
(රංජිත් රාජපක්ෂ)
තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම භාරව සිටි නිළධාරියා විසින් අස්වැසුම ප්‍රතිලාභීන්ට ගෙවිය යුතු රු.916000ක මුදල් ප්‍රතිලාභීන්ට නොගෙවා අස්වැසුම භාරව සිටි නිළධාරියාගේ ඥාති ගිනුමට බැර කර ඇති බවට සිදු කරන ලද විමර්ෂණයකදි අනාවරණය වූ බව තලවකැලේ වැඩ බලන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමීර ගම්ලත් මහතා තලවකැලේ පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
තමන්ට හිමි අස්වැසුමට අදාළ මුදල් නොලැබුණ බවට ප්‍රතිලාභීන් විසින් ප්‍රාදේශීය ලේකම්වරයා වෙත කරන ලද පැමිණිල්ලක් මත ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සිදු කළ මූලික විමර්ෂණයකදි එම මුදල් වංචාව සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමග එම නිළධාරියාගේ වැඩ තහනම් කිරිමට නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පියවර ගෙන ඇත.
එම මුදල් වංචාව සිදු කල නිළධාරියා විසින් වංචාකළේ යැයි කියන රු.916000ක මුදල (07) දින තලවකැලේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ ගිණුමට ආපසු එම නිළධාරියා විසින් මුදල් බැර කර ඇති බවටද ප්‍රාදේශිය ලේකම්වරයා විසින් තලවකැලේ පොලිසියට කරන ලද පැමිණිල්ලේ සදහන්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd