(කාංචන කුමාර ආරියදාස)
පාසල් දැරියක් අපයෝජනයට ලක් කළ බවට සැකපිට ලග්ගල ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයකු සුඛෝපභෝගී මෝටර් රථයක් සමඟ අද ( 29) සැකපිට අත් අඩංගුවට ගත් බව ලග්ගල පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් උපකාරක ගුරුවරයා මාතලේ නකල්ස් පරිසර පද්ධතියට දැරියන් රැගෙන ගොස් සිය වාහනය තුළ දී අපයෝජනයට ලක් කර ඇති බවට තොරතුරු රැසක් අනාවරය වී ඇතැයි ලග්ගල පොලීසිය පවසයි.
මීට දින කිහිපයකට පෙර උපකාරක පන්තියේ දැරියකගේ පියෙකු විසින් මෙම උපකාරක ගුරුවරයාට පහර දුන් බවට පැමිණිල්ලක්ද ලැබී ඇතැයි පොලිසිය කියයි.
පැමිණිල්ලෙන් අනතුරුව එම දැරිය කැඳවා දැරියගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී සිදුවී ඇති බොහෝ දේ හෙළිදරව් වීඇති අතර , ලග්ගල ,බකමූණ, නාවුල ප්‍රදේශ වල ඉතා ප්‍රසිද්ධියක් උසුලන මෙම උපකාරක පන්ති ගුරුවරයා තම උපකාරක පංතියට පැමිණෙන සිසු සිසුවියන් අතර ප්‍රේම සම්බන්ධතා ගොඩනැගීම සඳහා අවස්ථාව සලසා දීම මෙන්ම ගුරුවරයාද දැරියන් අපයෝජනය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් ගුරු වෘත්තියේ ගරුත්වයත් කෙළසෙනවා.
උපරිම දඩුවම් ලබාදෙන්න
මේ අයගේ රැකියාවත් අහෝසි කරවන්න.
දරුවන් කියලා හිතෙන්නේ නැද්ද මූට...
තියන්න වටින්නේ නැහැ..
ගුරු නෙවෙයි, ගුරු ප්‍රතිරූපයක් වෙන්න ඕනෑ...
ප්‍රයිවට් ක්ලාස් ගුරුවරුන්ට ලයිසන් එකක් තිබිය යුතුයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලින් අපි හිතුව මේ ටියුෂන් මාෆියාව පාලනයට යමක් කරයි කියල .
මොහුට දඬුවමක් ලෙස තහඩුවලින් හදපු යට ඇඳුමක් අඳලා ඉබ්බෙක් දාලා, යතුර පොලීසියට භාර දීලා තමයි ටියුෂන් පන්තිවලට යවන්න වෙන්නේ.. ඉගෙනීමේ කටයුතුත් සිදු වෙයි, දරුවන්ගේ කන්‍යාභාවයත් රැකෙයි . පන්තිය ඉවර උනාට පස්සේ පොලීසියෙන් යතුර ඉල්ලගෙන ඉබ්බා ගලවන්න තියෙන්නේ.