ක.ග කරුණාරත්න
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ මීනගයා නගරාන්තර සිඝ්‍රගාමී දුම්රියේ ගමන් ගනිමින් සිටි ගැබිණි මවක අද (7) අලුයම දුම්රිය මැදිරිය තුළදීම දරුවකු බිහි කර ඇතැයි හබරණ පොලිසිය කියයි.
දුම්රියේ ගමන් ගනිමින් සිටින ගර්භණී කාන්තාවක සිය දරුවා බිහි කිරීමට ආසන්නයේ පවතින බව දුම්රිය නිලධාරීන් විසින් හබරණ පොලිසියට දැනුම්දී තිබේ.
වහාම ක්‍රියාත්මක වු හබරණ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.යූ.ඩබ්ලිව්.ඒ පිටිගල මහතා හබරණ රෝහලට මේ බව දැනුම් දී පවුල් සෞඛ්‍යය නිලධාරිනියක ඇතුළු සෞඛ්‍යය කාර්ය මණ්ඩලයක්ද සමඟ දුම්රිය නවතා තිබූ හබරණ දුම්රිය ස්ථානය වෙත යන අවස්ථාවේ ඒ වනවිටත් එම කාන්තාව දරුවා බිහි කරමින් සිටින බව කියයි.
පසුව පවුල් සෞඛ්‍ය නිලධාරිනිය විසින් දුම්රිය මැදිරිය තුළදීම අවශ්‍ය මූලික සෞඛ්‍යය සේවාවන් ලබාදී මවත් දරුවාත් හබරණ රෝහලට ඇතුළත් කිරීමට පියවරගෙන ඇත.
මේ වනවිට එම මවත් දරුවාත් නිරෝගී සුවයෙන් පසුවන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.