ඉතා දුර්ලභ වර්ගයේ මුහුදු බෙල්ලන්, ගල්මල් සහ පැරණි අන්තට්ටුවක් රැගෙන මෙරටින් පිටවීමට උත්සහ කළ චීන ජාතිකයෙක් සහ ඇමරිකානු ජාතිකයින් දෙදෙනෙකු රේගු ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් විසින් අද අළුයම කටුනායකදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කියයි.
අත්අඩංගුවට ගත් මුහුදු ඛෙල්ලන් ප්‍රමාණය හාරසිය පනහකි. අන් තට්ටුව වසර සියයකට වඩා පැරණි බව රේගුව කියයි.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ සහකාර රේගු අධිකාරී අසංක ප්‍රියදර්ශන මහතා විසින් මොවුහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවෝ ශ්‍රී ලංකාව වටා ඇවිදිමින් මෙම භාණ්ඩ මිල දී ගෙන ඇති බව රේගුව කියයි.
චීන ජාතියා චීනයේ ෂැංහායි නුවර බලා යාමටත් ඇමරිකානුවන් දෙදෙනා ප්‍රංශය බලා යාමටත් කටුනායකට පැමිණ ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී. විජේවීර මහතාගේ උපදෙස් පිට රේගු ජෛව විවිධත්ව සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර, ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් සහ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක අතුල ලංකාදේව යන මහත්වරුන්ගේ අධීක්ෂනය යටතේ සහකාර රේගු අධිකාරි අසංක ප්‍රියදර්ශන මහතා විසින් සිදුකරනු ලැබීය.
මේ පිළිබද රේගු පරික්ෂනය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඒ. ලංකාදේව මහතා විසින් භාන්ඩ සියල්ලම රාජසන්තක කළ අතර සැකකරුවන් තිදෙනාට තරයේ අවවාද කොට ඔවුන් මුදා හැරියේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
දුර්ලභ මුහුදු බෙල්ලන්, ගල්මලූයි අං තට්ටුවයි රේගුවේ හිරවේ
ප්‍රවීන් Thursday, 07 March 2013 10:56 PM
ළගදි මමත් සුදු ජාතික කාන්තාවකට සිප්පි කටු අහුලලා දුන්නා. එයාවත් අහුවුණාද දන්නෙ නැහැ. පවු අනේ එයා. (නි)
සෙනරත් Friday, 08 March 2013 04:31 AM
මැරුණු බෙල්ලන් මුහුදේ ඕනෑතරම් ඉන්නවනේ. (නි)
පිටිගල Thursday, 07 March 2013 04:32 PM
අං තට්ටුව දඩුවමක් විදියට ඔලුවේ සවි කරන්නයි තිබුණේ. (නි)
අචිනි Thursday, 07 March 2013 04:41 PM
මේවා පුදුම වෙන්න කාරනා නෙමෙයි..!(නු)
සරසි Friday, 08 March 2013 08:43 AM
ලංකාවේ තියෙන වටිනා දේවල් මොකටද නැති කර ගන්නේ (දී)
හිල්මි Thursday, 07 March 2013 06:16 PM
අපිව මෙහෙම අහුවුණා නම්? (නි)
අජිත් කරුණාරත්න Thursday, 07 March 2013 06:47 PM
රේගුවට යනකල්ම නිරුපද්‍රිතව ගියා එහෙනම්? (නි)
නාලක Thursday, 07 March 2013 11:49 AM
මුලින් විදේශිකයන්ට මේ වගේ ඒවා හොඳ ගණනකට විකුණලා පස්සේ රේගුවට ඔත්තුවක් දුන්නා නම් හරි. නියම බිස්නස් එක (නි)
සිලානි Thursday, 07 March 2013 11:46 AM
අපට එරෙහිව බටහිර අදිරජ්‍යවදී සතුරන් සහ කොමියුනිස්ට් වාදී මිතුරන් එක්වූ දුර්ලබ අවස්ථාවක්......(ස)
වරුණ Thursday, 07 March 2013 11:47 AM
එහෙනම් කියමු බලන්න මේ අං තට්ටුවේ සැබෑ අයිතිකාරයා කවුද කියලා (ස)
ෆෙඩී Thursday, 07 March 2013 07:06 PM
මේ අයට මේවා විකුණලා මුදල් ගත් කට්ටියටත් දඩුවම් කරන්න ඕනෑ නේද? (නි)
හේරත් Thursday, 07 March 2013 12:02 PM
මට තියෙන ප්‍රශ්නේ ඇයි මෙහෙම නිදහස් කළේ කියන එකයි. (නි)
ලාල් Thursday, 07 March 2013 08:34 PM
නාලක කියපු දේ මමත් අනුමත කරනවා. (නි)