IMG-LOGO

තෙල්‌ පෝලිමේ වලියෙන් අයෙක් මරුට: තිදෙනකුට බරපතළයි

(ඉන්දිකා රාමනායකඩී.ජී.සුගතපාල,සිරංගිකා ලොකුකරවිට, ජේ.ඩබ්ලිව්.කේ ප්‍රේමතිල සහ ජේ.කේ.එල් චාමින්ද)

ගාල්ල මාගාල්ල ලාෆ් ඉන්ධන පිරවුම්ලේ පෝලිමේ සිටි දෙපිරිසක් අතර ඊයේ ( 07) රාත්‍රි ඇතිවු ආරවුලකදි එක් අයෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතළ  තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කීය.

මෙසේ මියගොස් ඇත්තේ හබරාදුව වංචාවල යටගල පදිංචිව සිටි 25 හැවිරිදි පුද්ගලයෙකි.

ඊයේ රාත්‍රි ඉන්ධන පෝලිමට පැමිණි බටදුව ප්‍රදේශයේ පුද්ගලයෙකු තම මෝටර් රථය මිතුරෙකුගේ වෙළඳසලක් ඉදිරිපිට ඉඩ තිබු ස්ථානයකින් පෝලිමට ඇතුලු කිරිමට උත්සාහ කළ අවස්ථාවේ පෝලිමේ පිටුපස සිටි පිරිසක් එයට විරෝධය පළකර ඔහු සමග ගැටුමක් ඇතිකරගෙන ඇති අතර පසුව ඔහු ඒ බව තම හිතවතුන් කිහිප දෙනෙකුට පවසා තිබේ.

ඒ සමග පැමිණි පිරිසක් මෝටර් රථයේ රියදුරට  හිරිහැර කළ පුද්ගලයින්ට පහරදිමට පටන්ගෙන ඇති අතර එහිදි පෝලිමේ සිටි තිදෙනෙකුද පහරදිමට පැමිණි කණ්ඩායමේ එක් අයෙකුද බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු රාත්‍රි 12.30ට පමණ මෙම පුද්ගලයා මියගොස් ඇති බව පොලිසිය පැවැසීය.

සිද්ධය සම්බන්ධයෙන් ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මයුුර පෙරේරා මහතාගේ උපදෙස් පරිදි සැකකරුවන් අත් අංගුවට ගැනිම සඳහා  වරාය පොලිසිය විසින්  පරික්ෂණ පවත්වා  ගෙන යනු ලැබේ. 


(ඡායාරූප: ජේ.කේ.එල් චාමින්ද)



අදහස් (3)

තෙල්‌ පෝලිමේ වලියෙන් අයෙක් මරුට: තිදෙනකුට බරපතළයි

JAYATH Friday, 08 July 2022 11:15 AM

ගාල්ලේ මාගාල්ල කියන නම අහපු හැටියේම මැවෙන චිත්‍රය දන්නෝ දනිති . හබරාදුවත් ටිකක් ඒ වගේම තමයි මේකේ කියන්නේ නැහැ ඒ ගම වල ඉන්න ඔක්කොම ඒ වගේ කියල නමුත් අර සරසවි ශිෂ්‍යය ටිකක් කල්පනා කරා නම් ඕක වෙන්නේ නැහැ උනේ සම්පූර්ණ අසාදාරනයක් තමයි නමුත් පිට ගමකින් ඇවිල්ල මොකට මාගාල්ල වගේ ගමක මිනිස්සු එක්ක පැටලෙන්න ගියාද ? තරුණ ජීවිතයක් අපරාදේ මේ ඔක්කොටම වග කියන්න ඕන ගොබ්බසෙන ගොටු අබයා මේ තෙල් පෝලිම් වල මියයන හැම ජීවිතයක හැම ආත්මයකම සාපය තා කරා පැමිණ තාගේ මුළු සංසාර ගමනම සුන්නත් දූවිලි කරනු ඒකාන්තය !!!!එසේම වේවා

:       0       10

චන්දන Friday, 08 July 2022 03:10 PM

මේක තමයි තියෙන ප්‍රශ්නය... ගමේ චණ්ඩි කියලා කොටසක් ෂෙඩ්වල බලය අතට අරගෙන. මෙයාලා කරන්නේ තෙල් අරගෙන වැඩිමිලට විකුණන්න යන එක... මේ තත්ත්වය මඩින්න ආණ්ඩුවට ඕනෑකමක් නැහැ. පොලිසියත් ගමේ චණ්ඩින්ගෙ පැත්තේ... මේ අවනඩු අහන්න කෙනෙක් නැහැ. මේ තත්ත්වය පුපුරගෙන යනබව ආරක්ෂක අංශ අවබෝධ කරගත යුතුයි.

:       0       2

සුරංග Friday, 08 July 2022 11:33 AM

පෝලිම් තියෙන්නෙ පැමිණි පිළිවෙළට .එහෙම තියෙද්දි යාලුකමට හිතවත් කමට කකටයුතු කරන්නේනේ නම් බලවත් අසාධාරණයක් වෙනවා මොකද කෙනෙක් දවස් ගණනක් පෝලිමේ ඉන්නවා කෙනෙක් ඇවිත් ක්ෂනිකව තමන්ගෙ වැඩේ කරගන්නවා හරිම අසාධාරණ වැඩක් කරල තියෙන්නෙ .මෙහෙම වුනාම ඕන කෙනෙකුට කේන්තියාම ඇතිවෙනවා .

:       1       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 386 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 87 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 270 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site