ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැති පළවෙනි දකුණු ආසියාතික ජ්‍යෙෂ්ඨ කරාතේ ශූූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 6ක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 7ක් දිනාගනිමින් තරගාවලියේ අනුශූරතාව දිනාගැනීමට සමත්විය.
අනුශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඉතා උණුසුම් අන්දමින් පිළිගන්නා ලදී.
මෙම තරගාවලියේ සමස්ත ශූරතාව පාකිස්තානය විසින් දිනාගන්නා ලද අතර තරගාවලිය රටවල් 6ක සහභාගිත්වයෙන් ඉකුත් 19 වැනි දා සිට 25 වැනි දා දක්වා පැවැත්විණ.
ඩබ්ලිව්.කේ.ආර්. තිසේරා (කිලෝ ග‍්‍රෑම් 50 අඩු බර පන්තිය කුමිතේ), ඞී.පී.බී. දිනුෂා කුමාරි (කිලෝ ග‍්‍රෑම් 55 අඩු බර පන්තිය කුමිතේ), පී.ඒ. චන්ද්‍රිකා සෙනවිරත්න (කිලෝග‍්‍රෑම් 61 අඩු බර පන්තිය කුමිතේ) සහ බී.පී.ඊ. කුඩාගොඩ (කාතා විවෘත* ඉසව් වලින් රන් පදක්කම් දිනාගැනීමට සමත් වූහ.
කේ.වී.එස්.වී.කේ. ගුණරත්න, වී.යූ.ජී.එම්. රාජකරුණා සහ ඩබ්ලිව් රනිල් කුමාර එකතුව කණ්ඩායම් (කාතා) පිරිමි ඉසව්වේ රන් පදක්කම් දිනාගත් අතර කණ්ඩායම් (කාතා) කාන්තා ඉසව්වේ රන් පදක්කම මධුෂානි ආරියරත්න, නිර්මාලි අමරසිංහ සහ ඕෂධී කොඩිකාර එකතුව දිනාගත්හ.
එච්.ටී.එම්. මෙන්ඩිස් (කිලෝග‍්‍රෑම් 67 අඩු බර පන්තිය කුමිතේ), මධුෂානි ආරියරත්න (කාතා කේවල), ජේ.කේ.ඒ.එල්. ජයකොඩි (කිලෝග‍්‍රෑම් 75 අඩු බර පන්තිය කුමිතේ), සහ මනෝජා සොනාලි, පී.එච්. සහබන්දු එකතුව කණ්ඩායම් කුමිතේ රිදී පදක්කම් දිනාගන්නා ලදී.
මනෝජා සොනාලි (කිලෝග‍්‍රෑම් 45ට අඩු බර පන්තිය කුමිතේ), පී.එච්. සහබන්දු (කිලෝග‍්‍රෑම් 50ට අඩු කුමිතේ), එම්.එස්. කුමාරි පෙරේරා (කිලෝග‍්‍රෑම් 68 ට වැඩි කුමිතේ), වී.සී. ගුණරත්න (කිලෝග‍්‍රෑම් 55ට අඩු කුමිතේ), කේ.ඒ.ආර්. සංජීව (කිලෝග‍්‍රෑම් 60ට අඩු කුමිතේ), එච්.එම්.ඞී.එල්. කල්‍යාණ (කිලෝග‍්‍රෑම් 84 ට වැඩි කුමිතේ) සහ කුමිතේ පිරිමි කණ්ඩායම් ලෝකඩ පදක්කම් දිනාගන්නා ලදී.
තරගාවලිය සඳහා කාතා පුහුණුකරු ආර්.ජේ.එඞ්වඞ්, කුමිතේ පුහුණුකරු ජේ. ජුරම්පති, කළමනාකරු මහේෂ් කුමාර සහ කණ්ඩායම් භාර ප‍්‍රධාන නිලධාරී එල්මෝ අජිත් අබේසේකර යන නිලධාරීහු සහභාගි වූහ.
2025 නොවැම්බර් මස 04
598
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දකුණු ආසියානු කරාටේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාව අනුශූරතාව දිනාගනී