ඔක්තෝබර් 8 වැනිදා පළාත් පාලන ඡන්දයෙන් ජයගත් ආයතන 21ක නගරාධිපතිවරු, නියෝජ්‍ය නගරාධිපතිවරු, සභාපතිවරු සහ උප සභාපතිවරු අරලියගහ මන්දිරයේදී ඉරිදා උදේ 9.47 යෙදුන නැකැතින් ජනාධිපති ඉදිරියේ දී දිවුරුම් දුන්හ. මෙම ඡන්දයේදී සන්ධානය විශිෂ්ට ජයග‍්‍රහණයක් ලැබුවත් එම ජයග‍්‍රහණය නමැති කිරි කලයට ගොම ටිකක් වැටුණු බැවින් එය සියලූ දෙනාම ඉදිරියේ දී පාඩමකට ගත යුතු යැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එහි දී පැවසීය. ජනපති එසේ කීයේ කොලොන්නාවේ දී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා මරාදැමීම ගැන කියමිනි. සන්ධානය නමැති දැල ඔසවාගෙන ගොස් ජයග‍්‍රහණය කිරීම සඳහා එකතුවූ සියලූ පක්‍ෂ සාමාජිකයන් දායකවී ඇති බව අවධාරණය කළ ජනාධිපති ජයග‍්‍රහණයෙන් පසු දැහැටි දඩු මෙන් ඔවුන් ඉවතට විසි කිරිමේ ප‍්‍රතිපත්තියක් තමා ළඟ නැතැයි ද කීය. ආරක්‍ෂාව ඉල්ලා සිටින ඕනෑම අයකුට ආරක්‍ෂාව සැලැසීම ජනාධිපති වශයෙන් තමා සතු වගකීමක් යැයි ද අවශ්‍ය කරන භට පිරිස් තීරණය කරන්නේ ද තමා යැයි ද කීය. එය 10ක්, 12ක් හෝ 3ක් විය හැකියැයි කී ජනාධිපත සන්ධානයට එකතු වූ අයකු අද එකතු වුනාද ඊයේ එකතුවුනා ද යන්න ගැටළුවක් නොවේයැයි ද අවශ්‍ය වන්නේ ඔවුන්ගෙන් වැඩ ගැනීම යැයි ද කීය.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
”දිනුම්”කිරි කළේට ගොම වැටුණා