(යොහාන් බාසුර )
ඉන්ධන මිල අද (29) සිට පහත දැමීමට රජය තීරණය කර තිබේ .
ඒ අනුව ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 60 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 135 කින්, සුදු ඩීසල් ලීටරය රුපියල් 80 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 45 කින් අඩු කර තිබේ.
මේ අතර භූමිතෙල් රුපියල් 10 කින් අඩු කිරීමට පියවර ගෙන ඇත.
මේ අතර ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ අඩු කළ තෙල් මිලට සාපේක්ෂව ඉන්දිය තෙල් සමාගමද ඉන්ධන මිල අඩුකිරීමට පියවර ගෙන තිබේ
ඒ අනුව නව තෙල් මිල මෙසේය.
ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 340
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 375
සුදු ඩීසල් ලීටරයක් රුපියල් 325
සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 465
භූමිතෙල් ලීටරයක් රුපියල් 295
COMMENTS
මොන පදනමෙන්ද අඩු උනේ? ඊයේ මිළ ද හරි අද මිළද? අපි ගොන්නු තමයි. එත් වෘතිය සමිති මර් ධනය කරන්න ඔය මිල අඩු කල බව අපි දන්නවා. කලකන්නියනේ රට නොකා පල.
තවත් ඇස්බැන්දුමක්
මිල දැනෙන්න අඩු කලා වගේ ම වෘත්තීය සමිතිවලටත් දැනෙන්නම දෙනවා.
හොඳ දෙයක්, පොඩු ප්‍රවාහන ගස්තු ද දැනෙන විදියට අඩුකර සංශෝධනනය කරොත් තමා ජන්තාවට සහනයක් ලැබෙන්නෙ
ලැජ්ජ නැද්ද කාන්චන නිකං පීචං වෙන්න.
137 ට තිබුණු පෙට්රල්
බූමිතෙල් වලින් රුපි.10 ක් අඩුකරල. ආදරණීය මෑණියන්ගේ රන් වන් එරන් වන් දේදුණු වර්ණ, සමනළ වර්ණ සළුපිළි සිහි වෙයි. මේ කාළකණ්නි ච්‍යෙරයා කෙළෝලම තියෙන්නේ මේ රටේ අහිංසකයට. හෙණ 7 ම ....අයියෝ ඉතුරු ටික ගිළුණනෙ.
තෙල් මිල අඩු කරන එක හොඳයි,නමුත් අනිත් අත්‍යවශ්‍යය භාණ්ඩ මිල අඩු වෙයිද කියලා තමයි සැකය.කෙසෙ නමුත් පාකයිනි,ඔබලා කොහොම වැඩි කරලා අඩු කලත් ලබන චන්දයකදි ඔඔබලා වැනි අදම,අමන පාලකයින් එළවා දමන එක ඒකන්තයි ස්ථිරයි.පාලකයිනි,රටෙි ජනතාව තමුන්නාන්සේලා වගේ කාළකණ්ණී ගොබ්බයෝ නෙමෙයි කියලා මතක තියාගත්තොත් හොඳයි.
සෑහීමකට පත්විය නොහැක, අමුතුම ගැටයකි, ගොඩාක් වැඩි කර චුට්ටක් අඩුකර නැවත ගොඩාක් වැඩිකර ආයෙ චුට්ටක් අඩුකර වැඩි කර කර ජනතාවට ගයන්නේ මේ මොනවද?
මම නම් කාංචනට කැමතියි. ඔය එක එක පවුල් වල බුරුවො නෙමෙයි ජනාධිපති කරන්න ඕන. මේ වගේ එකෙක්. ලංකාවට හරියන්නේ මේ වගේ අය.
තෙල් මිළ පිටරටවලත් අඩු වෙලා? ලන්කාවේ සොච්චමකින් අඩු කරලා?
