IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දකුණු ආසියානු කනිෂ්ඨ මේස පන්දු තරගාවලියේදීශී‍්‍ර ලංකාවට රිදී පදක්කම් 4ක්, ලෝකඩ පදක්කම් 9 ක්

ඉන්දියාවේ පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ මේස පන්දු තරගමාලාවේ කේවළ තරගාවලියේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් අටක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත්වුහ. කණ්ඩායම් ඉසව්වලදී රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකාවට කේවළ ඉසව්වල මෙම තරග ප‍්‍රතිඵලයත් සමග රිදී පදක්කම් හතරක් සහ ලෝකඩ පදක්කම් 9 ක් හිමිවිය. ඉන්දියාවේ ශිලොන්ග්හිදී පැවැති මෙම තරගමාලාවේ අවසන් දිනයේදී (19 වැනිදා) කේවළ තරගාවලිය පැවැත්විණ. තරගාවලියට ශ්‍රී ලංකාවෙන් වයස 15 න් පහළ සහ 18 න් පහළ (බාලක/බාලිකා) කණ්ඩායම් දෙකක් සහභාගිවිය.රුවිනි කන්නන්ගර සහ චන්දිමා මධුෂාණී වයස 18 න් පහළ (බාලිකා) යුගල ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත්වුහ. අවසන් තරගයේදී වට තුනක තියුණු තරගයකින් පසුව ඉන්දියාවේ ටී. රිෂ්යා සහ මල්ලිකා බන්දකාර් හමුවේ (14/12, 11/5, 11/6) ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ පරාජය ලැබුහ. අවසන් පුර්ව තරගවලදී පරාජය වු සුපුන් සිරිසේන සහ නුවන් ජයසුන්දර (බාලක - යුගල), චන්දිමා මධුෂාණී (බාලිකා - කේවළ), රුවිනි කන්නන්ගර (බාලිකා - කේවළ), සුපුන් සිරිසේන (බාලක - කේවළ), 18 න් පහළ වයස් කාණ්ඩයෙන් ලෝකඩ පදක්කම් දිනාගත්හ.   උදය රණසිංහ (බාලක - කේවළ), ප‍්‍රසාද් ජේ. ද සිල්වා (බාලක - කේවළ), මුතුමාලි ප‍්‍රියදර්ශනී (බාලිකා - කේවළ) සහ පවනි සිරිසේන (බාලිකා - කේවළ) 15 න් පහළ වයස් කාණ්ඩයේ අවසන් පුර්ව තරගවලදී පරාජය වෙමින් ලෝකඩ පදක්කම් හිමිකර ගත්හ. මෙම තරගාවලියට සත්කාරක ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්තානය, නේපාලය, මාලදිවයින සහ භූතානය යන රටවලින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සහභාගිවුහ.  



අදහස් (0)

දකුණු ආසියානු කනිෂ්ඨ මේස පන්දු තරගාවලියේදීශී‍්‍ර ලංකාවට රිදී පදක්කම් 4ක්, ලෝකඩ පදක්කම් 9 ක්

චානක ලසන්ත පෙරේරා Thursday, 21 June 2012 10:16 PM

එන්න තවත් දස්කම් පෙන්වන්න.. රටට ඔබ වටිනවා දුවේ පුතේ.. තවත් රට ඉදිරියට අරන් යන්න සුභ පැතුම්..!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site