
(සිතුම් චතුරංග)
මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු අත්අඩංගුවටගත් බව සිලාවතුර පොලිසිය කියයි.
දැව ජාවාරමක් සම්බන්ධයෙන් මන්නාරම පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත ලැබුණ තොරතුරක් මත කජු වතුයායේ සිදුකළ වැටලීමකදී දැවකඳන් සමඟ වතු අධිකාරිවරයා අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කළේය.
වතු අධිකාරිවරයා සතුව ඉහල වටිනාකමින් යුත් ඉරණ ලද බුරුත, කලුවර , තේක්ක, පලු සහ වීර දැව කඳන් 1820 ප්‍රමාණයක් සොයාගත් බවත් පැවසීය.
මන්නාරම ප්‍රදේශයේ රක්ෂිත තුලින් ඉපැරණි ගස් කපා මෙම දැව ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවත් ගබඩාකර තිබූ දැවකඳන් වලට කිසිදු බලපත්‍රයක් හෝ නොතිබූ බව පොලිසිය පැවසීය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.