
(අංජුල මහික වීරරත්න)
තාක්ෂණික දෝෂය නිවැරදි කර රජය ඥානසාර හිමියන්ට පූර්ණ ජනපති සමාවක් ලබා දිය යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල් පීරිස් මහතා මාධ්ය හමුවකදී පැවසීය.
එම සමාව ප්රදානය කිරීම සඳහා ජනපතිට පූර්ණ බලය තිබෙන බවද ජී.එල් පීරිස් මහතා කීය.
කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවති මාධ්ය හමුව අමතමින් ජී.එල් පීරිස් මහතා මෙසේද සඳහන් කළේය.
දැන් අපේ ප්රධාන මාතෘකාව තමයි, ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ සමාවදීම පිළිබඳ ගැටළුව. උන්වහන්සේට හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමාව ලබා දුන්නා.
ඒ පියවර එතුමා ගත්තේ මේ රටේ මහානායක ස්වාමීන් වහන්සේලාගේ, අනුනායක ස්වාමීන් වහන්සේලාගේ, මේ රටේ මහා සංඝයාගේ ඉල්ලීම පරිදිය. ඒකට ප්රතිචාරයක් දක්වමින් තමයි මෛත්රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට සමාව ලබා දුන්නේ.
ජනාධිපතිවරයාට පැහැදිලි චේතනාවක් තිබුණා. පැහැදිලි අධිෂ්ඨානයක් තිබුණා එම සමාව ලබාදීමට. එතුමා සියලු කරුණු සලකා බලා ඥානසාර ස්වාමීන් වහන්සේට ඒ සමාව ලබා දුන්නා.
නමුත් වර්තමාන ආණ්ඩුව එම කාරණාව නැවත කරළියට ගෙනත් උන් වහන්සේව නැවත බන්ධනාගාර ගත කර තිබෙනවා. එම තීන්දුවේ තාක්ෂණික දෝෂයක් තිබෙන බව පවසමින්.
ඒ තාක්ෂණික දෝශය සිරිසේන ජනාධිපතිතුමාගේ වරදක් නෙමෙයි, ඒ ජනාධිපති කාර්යාලය විසින් කෙරුණු පටිපාටගත තාක්ෂණික දෝෂයක්. එවැනි දෝෂයක් පිළිබඳ කිසිසේත් වගකීම පවරන්න පුළුවන්කමක් නෑ, ඒ සමාව ලබපු පුද්ගලයාට යනුවෙන් ද ජී.එල් පීරිස් මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙ එක බල්ලෙක්ට දෙන්න එපා මුන්ට ඡන්දේ... ලැජ්ජා නැතුව කොහොමද බං මේ?
ටික දවසකට කලින් මුන් කිව්වේ ආණ්ඩුව 22 හරහා නීතිය නවන්න යනවා කියලා. දැන් මුන්ම ඇවිත් කියනවා ආණ්ඩුවට නීතිය නවන්න කියලා. මොක්කුද මුන්?
සමාජය ගිනිතියන කහ රෙදි ඇදගත්ත නිගන්ටයෙකුට මොන නිදහසක්ද
කොක්කෙන් බැරිනම් කෙක්කෙන් කිව්වලු.
තමුන් අදිකරණ ඇමතියා වෙලා හිටපු කාලේ කියපු කරපුවා දන්නෝ හොන්දාකාරවම දන්නවා.අදිකරණය දේසපාලණිය කරණය වෙලා තිබුනේ?;අද ස්වාධීනව කටයුතු කරන බව පැහැදිලී .
මේකෙ තියෙන තාක්ෂනික දෝ්සෙ තමයි ගරැ අධිකරණ තීන්දුවේ දෝශයක් නැති කම, ඒක නිසා සමාව දෙන්න සාධාරණ හේතුවක් නැති කම. ඒක මේ නාකි හමාලට තේරෙන්නෙ නැති කම.
වාසනාවට අපිට කෙලින් කොන්දක් තියන ජනාධිපති කෙනෙක් ලැබිලා තියනවා . මේ තක්කඩි තවම අර පරණ කුණු දේශපාලන සංස්කෘතියක් තිබුණු කාලේ කරපු ජාතියේ ඉල්ලීම් වර්තමානයේ කරනවා . ගඳගහපු දේශපාලන සංස්කෘතිය රටේ මිනිස්සු වෙනස් කළා කියලා මුන්ට තාම තේරෙන්නේ නැහැ
ඥාණසාරට සමාව ඉල්ලන්නේ, ඒකෙන් ඊලග පාර මැතිවරණයේදී සිංහල බෞද්ධ චන්ද මංකොල්ල කන්න පුළුවන් වෙයි කියලා හිතලා වෙන්න ඇති.