IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


දෙපා අහිමි මවට බෙහෙත් ගන්න යන්න හිටපු රණවිරුවාට තෙල් දී  නෑ

(රොෂාන් දිලිප් කුමාර)

නාවික හමුදාවේ සේවය කොට යුද සමයේ බෝම්බයකට අසව ආබාධියකට ලක් වු සොල්දාදුවකුට තම දෙපා අහිමි මව කරාපිටිය රෝහලට රැගෙන යෑමට ඉන්ධන ලබා නොදුන් දුක්මුසු පුවතක් සූරියවැව ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

සූරියවැව ප්‍රාදේශීය ලේකම්වරියගෙන් ලබාගත් ලිපියක්ද සමග අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හල වෙත ගොස් ඉන්ධන ඉල්ලා සිටි විට ඉන්ධන ලබා දීම ප්‍රතික්ෂේප කළ බව එම හිටපු නාවික ආබාධිත සෙබලා  පවසයි.

ඹහු සූරියවැව, වල්සපුගල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කේ.ආර් ප්‍රියන්ත නම් නාවික හමුදාවේ සේවය කළ මෙම සෙබලා 2006 වසරේදී කොටි ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකින් ආබාධිත තත්වයට පත්ව සේවයෙන් ඉවත්ව ඇත.

මම රට වෙනුවෙන් වෙඩි ප්‍රහාරයට ලක්වුනු කෙනෙක්. අද මගේ අම්මාගේ තතුල් දෙකම කපලා මට අම්මව කරාපිටිය රෝහලට අරගෙන යන්න විදියක් නෑ. මම සූරියවැව ප්‍රාදේශීය ලේකම්වරියගෙන් ලියුමක් අරගෙන අම්මගේ වෛද්‍ය වාර්ථාත් අරගෙන ෂෙඩ් එකට ගියා. සූරියවැව ඕ.අයි.සී මහත්තයටත් කිවුවා. එතන හිටිය හමුදාවේ නිළධාරි මහත්තයකුටත් කිවුවා. කවුරුත් ගණන් ගත්තෙ නෑ. එච්චර තෙල් දෙන්න බෑ කිවිවා.

අපි රට වෙනුවෙන් දිවි පරදුවට තියල සේවය කරපු එක ගැන අද තේරුමක් නෑ කියල හිතෙනවා. ඔය හමුදාවේ මහත්තරුත් විශ්‍රාම ගියාම ඒ අයට සලකන්නෙත් මෙහෙම තමයි කියල මතක තියාගන්න යනුවෙන් ඔහු පැවසීය.

 



අදහස් (16)

දෙපා අහිමි මවට බෙහෙත් ගන්න යන්න හිටපු රණවිරුවාට තෙල් දී  නෑ

Kumara Sunday, 03 July 2022 07:19 PM

රාජපක්ෂ රජයට ජයවේවා..!

:       7       45

SujeewaMonday, 04 July 2022 02:45 AM

කුමාර: අවන්කව බලන්න. ඔයාගෙ දේශපාලනය පසකින් තබන්න. අරගල කරුවන් මාස 3කින් අපේ රටට කරනා විැහිය සහ අරාජිකත්වය - වසර 74ක් දේශපාලුවන් කාලයි අප විශ්වාස කරන වින්නැහියට වඩා ඉතාමත් වැඩිය. මෙවන් ප්‍වෘත්ති වලට පිලිතුරු දිය යුත්තෙ අරගල්කරුවන් සහ 3% කුහක ගිනිතියන හමුදාවයි.

:       0       5

BamunuarachchiMonday, 04 July 2022 07:49 AM

රාජපක්ෂලා නොසිටින්න ප්‍රබාකරන්ට ජයවේවා කියන්නේ. ඔහොමවත් කියන්න සිංහල අපිට රටක් ඉතුරු කලේ රාජපක්ෂලා. ඒ නිසා ඔයටික රටට ඇහෙන්න කෑගහලා කියන්න. නැතුව ඔබ රනිල්ට, ප්‍රේමදාසට, ජෙප්පන්ට ජයවේවා කියන්නද?

:       12       5

fairoosMonday, 04 July 2022 12:30 PM

බමුන වගෙ බය්යො ඉන්නකම් ලංකාවට අබ සරනයි ..තවත් ප** දීපල්ල රාජපක්ශලට

:       3       5

Hafeel Monday, 04 July 2022 04:07 PM

ප්‍රභාකරන්ට සමාන හෝ ඊට වැඩි හානි දැනට රාජපක්ෂ පාලනය කරල තියන්නේ. කොව්රු කලත් එකයි.

:       0       0

dumindaMonday, 04 July 2022 09:41 AM

රණවිරුවන් කියලා නම් හදලා, ඒ නම විකුණලා චේන්ජ් අරගෙන දැන් බල්ලට දාලා තියෙන්නේ...

:       1       10

Nandalal DE SILVA - France Sunday, 03 July 2022 09:35 PM

අමනුස්සකම රජවී තිබෙන කාලයක් මේක...!!! මොනවා කරන්නද? ඔබට දැන් සැපද?