දැනෙන්නට රුපියල් 60 අඩු කොරලා, අපිට පවු, බලාපොරොත්තුව අඩුම 100 ක්වත් අඩුවට, 3 ගුනයකින් වැඩිකොට 60 අඩු කොරලා. කාටද ආඩම්බර.
රනිල් පොහොට්ටු හොරු රෑන බේරගන්න එන්න කලින් තෙල් වල මිල කීයටද තිබ්බේ ?
කොච්චර කාලෙකටද මේ අඩුව , මේ වැඩ අපට හොදට පුරුදුයි , 170 තිබුන ලිටරේ 400 කරල දැන් 360 ක් කෙරුව , ඔවයින් මිනිස්සු රැවටෙන්නෙ නැ.
දැන් තෙල් දෙන්නේ ලාබ පිටද? පාඩු පිටද? පාඩු පිටනම් එය පිරිමහගන්නේ කොහොමද? වෘත්තිකයන්ගේ බදු මුදලින්ද? සම්පත් විකිනිමෙන්ද? පීඩා සහගත් වුවත් ජනතාව යම් කැපවීමක් කොට එයට හුරු උනා. ඉන්ධන පරිභෝජනය පවා අඩු උන. දැන් මේ විකුර් තියේ ප්‍රතිපල මොනවාද? දේශපාලන න්‍යායපත්‍ර අනුව රට හසුරුවන ජරාජීර් න, පිලිකුල්සහගත, ජනතාව විසින් පරාජය කල ක්‍රමවේද නැවත ගෙනඒමට තමුන්ට බලය දුන්නේ කවුද? ජතාවගේ අසීමිත කැපකිරීම් වල අවසානය විලි ලජ්ජා නැති තමුන්ගේ න්‍යාය පත්‍රද?
මම හිතුවා දැනෙන්න රුපියල් 110ට විතර දෙන්න හදනවා කියලා...යකෝ උඹලා ගද්දි තිබුනේ රුපියල් 137ට...... දැනෙන්න අඩු කරනවලු...
ලගදිම එනවා රනිල් රගපැ ත්‍රාසජනක චිත්‍රපටය 2නි කොටස්
රැවටෙන්නත් රවට්ටන්නත් සීමාවක් තියෙන්න ඔන. අඩු වෙන එක සහනයක්. එත් මේ වගෙ අඩු කිරිලි ලෝකෙ වෙන කොහෙවත් නෑ.
ඔය අඩු උන එක මිනිස්සුන්ට දැනෙන්නෙ නෑ, බඩු ගනන් ගියේ ලොකු ගනන් වලින් පොඩි ගානකින් අඩු උනා කියල කොහොමට වත් මිනිස්සුන්ට දැනෙන්නෙ නෑ. ඔය දෙරන හිරු උඩ පැන පැන බඩු ගනන් අඩු උනා කිව්වට පොඩි මිනිහට කොහොමටවත් මේක දැනෙන්නෙ නෑ. තෙල් ගනන් අඩු උනා කියල ලයිට් බිල අඩු උනේ නෑනෙ එහෙම අඩු උනත් 400% කින් වැඩි වෙච්ච එක අඩු උනා කියල මිනිස්සුන්ට දැනෙන්නෙ නෑ.
මෙයල බලයට එනකොට පෙට්රල් රු 135 ඩීසල් රු 85 සුපර් ඩීසල් රු 132 ( මතකයේ හැටියට ) අද ඒ ගානට දෙන්න බැරිවුනත් තවමත් ඉන්ධන මිල වැඩියි ඔය කියන අඩුකලාට පස්සෙත්. මේකට හේතුව ඉන්ධන මි නොසිතූ ගනන්වලින් ඉහලදමා දැන් තරමක් අඩුකර තිබීමයි. මේ මිල අඩුවත් පවතින්නෙ ඉතා කෙටි කාලයයි.
ඵුලුවන්නම් මැතිවරණය තියපියවු.
දැනෙන්ට දෙන්නම් තියපන්කො මැතිවරනයක්