
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමග ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තු සභාගර්භයේදී ඉකුත් මැයි මස 20 වැනිදා හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබ ඇත.
නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්වරු කටයුතු කරති.
මෙම කමිටුව පත් කර ඇති බව කතානායකවරයා පාර්ලිමේන්තුවටද ඊයේ දැනුම් දුන්නේය.
දයාසිරි ජයසේකර මහතා පසුගිය විස්ස වැනිදා සභාගර්භයේදී රීති ප්‍රශ්න මතු කරමින් දිගින් දිගටම කරුණු දැක්වීම සහ ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීනි ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මියට දොස් නැගීම සම්බන්ධයෙන් සභානායක බිමල් රත්නායක මහතා ජයසේකර මහතාට ඒ අවස්ථාවේදී දොස් පැවරීය.
අලුත් මන්ත්‍රීවරුන් හෑල්ලුවට ලක් කරන්න එපා යයිද බිමල් රත්නායක මහතා එහිදී පැවසිය.
2025 නොවැම්බර් මස 04
656
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2329
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දයාසිරිගේ හැසිරීම හොයන්න කමිටුවක්
මැක්ස් Friday, 23 May 2025 11:07 AM
ඇත්ත වශයෙන්ම කමිටු පත් කළ යුත්තේ සබානායක බිමල් රත්නායකගේ හැසිරීම සම්බන්ධව පරීක්‍ෂා කිරීමට ය. ඔහුගේ පාර්ලිමේන්තු හැසිරීම ඉතාම අශෝභනය, ප්‍රජාතන්ත්‍රවාදයට ද නොගැලපේ.
rohank Friday, 23 May 2025 11:09 AM
ඇලෝසියස් සහ ජනාධිපති අරමුදල් සල්ලි දීලා කතා කෙරුවා නම් වැදගත්.
prasanna Friday, 23 May 2025 11:14 AM
දැන් පාර්ලිමේන්තුව ගමේ ඉස්කෝලෙ වගේ. දඬුවම් කරන්න යන්නේ.
රුවන් Friday, 23 May 2025 01:19 PM
සනත් නිශාන්ත හිටියා නම් පාර්ලිමන්ට් ජොක්ස් කතා ටිකක් අහන්න තිබ්බා දැන් එහෙම අය ඉන්නේ පොඩි ගාණක්, චාමර සම්පත් හිරේ යන හින්දා විහිළු කතා අහන්න බැරි වෙයි.
අරවින්ද මොණරවිල Friday, 23 May 2025 01:34 PM
හොයන්න දෙයක් නැහැ, රිලා සිරි කියලා නම වැටුනේ නිකම්ම නොවෙයිනේ, ශ්‍රම දානයක් දාලා සුද්ද කෙරුවත් සමහර තැන්වල බලු වසුරු ඉතුරු වෙලා......
P.D goonawardene Friday, 23 May 2025 02:28 PM
හොයන්න දෙයක් නැ. බින්දුවයි.
Koralage Friday, 23 May 2025 03:03 PM
වෛද්‍ය වියදම් සඳහා අරමුදල් සැපයිය නොහැකි පුද්ගලයින් සඳහා දයාසිරි ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගෙන ඇත. ඔහු විශාල ධනයක් රැස්කරගෙන ඇති වංචනිකයෙකි. ශ්‍රී ලංකාවේ දුප්පත් පුරවැසියන් සඳහා වන මුදල් කොල්ලකෑමට ඔහුට අයිතියක් නැත. ඒ නිසා මොහු මහා පරිමාණ වංචනිකයෙකි. වහාම ඒ මුදල් මොහුගෙන් නැවත අය කර ගන්න...
Nishan Friday, 23 May 2025 04:53 PM
පාර්ලිමේන්තුවේත් කතා කිරීමේ අයිතිය නැති කරන්නයි හදන්නේ...
Gihan Friday, 23 May 2025 11:46 PM
කට වහගෙන ඉන්න කියලනේ කියන්නේ. විරුද්ධ වුණොත් ඉවරයි.