
(දසුන් රාජපක්ෂ)
දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට අපහාස කළ බව කියන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනෙකුට එම කොමිසම හමුවේ හෙට (9) පෙනී සිටින ලෙස කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද (8) සිතාසි නිකුත් කළේය.
එලෙස සිතාසි නිකුත් කෙරුනේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු, නලින් බණ්ඩාර, ජේ.සී. අලවතුර, මයන්ත දිසානායක සහ සුජිත් සංජය යන මහත්වරුන් වෙතය.
මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනා ඉකුත් 6 වැනිදා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වා ජනාධිපති කොමිසම රජයේ මුදල් අවභාවිතා කරමින් රටේ නීතිය අභිබවා යමින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට තර්ජනයක් වන ලෙස කටයුතු කරන බව සඳහන් කර තිබුණි.
එම ප්‍රකාශ මගින් දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභා පනතේ 10 වැනි වගන්තිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) යන වගන්තිය උල්ලංඝනය කරමින් මෙම මන්ත්‍රීවරුන් ජනාධිපති කොමිසමට අපහාස කර ඇති නිසා අභියාචනාධිකරණය හමුවේ ඔවුන්ට එරෙහිව නඩු පවරන බව මෙම සිතාසි මගින් දැනුම් දී තිබේ.
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දුරකතනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 5 කට දේශපාලන පලිගැනීම් කොමිසමේ පෙනී සිටින්නැයි සිතාසි
සමිත සේනක අලුත්ගමගේ. Monday, 09 November 2020 02:10 AM
සිතීමේ නිදහස හා හෘද සාක්ෂිය අනුව රටක පවතින ප්‍රජාතන්ත්‍රවාදී නීති පද්ධතිය අනුව පත්වන අධිකරණ කොමිෂන් සභාවක් යටතේ පාලනය වන විනිසුරුවරයෙකු නොවන අයෙකු දෙනු ලබන තීන්දු වලට වඩා පිළිගත් අධිකරණ ක්‍රියාමාර්ග අවශ්‍ය යුගයක, ඊට ඉහළින් නීතිය තම තමන්ට අවශ්‍ය පරිදි ක්‍රියාවට නංවන්නට වෙරදරණා බලවේගයන් ගැන නීති ක්ෂේත්‍රයේ අය නිසි ක්‍රියාමාර්ග නොගෙන මුනිවත රකින්නේ මන්ද? අහෝ.. ඛේදයකි...