තියා ගනිල්ලා. අර ඉහලින් කසුන් කියලා තියෙන දේ හරියටම හරි.
මම නම් කියන්නේ මේ රටේ බහුතරයක් මිනිස්සුන්ව අලි පාගලාම මරන්න ඕනෑ කියලයි. මේකේ ඉන්න යක්කු, මනුස්සයින්ට වඩා වන සත්තු හා සර්පයින්ටනේ ආලේ වඩන්නේ... මනුස්ස වේශයෙන් ඉන්න යක්ඛ පුතුන් හා යක්ඛ දියණියන් හිතන්නේ මිනිසුන්ගේ නිදහසට වඩා තිරිසන් සතුන්ගේ නිදහසනේ.. ඉතින් සත්තුන්ටම මේ පින්බිම පුදලා යන ලෝකෙකට යමල්ලකෝ.. ඒ සත්තුන්ටවත් පාඩුවේ ඉන්න දීලා... සමහරවිට ඒ යුවල ලංකාවේ මනු සත්තුන්ට අහුවුණා නම්, දෙන්නගේම ජීවිතවලට මීට වඩා ලොකු හානියක් වෙන්න තිබුණා... ඇයට නිවන් සුව පතමි!!!
අලියා නටන්න කලින් පරිසර අවබෝධය නැති ජෝඩුවක් එතැන නටලා තියනවා.
අලියා යකා නටලා නෑ. ජෝඩුව නම් එතන යකා නටලා තියෙනවා කොහෙන්ද කඩා පාත් වෙලා අලියාගේ නිජබිම ආක්‍රමණය කරලා. ඔය ටික වත් තේරුම් ගන්න පුළුවන් නම් අපිටත් ගොබ්බ මානසිකත්වයෙන් මිදෙන්න බැරි නෑ.
මේ කාලය ගැහැණු ළමයින්ට අපලයි. පහුගිය දවසක කළුතරත් ගැහැණු ළමයෙක් නැතිවුණා වල් අලියෙක් ගහලා...
උඩ තියෙන කමෙන්ට් දැක්කාම හිතෙනවා ආයේ කපුටාස්ලම බලයට එන දවසක් ඉතාමත් ඉක්මනින්ම එයි කියලත්..කොහොම වුණත් අනතුරින් මැරුණ අයව මේ විදියට මාධ්‍යවලින් නැවත නැවත චරිත ඝාතනය කිරීමට ලක්කිරීම බලවත් පිළිකුලෙන් යුතුව හෙලාදකිමි. මෙහි සිරස්තලයම කුණු රසය ඉස්මතු කරවන ලෙස යොදා ගැනීම වඩාත් අප්‍රසන්නයි...
රට පුරාම දැන් ඇහෙන්න දකින්න තියෙන්නේ මේ වගේ නොමෙරු අඩු වයසේ දරු දැරියන්ගෙ මෝඩ තීරණ නිසා ඔවුන්වම විනාශ වෙලා යන අයුරුයි. මේ ළමයින්ගෙ දෙමවුපියන් මේවට වග කියන්න ඕනේ. දරුවන්ට කලින් දෙමවුපියන්ව හදන්න වෙලා.
අලුත් තරුණ පරම්පරාව තේරුම් නොගෙන කෑම්පින් වලට විරුද්ධවීම අපේ සීමිත දැනුම විදහා දැක්වීමක්. මෙතන අවාසනාවන්ත දෙයක් වෙලා තරුණ ජීවිතයක් නැති වෙලා. සතුන් ගැන කරුණාව දැක්වීම බුදුන් වහන්සේ පවා කල දෙයක්. වන සතුන්ට ඒ අයගේ දුක් ගැනවිලි ගැන පැමිණිලි කරන්න බැහැ. ඒකයි අපි ඒ අය වෙනුවෙන් කටයුතු කල යුත්තේ. පිටරට ජීවිත ගත කරන හැටි ගැන වැඩි දෙනෙකුගේ කිසියම් තරහක් තිබෙන බව පේනවා. මොකද දන්නේ නැහැ. කෝපි බීම, රෝසමල් දීම, පොත් කියවීම, බාබකිව් දැමීම වැරදි වැඩ වෙන්නේ කොහොමද? ඇයි අපි හැම දේටම වයිර කරන්නේ?
තවමත් බොහෝ දෙනා දන්නේ නැහැ. ඇයි මේ අය දැනදැනම මේ වගේ අවදානම් තැනවලට යන්නේ කියාලා. හේතුව තමයි මේ බොහෝදෙනා යූටියුබ් චැනල් හදාගෙන ඒවාට මේ වගේ තැන්වල සිදුවන ත්‍රාසජනක අත්දැකීම් අඩංගු කරලා අන්තර්ජාලේ ප්‍රචාරය කරලා යම්කිසි ආදායමක් ලබාගැනීම. ඒ නිසා තමයි අලියා එනබව දැනදැනම ගිහින් ඉන්නේ... අනිත් අතට මෙතන වෙච්චි විපත අනික් යූ ටියුබ් චැනල් කාරයින් ඇවිල්ලා වටේ පිටේ ඉන්න මිනිස්සුන්ගෙන් වොයිස් කට් අරගෙන වීඩියෝ කරන් ගිහින් පෝලිමට අන්තර්ජාලයේ පල කරනවා නිකම් නෙමෙයි වෙළඳ දැන්වීම් තොගයක් එක්ක. ඕක වුණා මතකද අර කළුතර දැරියගේ විපතත් මේ දුෂ්ඨ යූ ටියුබ් කාරයෝ විවිධ කුතුහලය දනවන ශිර්ෂ පාඨ යොදමින් පළකරනවා. බැලුවාම ඒවායේ ඇති වැදගත් තොරතුරකුත් නැහැ. මිනිස්සු රවටලා වෙළඳ දැන්වීම් වලින් හම්බ කරනවා...
අපිට බනින, අයියලාට සහ අක්කලාට... අපිටත් හීනයක් තිබුණා ලොකු හෝටලයක එකට නිදියන්න... ඒත් අතේ ගුලිකරන හිටපු සල්ලි කොළ ටික ඇති උනේ... එළියේ හදපු පුංචි කූඩාරමක අපේ ආදරය අපිට කියාගන්න විතරයි කිසිදා කිසිදිනක වැරැද්දක් නොකළ නුඹලා ගැන සතුටුයි. අපි කරපු වැරැද්දට අපි වන්දි ගෙව්වා. මගේ මුළු ජීවිතෙන්ම.. දැන් නම් මට ටිකක් හීතලයි.. චුට්ටක් ඔය උණුහුම් පොරෝනය උඩට අරන් දෙනවාද?