IMG-LOGO

දඹුලු මකුණු බෙහෙතට ලක්ෂ හතර හමාරයි

දඹුල්ල රෝහලේ පැතිර ඇති මකුණු උවදුර මර්දනය කරන ආකාරය නිරීක්ෂණය සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය එහි ගියාය.

මාධ්‍ය මගින් රෝහලේ තත්ත්වය දැක ඇය එහි පැමිණි බව කීවාය. මකුණු මර්දනය සාර්ථක බව කී ආණ්ඩුකාරවරිය දියුණු තාක්ෂණය යොදාගෙන ජීවානුහරණය කරන ලද දුමක් මගින් රෝහලේ මකුණන් මර්දනය කරන බව කීවාය.

මකුණන් මර්දනය සඳහා රුපියල් හාර ලක්ෂ තිස් දෙදහසක මුදලක් වැය වන බව රෝහලේ අධ්‍යක්ෂකවරයකු කීවේය. දඹුල්ල රෝහලේ ප්‍රසූත වාට්ටුවේ මව්වරුන් හා අලුත උපන් දරුවන්ට ඉඩ කඩ අවමවීම ඇතුළු අපහසුතා රැසක් විඳීමට සිදුවන බව මාධ්‍යවේදීහු ආණ්ඩුකාරවරියට පෙන්වා දුන්හ. ඒ පිළිබඳ සෞඛ්‍ය ඇමැතිවරයාගේ අවධානය යොමු කරවන බව ඇය කීවාය.



අදහස් (0)

දඹුලු මකුණු බෙහෙතට ලක්ෂ හතර හමාරයි

උපාලි Tuesday, 10 May 2016 06:22 AM

තියෙන ලොකුම දුර්වලකම තමයි ප්‍රශ්නය උග්‍ර වෙනතුරු කවුරුත් මොකුත් නොකරන එක. මාධ්‍ය මගින් හෝ වෙනත් ආකාරයකින් පෙන්වා දෙන තුරු මේ ආයතන බාර උදවිය මොකුත්ම කරන්නේ නැත්තේ ඇයි? (ර)

:       0       0

ඇසළ Tuesday, 10 May 2016 01:20 PM

උපාලි දන්නේ නැද්ද රෝහල් අධ්‍යක්ෂක තුමා මේකට ෆයිල් එකක් පවත් වගේන යනවා ඒ කලේ ඉදන්ම. උග්‍ර වෙන එක ෆයිල් එකේ වරදක් නෙමෙයි. බොරු නම් අහල බලන්න. (බ)

:       0       0

කුමාර් මෙන්ඩිස් Tuesday, 10 May 2016 02:23 PM

හැම ඉස්පිරිතාලේකම දොස්තරවරු නෑ. වැඩ කරන අය නැ. හැමෝම පිට වැඩ .ඉස්පිරිතාලේ පඩිය ගන්නවා විතරයි. ලෙඩ්ඩු අසරණයි .පෝලිම් ගණන් ලෙඩ්ඩු එයාල සැප ගන්නවා (බ)

:       0       0

සන්ධ්‍යා Tuesday, 10 May 2016 07:03 AM

අගය කල යුතු හොද වැඩක්. (ර)

:       0       0

හිමාල් Tuesday, 10 May 2016 07:09 AM

මෙතන වෙන්නේ රසායනික ක්‍රියාවලියක්. රෝහලක් නිසා ගොඩක් පරෙස්සමින් කරන්න වෙනවා. ඉතින් මේ වගේ ගාණක් යන එක පුදුමයක් නෙවෙයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 608 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 337 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site