IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දුම්රිය මාරු කළැයි මගීහු විරෝධයේ

(සුරංග රාජනායක)

මහනුවර - කොළඹ පැරණිතම ශීඝ්‍රගාමී නගරාන්තර දුම්රියට යොදවා තිබූ පහසුකම් සහිත දුම්රිය ඉවත්කර අඩු පහසුකම් සහිත හා මන්දගාමී  දුම්රියක් යෙදවීමෙන් නියමිත වෙලාවට සේවා සඳහා යාමට නොහැකි බව පවසා ඊට විරෝධය දක්වමින් දුම්රිය මගීහු පිරිසක් දුම්රිය තුළම  විරෝධතාවක් පැවැත්වූහ.

මෙම දුම්රිය දිනපතා උදෑසන 6.15 මහනුවරින් කොළඹ බලා ධාවනය වන අතර යළි කොළඹ සිට මහනුවර බලා සවස 3.35 ගමන් අරඹයි.

මේ සඳහා යොදවා තිබූ පහසුකම් සහිත එස් 14 දුම්රිය වෙනත් මාර්ගයකට යොදවා පහසුකම් අඩු S 12 දුම්රිය මෙම දුම්රිය ගමන සඳහා යෙදවීම ගැටලුවක් බව විරෝධතාවයේ නිරත වූ මගීහු පැවසූහ.

පෙර පැවැති දුම්රිය නියමිත වෙලාවට කොළඹට ළඟා වුවත් පහසුකම් අඩු මෙම දුම්රිය  කොළඹට ළගාවීමේ දී පැයකට වඩා පමාවන බව විරෝධතාවට එක් වූවෝ පැවසූහ.



අදහස් (6)

දුම්රිය මාරු කළැයි මගීහු විරෝධයේ

ගුණරත්න Sunday, 09 March 2025 05:50 PM

මම ආසයි දැනගන්න පහසුකම් සහිත දුම්රිය දැම්මේ මොන පාරටද කියලා, තඹුත්තේගම පැත්තේ යන පාරටද?

:       23       67

Pranandu Sunday, 09 March 2025 06:07 PM

මේක සම්පූර්ණ ඇත්ත නිල් පාට පරණ කෝච්චිය AC මැදිරි වල සීට් හරිම පහතයි, සීට් බැහැල, කොච්චිය ඇගම හෙල්ලෙනෙවා අද්දනකොට, පහසුකම් හරිම අදුයි. ලැජ්ජයි නුවර යන කෝච්චිය ට කරපු දේ. ආණ්ඩුව ට නරක නාමය එන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ කරන ගොන් වැඩවලට

:       12       24

Samantha Bandara Sunday, 09 March 2025 10:50 PM

ඒ කියන්නේ මේ දාපු දුම්රිය එකත් වෙන කොහේ හරි ගමන් කළ එකක් ඒත් මගීන්ගෙන් මෙහෙම පෝස්ටර් දැක්කේ නෑ නේ... පොඩ්ඩක් ඉවසන් ඉමු....

:       1       2

Perera Monday, 10 March 2025 10:43 AM

අද උදේ 5.45 ට නුවරින් කොළඹට එන්න තිබ්බ අර්ධ සීග්‍රගාමි දුම්රිය අවලංගුයි හේතුව උඩරට මාර්ගයේ පිලිපැනීමක් .. මේ සියයට 90 ක් ස එන්නේ කලින් ආසන වෙන්කරලා. කොළඹට උදේ 9 ට එන්න තියෙන මගීන්. එත් 5.30 ට දුම්රිය පළ ට ආවාම තමයි මගින් දන්නේ දුම්රිය අවලංගුයි කියලා. ආසන වෙන්කරද්දි දුරකථන අංක සේරම ගන්නවා සියයට 5 ක සේවා ගාස්තුවක් ගන්නවා එත් දුම්රිය අවලංගු කියලා මගීට කලින් කෙටි පණිවුඩයක්වත් දාන්න තරම් වගකිමක් මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ අයට නෑ මේ දුම්රියේ අද උදේ යන අය 450 ක් විතර දෙන බස් පෝලිමේ ඉදලා පැයක් එකහමාරක් දෙකක් පරක්කු වෙලා කොළඹට ආවා. අඩුම පැය දෙක තුනකට කලින්වත් කිව්වා නම් මිනිස්සුන්ට කලින් බස් එකේ යන්න තිබුණා.

:       0       7

Anura Monday, 10 March 2025 10:45 AM

කලින් තිබුණු එස් 14 අයින් කරලා එක ඇල්ල ඔඩේසි දැම්මා දැන් තියෙන්නේ එස් 12 දුම්රියක්... ඒවා පිරිසිදු කරන්නේ නෑ.. ආසන හෙල්ලෙනවා සමහර මැදිරි බර කරත්ත වගේ ගැස්සෙනවා ඉතින් මේ මගීන් කියන කතාව හරි

:       0       4

de silva Monday, 10 March 2025 10:50 PM

අපේ ජාතික අභිමානය තමා ශ්‍රී ලන්කන් සුදු අලියා, අපේ ලොක්කාගේ පුතා සේවය කරන්නේ එකේ, එකේ පාඩු පියවන්න පසුගිය වසරේ රනිල් ආණ්ඩුව දීපු ඩොලර් මිලියන 500ට අමතරව මේ වසරේත් මාලිමා ආණ්ඩුව රුපියල් කෝටි 2000ක් දුන්නා ඔබලාට සොරි තමා මොකද කරන්නේ? ඔහොම යමු

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site