IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


තෙල්,ගෑස්,බෙහෙත් ගන්න විනිමය අප සතුයි

(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් දිනවල ගත් තීන්දු තීරණ හේතුවෙන් මේ වන විට ආර්ථිකයේ යම් සාධනීය ප්‍රතිඵල ලැබෙමින් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

උද්දනමය සියයට 70 කටත් වඩා වැඩි වෙතැයි උපකල්පනය කළ ද එම තත්ත්වය අඩුවී උද්දමනය සියයට 60කට වැඩි ප්‍රමාණයක පවතින බවද මහබැංකු අධිපතිවරයා සඳහන් කරයි.

රටට අවශ්‍ය ඉන්ධන ගෑස් සහ ආහාර, ඖෂධ වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කර ගැනීමට ප්‍රමාණවත් තරම් විදේශ විනිමය පවතින බව ද මහ බැංකු අධිපතිවරයා කියයි.

රටේ අපනයන ආදායම වැඩි වෙමින් තිබෙන බවත් ආනයන පාලනයවීම නිසා ආනයන වියදම් අඩුවී ඇති බවත් කීවේය. මූලික අවශ්‍යතා ටික කළමනාකරණය කර ගැනීමට තරම් මේ වන විට අපට හැකියාවක් තිබෙන  බව ද බැංකු ණය ප්‍රසාරණය සෑහෙන මට්ටමක පාලනය වී ඇතැයි ද පැවැසීය.

 



අදහස් (7)

තෙල්,ගෑස්,බෙහෙත් ගන්න විනිමය අප සතුයි

SL Friday, 19 August 2022 11:03 AM

රනිල් , කාංචන රුසියාවෙන් තෙල් ගන්නේ නැති එක ගැන රටට පැහැදිලි කරන්න ඕනේ. ත්‍රිකුණාමල තෙල් ටැංකි ටික ඉන්දියාවත් එක්ක හරි 50-50% ගිවිසුමකට ඔයිල් බංකරින් වලට යන්න රජයට බැරි ඇයි හම්බන්තොට චීනෙත් එක්ක 60-40% ගිවිසුමකට යන්න බැරි මොකද. බැරිනම් තෙල් තියෙන අබුඩාබි රජයත් එක්ක හරි නැවු වලට තෙල් ගහන්න ගිවිසුමකට යන්න බැරි මොකද මේවා කඩාකප්පල් කරන්නේ සින්ගපුරුවද ? ,ඉන්දියාවද ???????? නැතිනක් ලංකාවේ ඉන්න කාලකන්නි පගා ගන්න පාලක,රාජ්‍යසේවක ,පුද්ගලික අංශයේ ඉත්තන් ද

:       4       43

SL Friday, 19 August 2022 11:05 AM

රනිල් , කාංචන රුසියාවෙන් අඩුවට බොර තෙල් ගන්නේ නැති එක ගැන රටට පැහැදිලි කරන්න ඕනේ. ත්‍රිකුණාමල තෙල් ටැංකි ටික ඉන්දියාවත් එක්ක හරි 50-50% ගිවිසුමකට ඔයිල් බංකරින් වලට යන්න රජයට බැරි ඇයි හම්බන්තොට චීනෙත් එක්ක 60-40% ගිවිසුමකට යන්න බැරි මොකද. බැරිනම් තෙල් තියෙන අබුඩාබි රජයත් එක්ක හරි නැවු වලට තෙල් ගහන්න ගිවිසුමකට යන්න බැරි මොකද මේවා කඩාකප්පල් කරන්නේ සින්ගපුරුවද ? ,ඉන්දියාවද ???????? නැතිනක් ලංකාවේ ඉන්න කාලකන්නි පගා ගන්න පාලක,රාජ්‍යසේවක ,පුද්ගලික අංශයේ ඉත්තන් ද රනිල්ගේ තියෙනවා කියපු මොලේ කෝ !!

:       5       20

සලීම් Friday, 19 August 2022 12:57 PM

ඔබතුමාට මේ ඉක්මනට ඔය කියන දේවල් සම්පූර්ණ කරන්න හැකිවනාද කියන එක ප්‍රශ්නයක්? පොඩ්ඩක් පාර තොටේ ඇවිදලා බඩුමිල ගැන බලන්න... හතර පස් ගුණයකින් බඩුමිල අහස උසට නැගලා. මිනිස්සුන්ගේ බඩ පොත්තට ඇලිලා... කනවා නෙමෙයි ලෙවකනවා. කොච්චර විදේශ විනිමය තෙල්, ගෑස් ආනයනයෙන් ගසාකනවද? මේ දේශපාලුවන් නැති වෙනකම් අපේ රටට ගොඩඒමක් නැහැ...

:       15       24

Siril Friday, 19 August 2022 01:38 PM

ඔයා ගෙනාවෙත් රාජපක්ෂලා කාලේ එයාලාම නේද? ඒක නිසා මම ඔබගැන සහතික මට නම් අවශ්‍ය නැත.

:       16       10

Hafeel Friday, 19 August 2022 01:41 PM

රටේ අපනයන ආදායම වැඩිවෙලා කියලා මෙතුමා කියන්නේ තමන්ගේ තනතුර රැකගන්නද? කොහෙන්ද දන්නේ නෑ අපනයන ආදායම වැඩිවෙලා තියෙන්නේ? විදුලි කප්පාදුව සහ ඉන්ධන හිඟය නිසා ඇඟලුම් කර්මාන්ත ශාලාවල් වහලා. වැවිලි කර්මාන්ත ඇමැති මෑතකදී කියලා තිබුණා පොහොර නැති නිසා තේ සහ රබර් අපනයන අඩුවෙලා කියලා. ඉතින් කොහෙන්ද අපනයන ආදායම් වැඩිවෙලා කියන්නේ..?

:       11       11

sharm warn Friday, 19 August 2022 02:25 PM

මේ කියන තරම් ආදායමක් ආවද රටට..? ආවා නම් ඇයි බඩුමිල අඩු නොවෙන්නේ...? නන්දෙලා ඔක්කොම එකයි කියලද මේකෙන් පෙන්නුම් කරන්න හදන්නේ...?

:       11       9

විපරමා Friday, 19 August 2022 05:38 PM

කොහෙද දන්නේ නැහැ, ඔය කියන විනිමය තියෙන්නේ? දූෂිත පවුල් පාලනේ උදවිය ඩොලර් ටික පැන්නුවා. රටම හොරාකාලා වටපල්ලට ඇදලා දැම්මා. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරලා හමාරයි තවමත් ඉන්දියාවෙන්, චීනෙන් ආධාර ගන්නවා...

:       4       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 880 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site