(යොහාන් භාසුර)
දුම්රිය නියාමකයන් අද (5) මධ්‍යම රාත්‍රීයේ සිට සේවයෙන් ඉවත් වන බව ලංකා දුම්රිය නියාමක සංගමය දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතාට අද (5) පස්වරුවේ ලිපියකින් දැනුම්දී තිබේ.
දුම්රිය කාර්ය මණ්ඩලයට ප්‍රවාහන පහසුකම් නොමැතිවීමත්, ඔවුන්ගේ පෞද්ගලික වාහනවලට ඉන්ධන නොමැතිවීමත් නිසා සේවයට පැමිණීමේ ගැටලු මතුවී ඇති බවත් දෙපාර්තමේන්තුව ලබාදුන් ඉන්ධන ප්‍රමාණවත් නොවන බවත් එම සංගමය කියයි.
නිලධාරීන්ගේ අකාර්යක්‍ෂමතාව නිසා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්ධන ගබඩාවෙන් ඉන්ධන දීම නිසිපරිදි නොවන බව කියන ලංකා දුම්රිය නියාමක සංගමය ඒ සඳහා වාහාම පියවර නොගන්නේ නම් අද මධ්‍යම රාත්‍රීයේ සිට පෞද්ගලික වාහනවලින් සේවයට පැමිණෙන නියාමකයින් සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටින බව ද සඳහන් කරයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දුම්රිය නියාමකයන් මධ්‍යම රාත්‍රීයේ සිට වර්ජනයේ