:       1       3

ana Sunday, 03 July 2022 10:36 PM

ෂෙඩ් අසල ඉන්න පොලිස් සහ හමුදා සාමාජිකයින් ඉදිරිපිට ජාවාරමන් තෙල් අරන් යනවා...

:       0       4

Sarasi Sunday, 03 July 2022 10:43 PM

ඔය ඔක්කෝමලාව පාවිච්චි කළේ රාජපක්ෂලා බලය ගන්නයි. මේ ඔක්කෝටම වග කියන්න ඕනෑත් එයලායි.

:       2       2

de silva Sunday, 03 July 2022 11:20 PM

රාජපක්ෂලාට රණවිරුවන් අවශ්‍ය වෙන්නේ යුද්ධය සහ ඡන්දය දිනන්න...

:       2       2

Bamunuarachchi Monday, 04 July 2022 07:43 AM

රට බෙරාදුන්න රාජපක්ෂලාට කල හරිය දැක්ක අපිට ඔබට එහෙම කිරීම පුදුම නැහැ. දැන් පෝලිමේ ඉන්න ජෙප්පෝ මෙහෙම නම් ජෙප්පන්ට රට ගියොත් කොහොම හිටීද?

:       7       4

RANIL AND GOTA LOST Monday, 04 July 2022 08:35 AM

රාජපක්ෂ ගියාට පස්සේ ආව රනිල් හරි යම්කිසි වැඩපිළිවෙලක් කරයි කියල හිතුන. තියෙන තෙල් ටික මිනිස්සුන්ට පිළිවෙලක් ඇතිව සාධාරණව බෙදන්න කූපන් ක්‍රමයකට එයි කියල හිතුන. එහෙම කරන්න අගමැති රනිල් ඉන්න කැබිනට් එකට ඕනේ නැහැ. උන්ගේ කොටස කොහොමත් ලැබෙනවා. ඊට පස්සේ ලැබෙන්නේ අත්‍යාවශ්‍ය කියල තමන්ගේ සේවය විතරයි රටට ඕනේ කියල කියන උන්ටයි ,දවස් ගණන් පෝලිම්වල ඉඳල තෙල් ගහගන්න පුළුවන් තරම් වත්කමක්, කාලයක් තියෙන අයට විතරයි. මේ සෙබලාට , ඊයේ පොලිසියේ ඔ.අයි.සී කෙනෙක් තග දාපු සංචාරකයාට ? හැමදාම වැඩට යන අපිට.... හදිසියකට වාහනේ භාවිත කරන්න තෙල් ගන්න වෙන්නේ කළු කඩෙන් විතරයි . අපිත් රටට ඩොලර් ගෙනෙන්න උදවු කරන මිනිස්සු. ඒත් ඒ ඩොලර් වලින් ගෙනෙන තෙල් ටික බෙදෙන්නේ .........???

:       1       4

හේමන්ත ද අල්විස් Monday, 04 July 2022 09:20 AM

මෙවැනි සිද්ධි මම තරයේ හෙළා දකිනවා. මම දැක්කා තව ෂෙඩ් එකක් ළඟ දී සිවිල් පුරවැසියෙකුට පපුවට පයින් ගහන හමුදා නිලධාරියකුගේ වීඩීයෝවක් සමාජ මාධ්‍යවල සැරි සරනවා. රට මෙවැනි තත්වයකට පත් කළ දූෂිත ආණ්ඩුවට වැඩ කරන සියලු දෙනා ජාතියෙන් සමාව අයැද වහාම ඉල්ලා අස් විය යුතුයි. රට පාලනය කර ගන්න බැරිව තම නොහැකියාව ප්‍රසිද්ධියේ පෙන්නමින් ආයෙත් මේ රටම දියුණු කරන්න උත්සාහ කිරීම විහිලුවක්. පවතින තෙල් අර්බුදය නිසා මට මගේ අම්මාවත් වෛද්‍ය සායනයට එක්කගෙන යන්න බැරි වුණා. මේ වගේ සමාජයේ තව කොපමණ පිරිස් ඉන්නවාද කියලා කියන්න බැහැ. රට මේ තත්වයට පත්කරපු පාලකයන්, නිලධාරින්, වගකිවයුතු සියලු දෙනා ස්වභාව ධර්මයේ යුක්තිය අනුව විනාශ වෙලා යන්න ඕනි.

:       0       3

Prasheen Monday, 04 July 2022 09:41 AM

මනුස්සකමවත් ඉතුරු කරගමු අපි...!

:       0       5

pakeer Monday, 04 July 2022 10:32 AM

වැඩ කරන විරුවා... නැති වෙන්න වැඩේ කෙරුවා...

:       0       7

Perera Monday, 04 July 2022 10:34 AM

තෙල් පෝලිම්වල ගණන්කාරකම් පෙන්නන බොහෝ අය යුද්ධය දැකලාවත් නැති යුනිෆෝම් දාගත්තු ආණ්ඩුවේ බැලයින්...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 24 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 929 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site