IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දැරිය කෙළෙසීම

අපොස උසස්පෙළ විභාගය හා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පැවැති මාතර තෙලිජ්ජවිල රාජකීය විදුහල් මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ලකදී දස හැවිරිදි දැරියක කෙළෙසීම හා ඊට ආධාර හා අනුබල දුන්නැයි සැකපිට අත් අඩංගුවට ගත් පස් දෙනෙක් මාතර අතිරේක මහේස්ත‍්‍රාත් දුලානි අමරසිංහ මෙනෙවිය විසින් ලබන 14 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබූහ. සිවුදෙනෙක් රුපියල් ලක්‍ෂය බැගින් වූ ඇපමත මුදාහරිනු ලැබූහ. සැකකරුවන් නව දෙනාගෙන් පස් දෙනකු මත්පැන් බී සිටි බව අකුරැස්ස රෝහලේ වෛද්‍ය සී.වී.පී. සුනිල් මහතා වාර්තාවක් ඉදිරිපත් කැර ඇතැයි පොලිසිය මහේස්ත‍්‍රාත්වරියට දැනුම් දුන්නාය. දෙනිපිටිය, උඩුකාවේ කිරිත්ගොඩ ගමගේ බුද්ධික නුවන් කුමාර (30) නම් හිටපු ගුවන් භටයාද, දෙනිපිටිය කට්ටිය දුවේ බන්දුල හේවා පතිරණ නම් විභාග ශාලාධිපතිද, දෙනිපිටියේ බෝපිටිය මහ ගමගේ ඉන්දික සුරංග නම් මුරකරුද හල්ලල වැලිපිටියේ සරත් හේවාපතිරණ (17403) නම් අකුරැස්ස පොලිසියේ සැරයන්ද, තෙලිජ්ජවිල අකුරුගොඩ, පදිංචි කිරිත්ගොඩගමගේ ප‍්‍රදීප් කුමාර (56075) කොස්තාපල්ද (ගුවන් භටයාගේ සොහොයුරෙකි) රිමාන්ඞ් බාරයට පත් කළ අයවෙති. තෙලිජ්ජවිල කිරිමැටිමුල්ලේ පදිංචි දීයගහ වඩුගේ ධර්මතිලක (කනහලාගම විදුහල්ති හා විභාග සම්බන්ධීකරණ නිලධරයාද) පාලටුව දඹකොලේවත්තේ රංජන කුමාර වෙත්තසිංහ. (විභාග ශාලාධිපති) වියන්ගොඩ ආචාරිගේ චන්ද්‍රසිරි (විභාග ශාලාධිපති) හා කිරිමැටිමුල්ලේ පදිංචි චන්ද්‍රසිරි ජාතුංග දහනායක නම් මුරකරුද රුපියල් ලක්‍ෂය බැගින් වූ ඇප මත මුදා හළ අයවෙති. මේ සිවුදෙනා මත්පැන් බී නොසිටි බව වෛද්‍ය වාර්තාවේ සඳහන්වේ. අකුරැස්ස පොලිස් පරීක්‍ෂක මහීපාල පතිරණ මහතා විසින් සැකකරුවෝ මහේස්ත‍්‍රාත් නිල නිවසට ඉදිරිපත් කරනු ලැබූහ.



අදහස් (0)

දැරිය කෙළෙසීම

gaminipeiris Thursday, 08 September 2011 09:50 AM

ස්ත්‍රී දුෂණය සහ කුඩා ගැහැණු / පිරිමි දරුවන් දුෂණය සම්බන්දව නීති ප්‍රතිසංස්කරණය කළ යුතුවේ .

:       0       0

v. samarasinghw Thursday, 08 September 2011 10:44 AM

ගරු ජනාධිපතිතුමනි, කිසි දිනක පාසලකදී මෙවැන්නක් සිදු වෙයි කියා මවි කෙනෙකු සිතන්නේ නැත. වැඩි ආරක්ෂාව සඳහා පාසල පිරිසිදු කිරීමට දරුවන් පවා රැගෙන එන්න ඇත්තේ. මමත් අම්මා කෙනෙකි. ඔබද පියෙකි. දෙන්න දැඩි දඩුවමක් ප්‍රසිද්ධියේ ලිහිල් කරනු එපා දඩුයම කවමදාවත්. ඒ දරුවාට හොඳ අනාගතයක් සඳහා ස‍හයෝගය ලබා දෙන්න. සාසල් පිරිසිදු කිරීම සඳහා රජයෙන් මුදල් ගෙවා කම්කරුවන් යොදවන්නේ නම් මැනවි.

:       0       0

සුනිල් Friday, 09 September 2011 06:50 PM

මෙය ආදර්ශයට ගෙන නීති වෙනස් කර ඉතා ඉක්මනින්ම උපරීම දඩුවම් දිය යුතුයි.

:       0       0

සමන් Monday, 05 September 2011 08:43 AM

ගල් ගසා ප්‍රසිද්ධියේ මැරිය යුතුයි

:       0       0

ධර්මපාල හිමි Monday, 05 September 2011 08:46 AM

ඉතාම නින්දිත ක්‍රියාවක් දියහැකි උපරිම දඩුවම් දෙන්න

:       0       0

රත්නායක Saturday, 10 September 2011 10:16 AM

ලෝක විනාශය ළග එනවා වගේ

:       0       0

ගයාන් ප්‍රසන්ත Monday, 05 September 2011 09:36 AM

මේ වගේ අයට හෙන ගහන්න ඕනේ සක්කිලි හැත්ත

:       0       0

ossan Salam - Doha Saturday, 10 September 2011 03:20 PM

මෙවැනි අපරාධවලට උපරිම දඬුවම් දිය යුතුයි.

