
(විමුක්ති එස් රුද්‍රිගු)
දකුණු කොරියාවට හමුදා නීතිය පැනවීමේ සිදුවීමට සම්පූර්ණ වගකීම බාරගත් එරට හිටපු ආරක්ෂක අමාත්‍යවරයා වන කිම් ජොන් හියුන් ඔහු රඳවා සිටි රැඳවුම් මධ්‍යස්ථානයේදී සියදිවි නසා ගැනීමට උත්සාහ දරා ඇති බවත් කෙසේ නමුත් ඔහුගේ තත්වය යහපත් බවත් එරට බලධාරීහු ප්‍රකාශ කළහ.
ජනාධිපති යුන් සුක් යෝල් පසුගිය 3 වැනිදා දකුණු කොරියාවේ හමුදා නීතිය පැනවීමට ගත් තීරණයේ සම්පූර්ණ වගකීම බාර ගනිමින් හිටපු ආරක්ෂක අමාත්‍ය කිම් ජොන් හියුන් පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස්විය. කිම් ජොන් හියුන් පෙරේදා(10) රාත්‍රියේදී රැඳවුම් කුටිය තුළදී සියදිවි හානි කර ගැනීමට උත්සාහ ගන්නා අවස්ථාවේදී රැකවලුන් එය දැක ඔහු බේරාගෙන ඇති බවද දකුණු කොරියානු අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
හමුදා නීතිය පැනවීමට අදාළව පැවැති විමර්ශනවලදී කිම් ජොන් හියුන් පසුගිය 8 වැනිදා රැඳවුම් බාරයට ගත් අතර අනතුරුව දේශද්‍රෝහී චෝදනා මත ඔහුව අත් අඩංගුවට ගනු ලැබිණි.
ජනාධිපති යුන් සුක් යෝල්ගේ කාර්යාලය සෝදිසි කිරීමට දකුණු කොරියානු පොලිසිය උත්සාහ දරා ඇතත් එම උත්සාහය අසාර්ථක වී ඇති බවද පැවැසෙයි. දකුණු කොරියානු ජනාධිපතිවරයාට එරෙහිව මේ වනවිට විදෙස් ගමන් තහනමක්ද පනවා ඇති අතර හමුදා නීතිය පැනවීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව දේශ ද්‍රෝහි චෝදනා යටතේ විමර්ශනයක් පැවැත්වෙයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.