IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


තව හතලිහකගේ ඕස්ට්‍රේලියා ගමන වාකරෙන් නවතී.

බෝට්ටු වලින් ඕස්ට්‍රේලියාවට හොරෙන් යාමට තැත්කළ කතුන් හා ළමයින් ඇතුළු 40 දෙනෙක් වාකරේ මාන්කේනි වෙරළේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. අශ්වබල 9.9 බෝට්ටු දෙකක්, වෑන් රථයක් හා ත්‍රී රෝද රථයක් ද අත්අඩංගුවට ගෙන ඇත. මේ පිරිස ත්‍රිකුණාමලය, මුලතිව්, වාකරේ හා හලාවත පදිංචිකරුවන් බවත් මොවුන් අද වාලච්චේන අධිකරණයට ඉදිරිපත්කරන බවත් පොලීසිය කියයි.



අදහස් (0)

තව හතලිහකගේ ඕස්ට්‍රේලියා ගමන වාකරෙන් නවතී.

ගොවියා Friday, 06 July 2012 01:30 PM

උතුරු නැගෙනහිර ත්‍රස්තවාදයෙන් බේරා ගෙන තිබුණත්, දැන් හරිනම් ජීවිතය බේර ගන්න රට යන්න වෙලා තියෙන්නේ දකුණේ ඉන්න අපිට.දැන් නියම ත්‍රස්තවාදය ක්‍රියාත්මක වෙන්නේ මෙහේ

:       0       0

එස්.එල්.ටී.කේ.2004 Friday, 06 July 2012 09:07 AM

අනේ පව්, මෙහෙ ඉන්න බැරි නිසානේ යන්න හදන්නේ... ඔන්න ඔහේ යන්න අරින්න ...

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Friday, 06 July 2012 09:49 AM

හැමදේම දැනගෙනත් ඇයි තවතවත් ඕස්ට්‍රේලියා යන්න දගලන්නේ.

:       0       0

රොෂාන් Friday, 06 July 2012 10:05 AM

අනේ මන්ද, කට්ටිය ඉස්සරනම් බෝට්ටුවල ගියේ ඉතාලි.දැන් යන්නේ ඕස්ට්‍රේලියා.. අනේ යන අයට යන්න දෙන්න..මොකද වෙන්නේ....

:       0       0

ලංකා බබා Friday, 06 July 2012 09:43 AM

කිසිම රටක් හොරෙන් එන අයව භාරගන්නේ නෑ. ඕස්ට්‍රේලියාව, කැනඩාව වගේ රටවල් අපේ රටවල් අතරේ එකඟත්වයක් තියෙනවා නීතිවිරෝධී සංක්‍රමණ නවත්වන්න.ඒකයි පොලීසියෙන් අල්ලන්නේ...

:       0       0

නිශාඩ් පෙරේරා Friday, 06 July 2012 09:54 AM

මේක පිටුපස ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා. ලංකාව අපකීර්තියට පත් කරන්න කවුරුහරි සංවිධානාත්මකව ගත් පියවරක්ද කොහෙද..

:       0       0

කැප්පෙටිපොළ Friday, 06 July 2012 11:18 AM

මොන පිස්සුවකට රට යනවද මෙච්චර නිධන් තියෙන රටක් දාලා.ඔය බෝට්ටුවට වියදම් කරපු සල්ලි වලින් බැකෝ එක්ක ගත්ත නම් හරිනේ

:       0       0

පිලිපිනෝ Saturday, 07 July 2012 12:04 AM

ඔය සෙට් එක දෙමල නම ,,අනේ කරුණා කරලා යන්න දෙන්න ..යන තරමට අපිට සැනසීමයි ..

:       0       0

ටාසන් පුතා Friday, 06 July 2012 10:58 AM

ඔය අල්ලන්න ඉන්නේ යන්න බැරි වෙච්ච අයද ??

:       0       0

සුසිල් Friday, 06 July 2012 11:08 AM

නිශාඩ්, නිකන් බොරු කියන්න එපා.මිනිස්සු දැන් මෙහෙන් යන්නේ ජීවත් වෙන්න සල්ලි නැති නිසයි

:       0       0

sltk2004 Friday, 06 July 2012 11:50 AM

@නිශාඩ් පෙරේරා: ගොඩක් බටහිර රටවල, ඇමෙරිකාවේ, ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදන, සේවා සැපයීම් ගොඩක් නවත්තල ලු. මොකද දැන් එම රටවල ගොඩ දෙනෙක් තමන්ගේ සාමාන්‍ය වැඩ නවත්තල ලංකාවට විරුද්දව කුමන්ත්‍රණ කරන එකලු කරන්නේ.එම රාජ්‍යයන් තම ශ්‍රම බලකාය යොදවල තිනෙන්නේ අපිට විරුද්ද කුමන්ත්‍රණ කරන්න. :D :D

:       0       0

චමින්ද Friday, 06 July 2012 12:36 PM

පත්තරේ ප්‍රවෘත්ති බලද්දි හිතෙන්නේ මේක දැන් ඉන්දියන් සාගරයේ අමුතු ඇටේ වෙලා කියලා

:       0       0

චමින්ද Friday, 06 July 2012 12:41 PM

ආර්ථික ප්‍රශ්න වගේම සමාජීය ප්‍රශ්න වලට පිළිතුරු සහ නීති ගරුක සමාජයක් සොයා කවුරු කවුරුත් පාරු වල හෝ එල්ලී මෙහෙන් චුත වෙමු

:       0       0

මොහාමඩ් Friday, 06 July 2012 01:56 PM

කෝමේ ආචාර්‍ය කොලුවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site