IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


දරු දෙදෙනා මරා පියාත් දිවි නහගනියි

(පී.ශාන්ත බණ්ඩාර සහ බණ්ඩාර ජයරත්න)

අරනායක පොල්අඹේගොඩ ප්‍රදේශයේ තරුණ පියකු ගොඩිගමුව අම්බලමේ දී සිය දරු දෙදෙනා අමානුෂික ලෙස ඝාතනය කර ඔහුත් දිවි නසා ගෙන ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මරා දමා ඇත්තේ වයස අවුරුදු හයක සහ අවුරුදු නවයක දරුවන් දෙදෙනකු බව පොලිස් ආරංචි මාර්ග කියයි.

පවුල් ආරවුලක් මත මෙම ඝාතන සිදුව ඇතැයි පොලිසිය කියයි. මෙසේ මරා දමා ඇත්තේ ත්‍රිත්මි කරුණාරච්චි නව හැවිරිදි සහ දෙනුවන් කරුණාරච්චි හය හැවිරිදි වියේ පසුවන්නන් බවත් ඝාතනය කළ බවට සැකකර පියා තිස්තුන් හැවිරිදි වසන්ත කරුණාරච්චි යන අයගේ  සිරුර ගොඩිගමුව අම්බලමේ එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇත.

(ඡායාරූපය: සමන් විජය බණ්ඩාර)



අදහස් (15)

දරු දෙදෙනා මරා පියාත් දිවි නහගනියි

ravin Monday, 06 February 2023 09:00 AM

මත්ද්‍රව්‍ය හා සම්බන්දයක් තියනවද?

:       3       40

ජගත් ලියනගේ Monday, 06 February 2023 09:25 AM

මේක නං පුදුම තිරිසන් ලෝකයක්.

:       2       80

මොට්ටපාල Tuesday, 07 February 2023 06:01 AM

කාළකණ්නි දේශපාලුවන්ගෙ අනීතික කටයුතු නිසා සාරධර්ම පිරිහුණු සමාජයක නින්දිතම ක්‍රියාවක් කියන්න පුළුවන් මෙහෙම දේවල් සදහා අවුරුදු 75 ක් රට පාලනය කියමින් රටේ විනාශය ඇතිකල දේශපාලුවො සම්පූර්ණයෙන්ම වගකිවයුතුය ඒ අතරේ මෙහෙම දේවල් කරපු අයගේ රැකවරණය සදහා ඉදිරිපත් වන පිරිසත් යම් තරමකින් මෙහෙම දේවල් සිදුවීම් සම්බන්ධයෙන් වගකිවයුතුය කියලා හිතෙනවා

:       0       2

Ruwan R Monday, 06 February 2023 11:18 AM

ශ්‍රී ලංකා පොලිසිය, විනාඩි ගණනෙන් තීරණ දෙන්න කලින් මිනී මැරුම් දෙකක් ද තුනක් ද කියලා හොදට හොයල බැලුවොත් නරකද?

:       4       43

fairoos Monday, 06 February 2023 12:23 PM

හැමදාම මිනීමැරුම්, මංකොල්ලකෑම්... දැන්නම් ලංකාව හොඳටම පිරිහිලා...

:       2       45

චින්තක Monday, 06 February 2023 12:28 PM

මිනිස් ආත්මයක ඉපදුණත් නැවතත් තිරිසන් ලෝකයේ ඉපදීමට හේතු හදාගත් කාළකණ්නියෙක් කියන්න පුළුවන්. ඇත්තටම ඉතාමත් හුරුබුහුටි මෙම දරුවන් මරන්න තරමින් ඒ කාළකණ්නියා දරුණු වුනේ කොහොමද? දරුවන් දෙදෙනාට මතු සසර ගමනේ කිසිම විටෙක මෙවන් විපතක් නොවේවා... !!!

:       0       48

ලුම්බිණි Monday, 06 February 2023 12:42 PM

හරිම දුකයි. අසරණ ළමයි දෙන්නා. මෙච්චර දෙයක් කරන්න පුළුවන් තාත්තලා ඉන්නවාද?

:       0       45

මවුස් Monday, 06 February 2023 03:30 PM

හෙනම ගහන්න ඕනෑ ඕකාට ලබන ආත්මේත්...

:       1       16

ලක්වැසියෙක් Monday, 06 February 2023 04:08 PM

මිනිස්සු පුදුම විදියට මිනිස්කමෙන් බැහැර වැඩ කරනවා වැඩියි. මිනිස්සු දැන් දරුණුවෙලා. මනුස්සකම පිරිහෙනවා එන්න එන්නම. මේවාට ගොඩක් දුර‍ට මිනිස්සුන්ගේ නැතිබැරිකම් බලපානවා වෙන්න පුළුවන්. මිනිස්සු සල්ලි පස්සෙම දුවනවා මනුස්සකම අතහැරලා. ඉහළ ඉඳලාම වෙන්නේ ඒකයි. පව් අසරණ ළමයි. ළමයින්ගේ අම්මා නැද්ද? අම්මට මොන දුකද්ද...? දරුවනේ ඔබලාට මෙවැනි අකල් මරණයක් අත් නොවේවා නිවන් දක්නා තුරු...!

:       0       11

Eranga Monday, 06 February 2023 05:34 PM

තුර්කියේ භූමිකම්පාවක් වෙලා...

:       0       0

Rohana Monday, 06 February 2023 06:58 PM

අපායක් කියලා දෙයක් තියෙනවා නම් මෙයාට සදාකල් අපාදුක් විඳීමට සිදුවනු ඇත. අපරාදේ අහිංසක දරුවන් දෙන්නා...

:       0       9

sampath Monday, 06 February 2023 09:19 PM

මේවට අනවශ්‍ය ප්‍රසිද්ධියක් දෙන්න එපා .දෙනවානම් මේවා හෙලා දැකලා ඒක කරන්න ඕනේ .මෝඩ කමට මොනවා කරන්නද.අර අහිංසක නොදරුවෝ මැරුවේ මොන හිතකින්ද .මුර්ගයා උනත් තමන්ගේ පැටවුන්ට ආදරෙයි .ප්‍රශ්න ඕනේ තරම් ඇති .ඒත් ඒවාට ඔය වගේ විසඳුම් හොයන්න මිනිස්සු වෙලා උපදින්න ඕනේ

:       0       1

podi mole Monday, 06 February 2023 09:51 PM

එතකොට කෝ මේ දරුවන්ගේ අම්මා?

:       0       1

චින්තක Tuesday, 07 February 2023 06:04 AM

ආර්ය,නාග ,යක්ඛ ගෝත්‍ර තුනටම සම්බන්ධ ප්‍රදේශයක් නිසා අරනායක වුනා කියලා කියන්නෙ

:       0       1

බක්මී Tuesday, 07 February 2023 01:30 PM

අනේ මොන හිතකින් මේ වගේ අපරාධ කරනවද මිනිස්සු. තමන්ගේම දරුවෝ. පපුව පිච්චිලා ගියා. ඇයි මෙහෙම මිනිස්සු දරුණු වෙන්නේ. අම්මා කොහේද මේ දරුවන්ගේ.... ඔබලාට නිවන් සුව පතමු.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31354 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13570 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site