ඇමෙරිකාවේ සහ බටහිර රටවල බලපෑම් මත ඉරානයේ තෙල් වෙළෙඳ කටයුතුවලට එරෙහිව පැනවූ සම්බාධක සැලකිල්ලට ගෙන තමන්ගෙන් බොර තෙල් මිලදී ගැනීම නවත්වන්නේ නම් ගල්ෆ් අරාබි රටවලට වන්දි ගෙවන්න සිදුවේවි යැයි ඉරානය ඊයේ (16) අනතුරු ඇඟවීමක් කළේය. ඇමෙරිකාවේ මැදිහත් වීමෙන් ඉරානයට තෙල් අපනයන සම්බාධක පනවා ඇත්තේ ඉරානය ලොවෙන් හුදෙකලා කිරීමේ අරමුණ ඇතිවය. ඊට හේතුව වන්නේ, ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී පරමාණු බෝම්බ හොරෙන් නිපදවනවා යැයි ඇමෙරිකාව චෝදනා කිරීමත් සමඟය. ඉරානයෙන් තෙල් මිලදී ගන්නා ප‍්‍රධාන පෙළේ රටවල් කිහිපයක් අරාබි ගල්ෆ් කලාපයට ඇතුළත්ය. ඉරානයේ අසල්වැසියන් වන්නේද එම අරාබි ගල්ෆ් කලාපීය රටවල්ය. මේ වනවිටත් ආසියා සහ යුරෝපා රටවල් ඉරානයෙන් තෙල් මිලදී ගැනීම සීමා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. තම බොර තෙල් අපනයනය කර ගැනීමට ඉරානයට නොහැකි නම් ඔවුන්ට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවෙයි. මේ අතර ඉරානයට ආර්ථික සම්බාධක පැනැවීමට නව නීති සකස් කිරීමට ද ඇමෙරිකා ජනාධිපති බැරැුක් ඔබාමා පසුගියදා කටයුතු කළේය.
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තෙල් වෙළෙදාමට බාධා කළොත් ගල්ෆ් රටවලට වන්දි ගෙවන්න වේවි