IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


තවත් ගුරුවරු පිරිසකට 5,000 දෙන්නයයි

(ඩයනා උදයංගනී)

පරිවෙණාචාර්යවරු, රජයේ අනුමත පෞද්ගලික පාසල් ගුරුවරුන් සහ රජයේ අනුමත උපකෘත විශේෂ පාසල් ගුරුවරුන් සඳහා ද රුපියල් 5,000 විශේෂ දීමනාව ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

මෙතෙක් එම පාර්ශවයන්ට මෙම දීමනාව අදාළ වී නොතිබුණු බව කී ඇමතිවරයා එයට හේතුව යම් යම් දත්තයන් ලැබීමේ ප්‍රමාදයන් බව ද සඳහන් කළේය.

ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතාවයන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව නිකුත් කෙරුණු රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 (iv) හි විධිවිධාන ඉහත සඳහන් පාර්ශවයන් වෙතත් අදාළ කරගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව ඇමතිවරයා කීවේය.

ඔවුන්ට මෙය ලබාදීමේ මාසයක ප්‍රමාදයක් සිදුවුවත් ලබන මස සිට හිඟ වැටුප ද සහිතව ලබා දී යුක්තිය ඉටුකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ද ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (8) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.



අදහස් (1)

තවත් ගුරුවරු පිරිසකට 5,000 දෙන්නයයි

Bamunuarachchi Tuesday, 08 February 2022 05:52 PM

අපිට 5000 එපා... සල්ලි අච්චු ගහන මැෂිමක් දෙන්න... අපි සල්ලි අච්චු ගහලා බදු ගෙවන්නම්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 880 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site