ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අපි‍්‍රකාව අතර කේප් ටවුන් නුවරදී පැවැති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 8 ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයෝ අද (11) සමත්වුහ. දින දෙකක් සම්පුර්ණයෙන්ම ඉතිරිව තිබියදී දකුණු අප‍්‍රිකාව තරගය ජය ගැනීම කැපී පෙනිණ. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස දකුණු අප‍්‍රිකාව පෙරමුණ ගත්තේය.
ජයග‍්‍රාහණය සඳහා ලකුණු 236 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප‍්‍රිකාව ඊයේ දිවා විවේකයටත් පෙර කඩුලූ 2 ක් දැවී සිටියදී සපුරා ගැනීමට සමත්විය. ගේ‍්‍රඒම් ස්මිත් (නොදැවී 101) සහ හසීම් අම්ලා (112) තුන්වැනි කඩුල්ල සඳහා ලකුණු 195 ක සබඳතාවක් පවත්වමින් දකුණු අප‍්‍රිකාවට ජය ගෙන දුන්හ.
නායක ගේ‍්‍රඒම් ස්මිත් පන්දු 140 කදී හතරේ පහර 15 ක් සමග නොදැවී ලකුණු 101 ක් ලබා ගැනීමට සමත්විය. වේගවත් පිතිහරඹයක නිරත වු හසීම් අම්ලා හතරේ පහර 21 ක් සමගින් ලකණු 112 ක් ලබා ගත්තේ පන්දු 134 කිනි.
ඕස්ටේ‍්‍රලියානු පිල ටෙස්ට් ඉනිමකදී දැවී ගිය සිවුවැනි අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් දෙවැනි ඉනිම ලකුණු 47 කට සීමාවිය. වේගපන්දු යවන ක‍්‍රීඩක වර්නන් පිලැන්ඩර් සිය මංගල ටෙස්ට් තරගයේදී ලකුණු 15 කට කඩුලූ 5 ක් ලබා ඕස්ටේ‍්‍රලියානු දෙවැනි ඉනිම සුණු විසුණු කළ පන්දු යවන්නා විය.
පළමු ඉනිමේදී ලකුණු 284 ක් ලබාගත් ඕස්ටේ‍්‍රලියාව වෙනුවෙන් මයිකල් ක්ලාක් ලකුණු 151 ක් ලබාගත් අතර දකුණු අපි‍්‍රකානු පළමු ඉනිමට ලකුණු 96 ක් රැස් කළේය.
ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම 284 (ෂෝන් මාෂ් 44, මයිකල් ක්ලාක් 151, ඬේල් ස්ටීන් 55/4, වර්නන් පිලැන්ඩර් 63/3, මෝන් මෝකල් 82/3) සහ දෙවැනි ඉනිම 47 (වර්නන් පිලැන්ඩර් 15/5, මෝන් මෝකල් 09/3)
දකුණු අපි‍්‍රකාව පළමු ඉනිම 96 (ජැක් රුඩොල්ෆ් 18, ගේ‍්‍රම් ස්මිත් 37, රයාන් හැරිස් 33/4, ෂේන් වොට්සන් 17/5) සහ දෙවැනි ඉනිම කඩුලූ 2 ට 236 (ගේ‍්‍රඒම් ස්මිත් නොදැවී 101, හසීම් අම්ලා 112)
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දකුණු අප‍්‍රිකාව දින තුනෙන් ටෙස්ට් තරගය ජය ගනියි