( රංජිත් රාජපක්ෂ, ෂේන් සෙනවිරත්න සහ සිසිර කුමාර )                    

නාවලපිටිය මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් මතට ප්‍රධාන මාර්ගය අභියස තිබු යු කැලිප්ටිස් ගසක් කඩා වැටිමෙන් එම ත්‍රීරෝද රථයේ ගමන් ගත් පාසල් සිසුවෙක් ඇතුලු කාන්තාවන් දෙදෙනෙකු ත්‍රීරෝද රථය තුලදීම මිය ගොස් ඇති  බව පොලීසිය කියයි.

එම  අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරා දිවි ගලවා ගෙන ඇති බවද නාවලපිටිය පොලිසිය  පවසයි. අනතුර සිදුවූ පසු නාවලපිටිය පොලිසියේ නිළධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව ගස කපා ඉවත් කර  මිය ගිය තිදෙනාගේ සිරුරු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට යොමු කර ඇත.

කාලයක් තිස්සේ දිරාපත් වි තිබූ එම ගස කපා ඉවත් කරන ලෙස අදාළ ආයතන වෙත දැනුම් දි තිබුණත්, එයට මෙතෙක් විසදුම් නොලැබිම හමුවේ එම ගස ත්‍රීරෝද රථයක් මතට කඩා වැටීමෙන් මෙවැනි විපතක් සිදු වි ඇති බවද ප්‍රදේශවාසීහු කියති.

ඡායා රංජිත් රාජපක්ෂ