IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


දුම්රිය වර්ජනය අවසන්

(යොහාන් භාසුර)

දුම්රිය වෘත්තීය සමිති කීපයක් ක්‍රියාත්මක වැඩවර්ජනය අත්හිටුවූ බව වෘත්තීය සමිති නියෝජිතයෝ අද (6) පස්වරුවේ පැවසූහ.

දුම්රිය නියාමකයන්, දුම්රිය ධාවනාගාර සේවකයන් සහ එන්ජින් රියදුරන්ගෙන් කොටසක් සේවයට පැමිණීම සඳහා ඉන්ධන ඉල්ලා දින දෙකක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළේය.

ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇතුළු ප්‍රවාහන සහ දුම්රිය බලධාරීන් සහ දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් අතර අද පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන්ට ඉන්ධන ලබාදීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා පොරොන්දු වූ බවත් ඒ අනුව පවතින තත්වය පිළිබඳ අවධානය යොමුකර උපරිම අයුරින් සේවය සැපයන බවට වෘත්තීය සමිති ප්‍රකාශ කළ බවත් දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයෝ කීහ.

ඒ අනුව දුම්රිය ධාවනය හෙට (7) සිට සමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බව ද වෘත්තීය සමිති නියෝජිතයෝ සඳහන් කළහ.



අදහස් (0)

දුම්රිය වර්ජනය අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site