දිනූෂ ප‍්‍රනාන්දුගේ (නොදැවී 81) සහ රනේෂ් පෙරේරාගේ (54) විශිෂ්ට සම්බන්ධතාව නිසා වරාය අධිකාරි පිල අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ ශූරතාව දිනා ගත්තේය. පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී අද (16) පැවැති අවසන් මහා තරගයේදී වරාය අධිකාරි පිල විසින් කඩුලූ 3 කින් නාවික හමුදා පිල පරාජය කරන ලදී. වරාය අධිකාරි පිල ඕවර 25.5 කදී ලකුණු 85 කට කඩුලූ හයක් දැවී දැඩි අවිනිශ්චිත තත්ත්වයක සිටියදී දිනූෂ ප‍්‍රනාන්දු සහ රනේෂ් පෙරේරා හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 120 ක සම්බන්ධතාවක් පවත්වමින් අනපේක්‍ෂිත ජයක් දක්වා රැගෙන ඒමට සමත් වූහ. නාවික හමුදා පිල ඕවර 49.5 කදී 206 (ධනුෂ්ක ගුණතිලක 65, ඩිලාන් චන්දිම 82, අනුක් ද අල්විස් 35/3) වරාය අධිකාරි පිල ඕවර 48.1 කදී කඩුලූ 7 ට 209 (හෂාන් ගුණතිලක 31, දිනූෂ ප‍්‍රනාන්දු නොදැවී 81, රනේෂ් පෙරේරා 54)
2025 නොවැම්බර් මස 04
647
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දිනූෂ (81*) - රනේෂ් (54) වරාය අධිකාරිය දිනවති