IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


දෝහා කටාර් වෙත ශ්‍රී ලන්කන් ගුවන් ගමන් දිගටම

මැදපෙරදිග පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අර්බුදය හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන්වලට කිසිදු බලපෑමක් නැතැයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය කියයි. එමෙන්ම මෙම තත්ත්වය සම්බන්ධයෙන් සමීපව අධීක්ෂණය කරන බවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කරයි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රකාශකයෙක් පැවසුවේ දෝහා කටාර් වෙත ගමන් ගන්නා සියලු ගුවන් වාර සුපුරුදු පරිදි  කෙරෙන බවයි.
“මෙම සිදුවීමෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් වාරවලට බලපෑමක් නැහැ.මැද පෙරදිග තත්ත්වය ගැන අප සොයාබලනවා.“ යයිද එම ප්‍රකාශකයා පැවසීය.

සෞදි අරාබිය, බහරේනය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් කටාර් රාජ්‍යය සමග පවතින සියලු සබඳතා සඳුදා (05) සිට අතහැර දැමුවේ ප්‍රදේශයේ ක්‍රියාත්මක ත්‍රස්තවාදී කණ්ඩායම්වලට කටාර් රාජ්‍යය සහයෝගය සපයන බවට චෝදනා කරමිනි. ඉන් පැය කිහිපියකට පසු එමිරේට්ස් , එටිහැඩ්, එයාර් අරාබියා, ෆ්ලයි ඩුබායි සහ ගල්ෆ් එයාර් යන ගුවන් සේවා කටාර් වෙත  කෙරෙන සියළු ගුවන් ගමන් අත්හිටවනු ලැබිණ.

මේ සමගම කටාර් ගුවන් සමාගම නිවේදනය කරනු ලැබුවේ තම ගුවන් සේවය විසින් සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව යන රටවල් වෙත ක්‍රියාත්මක සියලු ගුවන් ගමන් ද අත්හිටුවන බවයි.

 



අදහස් (3)

දෝහා කටාර් වෙත ශ්‍රී ලන්කන් ගුවන් ගමන් දිගටම

lalith Tuesday, 06 June 2017 04:58 PM

බය වෙන්න එපා ලෝකෙ තෙල්වල මිල පොඩ්ඩක් ඉහළ ගිය ගමන් වැඩේ අල්ලලා දානවා.

:       0       23

janahitha Friday, 09 June 2017 12:06 PM

දෝහා කටාරය ඉතා බුධිමත් නායකයින්ගෙන් සමන්විත ඉතා හොඳ රටකි.

:       0       5

roshan chaminda Saturday, 10 June 2017 06:06 AM

දෝහා කටාර් රජය දැන් සංවර්ධනය වෙමින් පවතී. කිසිවෙකුටවත් එය නවතා දැමිය නොහැක. ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සූදානම් වන මෙවැනි අවස්ථාවක... මෙවැනි සම්බාධක පනවා රට අගාධයකට පත් කිරීම සුදුසු තත්වයක් නොවේ. සියලු රටවල් එක්ව මෙය විසඳාගැනීමට සහය දැක්විය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17656 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site