IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


දින 16ට මරණ 1926ක් වාර්තා වෙයි

(ඩයනා උදයංගනී)

මෙම මාසයේ මුල් දින 16 ක කාලයේදී මෙරටින් කොවිඩ් මරණ 1,926 ක් වාර්තා වී ඇත.

කොවිඩ් වැළඳීමෙන් මියයන ප්‍රමාණය දිනෙන් දින ශීඝ්‍රයෙන් ඉහළ යන බවක් සංඛ්‍යාලේඛන අනුව පෙනෙන්නට ඇත.

මුල් දින 16 දී සිදුවූ මරණ සංඛ්‍යාවන් පිළිවෙලින් 63, 74, 82, 94, 98, 98, 94, 111, 118, 124, 156, 155, 160, 161, 167 සහ 171 ක් වන අතර ඒ අනුව දිනෙන් දින සිදුවූ මරණ සංඛ්‍යාවේ කැපී පෙනෙන ඉහළයාමක් දක්නට ලැබේ.

මේ වන විට පැයක දී මෙරට මරණයට පත්වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 7ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ අනුව සෑම මිනිත්තු 8කටම වරක් එක් ආසාදිත මරණයක් සිදුවෙමින් පවතී.

මෙසේ මියගිය අය අතුරින් 1,482 දෙනෙක්ම වයස අවුරුදු 60 ඉක්මවූවෝ වෙති.

වයස අවුරුදු 30ත් 59ත් අතර 430 දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු 14 දෙනෙක් ද මිය ගිය අය අතර වෙති. කොවිඩ් වැළඳී මරණයට පත්වූ මෙම පිරිස අතරින් 1,101 දෙනකුම පිරිමි පුද්ගලයන් වන අතර කාන්තාවන් 819 දෙනකු ද ඒ අතර වේ.

 



අදහස් (1)

දින 16ට මරණ 1926ක් වාර්තා වෙයි

siri Wednesday, 18 August 2021 04:52 PM

මේ ගොල්ලෝ වාර්තාවක් තියෙනවා නම් තියෙන්නේ මරණ සංඛ්‍යාවෙන් තමයි. වෙන කරපු දෙයක් නෑ ජනතාවට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31349 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13568 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site