IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුව පත් කරයි

 (සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )


පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන  ත්‍රිපුද්ගල කමිටුව  කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද  (23) පත් කරනු ලැබීය.

මෙම කමිටුවේ සභාපති ලෙස පත්කරනු ලැබ සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාය.

එහි සෙසු සාමාජිකයන් ලෙස අල්ලස් හෝ  දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති අභියාචනාධිකරණයේ හිටපු විනිසුරු නීල් ඉද්දවල  සහ  ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත්  ඒකනායක  යන මහත්වරු පත්කරනු ලැබ සිටිති.

මෙම කමිටුව අද හෙටම වැඩ අරඹනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම කමිටුවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති  නීල් ඉද්දවල  මහතා පත්කර ඇත්තේ අගමැතිවරියගේ සහ විපක්ෂ නායකවරයාගේ පූර්ණ එකඟත්වයෙනි.

මෙම කමිටුව හමුවට පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතාද ඉදිරියේදී  කැඳවෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට අදාල යෝජනාව පාර්ලිමේන්තුවේදී පසුගිය8 වැනිදා  වැඩි ඡන්දයෙන් සම්මතවිය.

මෙම ත්‍රිපුද්ගල කමිටුව සිය විමර්ශන කටයුතු අවසන් කිරීමෙන් පසු අවසන් වාර්තාව කතානායකවරයාට බාරදිය යුතුව ඇත. පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් නෙරපීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ ඉන් අනතුරුවය.



අදහස් (3)

දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුව පත් කරයි

The Three Idiots Wednesday, 23 April 2025 07:14 PM

දෙන්නෙක් නම් හොඳයි. අනික්කෙනා ... අනේ මන්ද කෙනෙක්.

:       0       0

අරවින්ද මොණරවිල Thursday, 24 April 2025 11:54 AM

දේශබන්දුගේ පැටිකිරියේ අලුතින් හොයන්න දෙයක් නැහැ. ඒක කොළයක ලියන්න යන වෙලාව විතරයි කොමිසමට අවශ්‍ය.

:       0       0

Kamal Koyrala Thursday, 24 April 2025 11:57 AM

රනිල්ගේ මාර්ගයම තමයි මොහුගේ පැටිකිරිය වේදිකාවල පට්ට ගහලා සහ සියල්ලෝම දන්න දේට කමිටු මොකටද? මේ වාර්තා එනවිට ආණ්ඩුව කල්පිරිලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31449 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13733 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11045 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 145 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1059 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 294 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site