
(නිමන්ති රණසිංහ)
සිර දඩුවම් නියම වූ ශෂී විරවංශ මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගන යාමට පෙර සිය ස්වාමි පුරුෂයා වන විමල් වීරවංශ මහතාට සමුදුන් අයුරු
(ඡායාරූප: ගයාන් අමරසේකර)





(නිමන්ති රණසිංහ)
සිර දඩුවම් නියම වූ ශෂී විරවංශ මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගන යාමට පෙර සිය ස්වාමි පුරුෂයා වන විමල් වීරවංශ මහතාට සමුදුන් අයුරු
(ඡායාරූප: ගයාන් අමරසේකර)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන කලට වැරදි මිහිරිය මී සේ... කියන කලට බොරු මිහිරිය මී සේ... විදින කලට දුක් දැඩිවේ ගිනිසේ...
අවුරුදු 7ක් ඇදුණු නඩුවේ තීන්දු දීපු කාලේ හරි නේද? දැන් ඉතින් වෙන්නේ වීරවංශ ආයෙත් නඩුවට හේත්තු වෙනවා.. ශශී එළියට එනවා... එච්චරයි.
වැරැද්දේ ස්වභාවය හෝ ප්‍රමාණය කෙසේවෙතත් ඒ මනුස්සයාත් අම්මෙක්! මේ උසාවි තීන්දුවෙන් සතුටට පත් වන්නෝ ඒ ගැනත් සිතත්වා!
මෙයා තවදුරටත් ආණ්ඩුවේම හිටියා නම්...
තෝරු මෝරු නම් නිදොස් කොට නිදහස් වෙන තැනට වැඩ කටයුතු සිද්ධ වුණා. හාල් මැස්සියක් වගේ මේ කාන්තාව තමයි දැලට අහුවුණේ...!
මහබැංකු හොරාකාපු අය, කෝටි ගණන් බැංකුවලට පොලු තැබූ අය නිදහසේ සිටිද්දී මෙම කාන්තාව කළ වරද, සැමියා පවත්නා පොහොට්ටු-අලි ආණ්ඩුවට විරුද්ධ වීමද? ජෙප්පනි, අපට එය අදාළ නොමැත!
විමල්, ඔයාට හැමදාම හිතාගන්න තිබුණේ ජනතාව පැත්තේ. ඒත් ඔයා හිටගත්තේ වැරැදි පාලකයෝ එක්ක. එතැනදී ඔයත් වැරැදි කළා. ඔයා ජනතාව පැත්තේ හිටගත්තා නම් වැරැදි කරන්නේ නැහැ. දැන් ඒවට විඳවනවා. අපරාදේ.. බල්ලෝ එක්ක නිදාගත්තාම බලුමැක්කොත් එක්ක ඔයාට නැගිටින්න වෙන්නේ..
එතකොට වංශ මලයා. එයත් තරුණ වෙලා දෙවැනි පාස්පෝට් එකත් ගත්තා..
වෙන අය නම් බන්ධනාගාර බස් රථයට හෙවත් ‘‘කුකුළු කූඩුවට‘‘ නැංගවීමට පෙර දැතට ‘‘රිදී වළලු‘‘ හෙවත් මාංචු දමන පින්තූර අපි අනන්තවත් දැක තිබෙනවා. ඒවා ශශීට නොදැම්මේ මොකද?
මීට වඩා හොරකම්, වංචා, දූෂණ කරලා රටම විනාශ කරපු දූෂිත දේශපාලුවන්, මිනීමරුවන්, තව කොච්චර නිදහසේ නිදැල්ලේ ඉන්නවාද? ඒ අයටත් නීතිය ඉෂ්ඨ කරයිද?
කිරිබොන වයසේ දරුවන් ගැනද මේ කියන්නේ? මෙයාගේ දරුවන්ට වඩා පොඩි දරුවන් ඉන්න අම්මලාත් හිරබත් කන කාලේ, මේ ගැන කඳුළු හලන්න ඕනෑකමක් නැහැ.
මැක්ස් මහත්තයෝ, අම්මලා වූ පලියට දේශපාලන බලතල යොදාගෙන කරන වැරැදිවලට සමාවක් දෙන්න බැහැ නේද? ඇරත් මෙයා. එහෙම වුණොත් දරුවන්ට අයහපත් ආදර්ශයක්...
රාජපක්ෂලා දෙන්නෙකුගේ බිරින්දෑවරු දෙදෙනෙකුත් ඉන්නවා අත්අඩංගුවට අරන් හිර ගෙදරට දාන්න. හොර හැඳුනුම්පත් හදලා රටේ මුදල් වංදා කෙරුවට. නීතිය කාටත් පොදුයි. රටේ දේපළ, මුදල් ඔක්කොම හොරා කෑවා..
