(හර්ෂණ තුෂාර සිල්වා)
ඉදිරි දින දෙකක කාලයේදීත් අඛණ්ඩව වර්ෂාව ලදහොත් වාරිමාර්ග ජලාශවලද වාන් දොරටු විවෘත කිරීමට සිදුවනු ඇතැයි වාර්මාර්ග අධ්‍යක්ෂක සමන් බණ්ඩාර පලුගස්වැව මහතා පවසයි.
අධික වර්ෂාපතනය හේතුවෙන් කැලණි ගඟ ඉස්මත්තේ පිහිටි මාවුස්සා කැලේ, වටදොර, ලක්ෂපාන යන ජලාශවලත් කැනියොන්, කුකුළේ ගඟ සහ යන ජලාශවලත් වාන් දොරටු අද (26) දහවල් වනවිට විවෘත කර තිබිණි.
නිරිත දිග මෝසම් තත්ත්වයෙන් වාරිමාර්ග ජලාශවලට වැඩි බලපෑමක් නොවන බව පවසන පලුගස්වැව මහතා පසුගිය දින කිහිපයේ පැවැති වර්ෂාවෙන් සැලකිය යුතු බලපෑමක් නොවූ බව ද කියයි.
කෙසේ නමුත් ඉදිරි දින දෙකක කාලයේදී අඛණ්ඩව වර්ෂාපතනය ලැබුණහොත් වාරිමාර්ග ජලාශවල ද වාන් දොරටු විවෘත කිරීමට සිදුවනු ඇතැයි පලුගස්වැව මහතා කියයි
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘තවත් වැස්සොත් ජලාශවල වාන් දොරටුත් අරිනවා‘ - වාරිමාර්ග අධ්‍යක්ෂ
ravin Friday, 26 May 2017 11:07 AM
හැබැයි ඉතින් ටිකදවසක් ගිහිල්ලා කියන්න එපා වගාවට අවශ්‍ය තරම් වතුර රැස් කරලා නැහැ කියලා. හැමදාම කරන වැඩේ තමා වැස්සහම වතුර අරිනවා. එක මාසයක් පායපු ගමන් වතුර නැහැ.
සෙනෙවි Friday, 26 May 2017 04:35 PM
ගංවතුර වැඩිවෙන විට වැව්වල වාන් දොරටු අරින්නේ නැතිව හිටියොත් කන්තලේ වැව බ්ම්ම බිඳී ගිය අවස්ථාවෙ සිදුවූ ආකාරයේ මහා විනාශයක් සිදුවී මිනිසුන් දහස් ගනන් මිය යාමට ඉඩ තියෙනවා. ඒ නිසා ඒ අයගේ විශේෂඥ දැනුම අනුව කටයුතු කිරීමට ඉඩ නොදී අකුල් හෙලීම සුදුසු නැත.
කුමාර Saturday, 27 May 2017 03:46 AM
වාන් දොරටු ඇරීමට විරුද්ධ වන අය වැව් බිඳිලා මිනිස්සු මැරුණොත් වග කියනවද?