IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


දරුවා අපයෝජනය කළ කොස්තාපල් පෙරෙට්ටුවේදී හඳුනාගනි

(උපාලි ආනන්ද)

වැලිඔය පොලිසියේ  අත්අඩංගුවේ සිටි  15 හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවෙකු වැලිඔය පොලිස් ස්ථානය තුළදීම  බරපතල ලෙස අපයෝජනය කිරීමේ සිද්ධිය සමිබන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින  පොලිස් කොස්තාපල්වරයා හඳුනා  ගැනීමට  අපයෝජනයට ලක් වූ දරුවා සමත් විය.


ඒ සැකකාර පොලිස් කොස්තාපල්වරයා හඳුනා ගැනීම  සඳහා කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් අධිකරණයේ අද  (14) පැවැති හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකදීය.


පසුව සැකකාර පොලිස් කොස්තාපල්වරයා  20 වන දින දක්වා තවදුරටත් රිමාන්ඞ් කරන ලෙස නියෝග කළ කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ   මහේස්ත‍්‍රාත්  මනෝජ් ප‍්‍රභාකරන් මහතා   මෙතෙක් කලක් පරිවාස බාරයට පත් කර සිටි අපයෝජනයට ලක් වූ බව කියන 15 හැවිරිදි පිරිමි  දරුවා ඉන් ඉවත්කර ඔහුගේ ලොකු අම්මට බාර දෙන ලෙසටද තවදුරටත්  නියෝග කළේය.


මෙලෙස තවදුරටත් රිමාන්ඩ් කරනු ලැබුයේ වැලිඔය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් (58918) අජිත් නැමැත්තෙකි.


15 හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවා අපයෝජනයට ලක්ව වූ බව කියන දින රාත‍්‍රියේ මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා වැලිඔය පොලිස් ස්ථානයේ  දුරකථන ක‍්‍රියාකරු ලෙස සේවය කර ඇති බව පදවිය සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අනාවරණ  විය.


වැලිඔය  පොලිසිය තුලදී අපයෝජනයට ලක්ව ඇති බව කියන 15 හැවිරිදි පිරිමි දරුවා පරිවාස බලධාරීන්ට  සහ අනුරාධපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනියට සිද්ධිය පිළිබඳව  මුල් ප‍්‍රකාශය ලබා දෙමින් පවසා ඇත්තේ තහඩු සොරකම් කිරීමේ චෝදනාවකට තමන් වැලිඔය පොලිසිය මගින් පසුගිය මැයි මස 8 දා අත් අඩංගුවට ගත් බවයි. 


එසේ අත් අඩංගුවට ගෙන පසු දින  (09)  පදවිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තුරු තමා වැලිඔය  පොලිසිය තුළ රඳවා තබා ගත් බවද ප‍්‍රකාශ කර ඇති අපයෝජනයට ලක් වූ දරුවා එදින රාත‍්‍රියේ  වැලිඔය පොලිසිය  තුල සිටියදි එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු විසින් තමන් බරපතල ලෙස අපයෝජනය කල බවද සදහන් කර ඇත. 


එලෙස තමන්ව අපයෝජනය කලේ වැලිඔය පොලිස් ස්ථානයේ එදින රාත‍්‍රියේ නිළ ඇදුමින් රාජකාරියේ යෙදී සිටි නිතර නිතර පොලිසියේ දුරකතනයට පිළිතුරු දෙමින් සිටි පොලිස් නිලධාරියා බවද දරුවා තවදුරටත් ප‍්‍රකාශ කොට තිබේ.


එසේ තමන් අපයෝජනය කලේ මෙම සිද්ධිය යමෙකුට කිව්වොත් වෙඩි තබා මරා දමන බවට තර්ජනය කරමින් බවද දරුවා තවදුරටත් විමර්ශන නිලධාරින්ට සහ පරිවාස නිලධාරීන්ට කියා තිබේ.

  
තහඩු සොරකම් කිරීමේ චෝදනාවකට වැලිඔය පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල දරුවා උතුරු මැද පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ ළමා රැඳවුම් නිවාසයට යොමු කර සිටිනුයේ  කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත්  මනෝජ් ප‍්‍රභාකරන් මහතා පසුගිය මැයි මස 9 දා පදවිය සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණයේදී ලබා දුන් නියෝගයකට අනුවය .


සිද්ධිය පිලිබදව දරුවාගෙන් දීර්ඝව ප‍්‍රකාශ සටහන් කරගෙන අනතුරුව  දරුවා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා  හමුවට ඉදිරිපත් කර ඇති අතර වෛද්‍ය පරික්ෂණයේදී අධිකරණ වෛද්‍යවරයා  සනාථ කර ඇත්තේ දරුවා බරපතල ලෙස අපයෝජනය කර ඇති බවයි. 



අදහස් (1)

දරුවා අපයෝජනය කළ කොස්තාපල් පෙරෙට්ටුවේදී හඳුනාගනි

rohana kumara mendis Thursday, 14 June 2018 12:25 PM

කෝ මේ බරටම ලියන රටට ආදරේ කරන රණ විරුවෝ ගැන ලියන අය සද්ද නැත්තේ ? දඩුවම් දෙන්න එපා නේද රට බේරා ගත්තු අය නේද කමක් නැ නේද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 189 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2071 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site