
( පද්මසිරි ගාර්දියවසම් )
සිය හය හැවිරිදි දියණියට වැසිකිළි පිරිසිදු කාරක දියරයක් පෙවීමට තැත්කළ පියෙකු අත් අඩංගුවට ගත් බව හුංගම පොලිසිය පැවසීය .
විදේශගතවී සිටින සැකකරුගේ බිරිඳ මුදල් නොඑවීම නිසා කෝපයටපත් සැමියා බිරිය සහ පවුලේ අනික් අය බිය වැද්දවීමට මෙලෙස සිදු කර තිබේ.
සැකකරු හුංගම ,බටඅත ප්‍රදේශයේ පදිංචි කම්කරු වෙකු ලෙස රැකියාව කරන අයෙකි.
පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) ලැබුණු දුරකථන ඇමතුමක් අනුව සැකකරු අත් අඩංගුවට ගත් බවත් ඒ වනවිට සැකකරු අධික ලෙස බීමත්ව සිටි බවත් පොලිසිය පැවසීය .
හය හැවිරිදි දැරියට වැසිකිළි පිරිසිදු කාරක දියරය පෙවී ඇද්දැයි පරීක්ෂා කිරීම සදහා ඇය හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ .

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.