පින්තූර දැම්මා කියලා මිනිස්සුන්ට මෙයාලා ගැන අනුකම්පාවක් ජනිත වෙන්නේ නැහැ. මොකද මුන්නැහේලගේ පැටිකිරිය අපි හොඳට දන්නවා නොවැ.. බලය තිබුණු කාලේ හිටියේ කොහොමද? විමලසිරි ගම්ලත් උන්නැහේ එකපාරටම සකල සම්පතින් විරාජමාන වුනේ කොහොමද කියන එක පොඩි ළමයෙක් වුණත් දන්නා දෙයක්... ඉතින් ඒක හින්දා නීතිය ඉෂ්ට වුණා කියලම නෙමෙයි, එහෙම වෙන බවක් පෙනෙන්න තියන එක ගැනත් සතුටුයි.
දීට්ඨ ධම්ම වේදනීය කර්මය...!
වැරැද්දේ ස්වභාවය හෝ ප්‍රමාණය කෙසේවෙතත් ඒ මනුස්සයාත් අම්මෙක්...! අහාර පිණිස අඹ ගෙඩි 2ක් කැඩූ අම්මා සිරගත වූයේ නම්... දැනදැනම කුඨලේඛන සකස් කිරීමේ වරදට අම්මා කෙනෙකු නිසා නිදොස් කර නිදහස් කළ යුතුද ? පාස්පෝර්ට් නිකුත් කිරෙමට පෙර ශෂී වීරවංශ මීට පෙර ලබාගත් පාස්පෝර්ට් පිළිබඳව සොයාබැලීමක් නොකිරීම පිළිබඳව හෝ දේශපාලන බලය යොදා පාස්පෝට් ලබාගත්තේද කියා සොයාබැලිය යුතු කරුණකි...
කවුද මේ මුහුණ සම්පූර්ණයෙන්ම වහගෙන ඉන්නේ?
හොඳ නාට්‍යයක්...!
හොරාකාපු අය තවමත් එළියේ... සතුටු වෙන අය ඒ ගැනත් හිතන්න.
"දුක සැප දෙකම උරුමව ඇත්තේ අපට... අටලෝ දහම පොදුවෙයි එකලෙස සැමට... සැමියගේ මුහුණ සිඹ සමුගත් එම දුකට ... කාගේ වුවත් නෙතු අග තෙත්වෙයි එයට... "
ඔබ දරුවෙක් නම් දැනෙන වේදනාව අම්මා කෙනෙක් සිරගත වෙනකොට.. පුතෙක් අම්මගේ කකුල් දෙක අල්ලලා වඳිනවා කියන්නේ හොඳට හැදිච්ච ළමයි. මම මෙතැනදී දේශපාලකයින්ගේ බිරින්දෑවරු ගැන කතා කරන්නේ නැහැ.
ඔබේ අවුරුදු දෙක නිදහසේ අත්විඳින්න.
ලිපගිනි මොලවන තෙක් දිය සැලියේ.. සැපයක් යැයි කකුළුවා දියකෙළියේ.. බලේ තියෙන කාලේ කරන්න පුළුවන් හැම වැඩක්ම කරලා අහුවුණාම නිකන් හරියට කෝච්චියට අහුවුණු පුවක් ලෙල්ල වගේ.. ඔහොම තමයි මේ වගේ අනික් අයටත් නීතිය ක්‍රියාත්මක වුණා නම්...
රටේ, ජනතාවගේ බැංකුව හොරා කාපු අය ලොකු තැන්වල ඉන්නවා. පාස්පෝට් එකක් හොරට හදපුවාම හිරේට යනවා. මොකක් හරි අවුලක් නැද්ද? නීතිය හොඳටම කරන්නේ මෙහෙම වෙන්න ඇති. නමුත් නැවතිලා කල්පනා කළාම එක දෙයක් පැහැදිලියි.. සාමාන්‍ය ජනතාව අතරින් උඩට එන මිනිස්සුන්ට තවමත් කෙනෙහිලි, පරණ වලව් ප්‍රභූ සෙට් එකට තවමත් ගරු සැලකිලි...!
අනේ...පව්...!!!
ජනප්‍රිය පාසල්වල දෙමාපියන්ගේ විස්තර හෙව්වොත් ගොඩාක් අය හිරේ...!
රනිල් සහ ගෝඨා ඩීල් එකේ කොටසක්...!