:       0       0

යොහාන් කොඩිකාර Monday, 05 September 2011 09:37 AM

දුක දැනෙන මරණයක් හිමිවිය යුතුයි

:       0       0

හිමාලි මහේෂිකා අමරසිංහ Monday, 05 September 2011 09:39 AM

මේ වගේ වැඩට රූපවාහිනී මාධය වගකිය යතුයි පෞද්ගලික මාධ්‍යවල පෙන්වන කසිකබල් නාට්‍ය මේ අසික්කිතකම්වලට අනුබල දීමක්

:       0       0

දිනුක Monday, 05 September 2011 10:31 AM

මාතර පැත්තෙත් අමනුශ්‍යන් ඉන්න බව පේනවා

:       0       0

සජිත් Monday, 05 September 2011 10:40 AM

ඔහුට කළයුතු දේ සභ්‍ය භාෂාවෙන් කියන්න බෑ රටේ වැඩි හරියක් ඉන්නේ ඔය වගේ වනචර හැත්ත

:       0       0

රුවන්වැල්ලේ Monday, 05 September 2011 10:47 AM

@හිමාලි මහේෂිකා අමරසිංහ.......අනේ නෝනෙ... එක්තරා කාළකන්නි චැනලයක් තියෙනව. රාත්‍රී 7.30 ඉදන් 9.30 වෙනකම් පෙන්වන්නෙත් කසිකබල් ඒව තමයි. ඔය නෝන ඒව බලන නිසා එයට බනින්නෙ නැහැ නේද?

:       0       0

අනදරේ Monday, 05 September 2011 01:54 PM

මරණ ඳඬුවම ක්‍රියාත්මක කළයුතු කාලය එළැඹ තිබෙනවා .. එය යහපත් සමාජයක් ගොඩ නැගිමට තිබිය යුතුම දෙයක් සමාව දිය යුතු සහ නොදිය යුතු වශයෙන් ලෙස වැරදි වර්ග කළ යුතුයි

:       0       0

සරත් Monday, 05 September 2011 02:17 PM

දිය හැකි උපරිම ඳඬුවම දෙන්න

:       0       0

ජගත් වීරමන් Monday, 05 September 2011 02:28 PM

හෙණ ගහන අපරාධයක් පුංචි එකීගේ ජීවිතයම කාළකන්නි කළා. මේ කාලකන්නියාට මොන ඳඬුවම දුන්නත් මදී

:       0       0

අරුණි Monday, 05 September 2011 02:29 PM

මේ වගේ නින්දිත වැඩ කරන තිරිසන් මිනිසුන් සමාජයෙන් සදහටම තුරන් කළ යුතුයි

:       0       0

මල්ලී Monday, 05 September 2011 02:44 PM

මේ වගේ අයට අරාබියේ වගේ ඳඬුවම් දෙන්න ඕනෑ ජනාධිපතිතුමනි මෙය ඔබගේ නෙත ගැටේවා. මෙවුනට රජ කාළේ ඳඬුවම් දෙන්න ඕනෑ

:       0       0

අමල් Tuesday, 06 September 2011 06:58 AM

මේ වාගේ තිරිසනුන්ට ප්‍රසිද්ධියේ ඳඬුවම් කළ යුතුයි

:       0       0

ALEX KENNEDY Tuesday, 06 September 2011 07:18 AM

මව් පියන් තම දරුවන් රැක ගතයුතුයි කිසිවෙකු විශ්වාස කරන්න එපා

:       0       0

ශාන්ත කුමාර Tuesday, 06 September 2011 07:18 AM

මේ වගේ වැඩට රූපවාහිනී මාධය වගකිය යතුයි පෞද්ගලික මාධ්‍යවල පෙන්වන කසිකබල් නාට්‍ය මේ අසික්කිතකම්වලට අනුබල දීමක් පුංචි ජීවිතයම කාළකන්නි කළ මේ වගේ අයට ප්‍රසිද්ධියේ අච්චු දිය යුතුයි

:       0       0

අයියා Tuesday, 06 September 2011 09:17 AM

ජනාධිපතිතුමනි මෙය ඔබගේ නෙත ගැටේවා!!!!!!!!!! මරණ ඳඬුවම ක්‍රියාත්මක කළයුතු කාලය එළැඹ තිබෙනවා මේ වගේ නින්දිත වැඩ කරන තිරිසන් මිනිසුන් සමාජයෙන් සදහටම තුරන් කළ යුතුයි

:       0       0

කුමාර Tuesday, 06 September 2011 09:55 AM

ජනාධිපතිතුමනි මේ අමනුස්සයාට නිසි දඬුවම් දෙන්න

:       0       0

kanishka karunanayaka Tuesday, 06 September 2011 10:01 AM

හෙණ ගහන අපරාධයක් පුංචි එකීගේ ජීවිතයම කාළකන්නි කළා. මේ කාලකන්නියාට මොන ඳඬුවම දුන්නත් මදී

:       0       0

ගයා Tuesday, 06 September 2011 10:12 AM

මේ වගේ අයට අරාබියේ දඬවම්දිය යුතුය

:       0       0

ජේ. පෙරේරා Tuesday, 06 September 2011 10:15 AM

දස හැවිරිදි දරුවා බබෙක්. කෝ විනය. වගකිව යුත්තනට අත් සෝදා ගන්න ඉඩ දෙන්න එපා. මත්පැන් සබන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ගයක් ගැනීමට.

:       0       0

රාජේන්ද්‍ර Tuesday, 06 September 2011 11:20 AM

මතට තිතට මොකද උ‍නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site