අසහාය ගායන ශිල්පියකු වූ නැසීගිය ජේ.ඒ. මිල්ටන් පෙරේරාගෙන් පසුව ඔහුගේ පරපුර නියෝජනය කිරීමට වැඩිමහල් පුතු ප‍්‍රියංකර පෙරේරා ගායන ක්ෂේත‍්‍රයට පැමිණියේය. ඔවුනගේ පරම්පරාවේ තෙවැනි පරපුර අද නියෝජනය කරන්නේ පසිඳු ඩිල්මිත් පෙරේරායි. තවත් විදියකින් කිවහොත් ජනප‍්‍රිය රංගන ශිල්පිණි දිල්හානි අශෝකමාලා සහ ප‍්‍රියංකර පෙරේරාගේ පුතුණුවන්ය. එලෙසින් මිල්ටන් පෙරේරාගේ පරපුරේ තුන්වැනි පරම්පරාව පසිඳු ඩිල්මින් නියෝජනය කරද්දී, ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත‍්‍රය මියුරු නදින් සහ හඬින් රසාලිප්ත කළ මර්වින් පෙරේරා සංගීතඥයාගේ පරපුර අද නියෝජනය කරන්නේ නදීමාල් පෙරේරාය. මේ නදීමාල් යනු මර්වින් පෙරේරාගේ වැඩිමහල් පුතු අමල් පෙරේරාගේ පුතුණුවන්ය. එලෙසින් පරපුරක උරුමය රැුගෙන සංගීත ක්ෂේත‍්‍රයට පැමිණ සිටින මේ යොවුන් ශිල්පීන් දෙදෙනා යනු උරුමය පමණක් කරපින්නා ගෙන පැමිණ සිටින ශිල්පීන් දෙදෙනෙකු නොවේ. දක්ෂතාවය සහ හැකියාව මෙන්ම දැනුමින්ද යුතු යොවුන් ශිල්පීන් දෙදෙනෙකි. ඒ දෙදෙනාගේ හැඩකාර කතා බහේ රිද්මයයි මේ.
පසිඳු ඔබ දිල්මිත්ද? ඩිල්මිත්ද?
”ඩිල්මිත්” කියලා තමයි කියන්නේ.
නදීමාල් ඔබට ”ඩිල්මිත්” හොඳ යාළුවෙක් වුණේ කොහොමද?
අවුරුදු හය - හතකට කලින් සීයාට උපහාර පිණිස ප‍්‍රසංගයක් පැවැත් වුණා. එදා ඩිල්මිත්ට ගීතයක් ගයන්න තිබුණා. මම ගිටාරය වාදනය කළා. එදා තමයි ඩිල්මිත් කවුද කියලා දැන ගත්තේ.
ඊට පස්සේ?
ඊට පස්සෙ උන්නද - මළාද කියලා දන්නෙ නැහැ.
ඩිල්මිත් ඊට පස්සෙ මොකද වුණේ?
මම ඉතිං සුපුරුදු පරිදි අධ්‍යාපන කටයුතුවල නියැලෙන්න ඇමරිකාවට ගියා.
”ඇමරිකාවට” ගිහින් මොන අංශය ගැන ද හදාරන්නේ?
ගුවන්යානා යාන්ත‍්‍රික නඩත්තු අංශය සඳහා වන උපාධිය හදාරන්නේ.
”නදීමාල්” ඔබ මොනවද කරන්නෙ?
තොරතුරු තාක්ෂණ අංශයේ උපාධිය හදාරනවා.
අද ඩිල්මිත් සහ ඔබ හොඳ යාළුවෝ?
අපොයි ඔව්, ඩිල්මිත් මාර හොඳ යාළුවෙක්.
ඩිල්මිත් ඇයි ඔබ ගුවන්යානා අංශය ගැන උනන්දු?
කුඩා කාලයේ ඉඳලම ගුවන්යානාවලට මම හරිම ආසයි. ප්ලේන් උඩ යන හැටි බලාගෙන සිටි වාර අනන්තයි. ඒ ගුවන්යානා ඇති පරිසරයේ ගත කිරීමට නිරන්තරයෙන් ආසා කළා.
ඩිල්මිත්ගෙ අම්මා - රංගන ශිල්පිණියක්. තාත්තා ගායන ශිල්පියෙක්. ඔබ මේ අංශ දෙකෙන් වඩා කැමති?
මේ වනවිට නම් මට වැඩිපුර අවකාශය ලැබිලා තියෙන්නෙ සංගීත අංශයටයි. රංගනය වෙතින් තවම මාවතක් විවර වුණේ නැහැ. ”රඟනොපාන්නෙ ඇයි?” කියලා බොහෝ අය මගෙන් අහලත් තියෙනව. ඒත් බැරි විදියට රඟපාන්න කැමති නැහැ. මුලින්ම මගේ හැකියාව වර්ධනය කරගන්න ඕනෑ. අම්මා x තාත්තාගෙන් අවසර ගන්නත් ඕනෑ. ඒ ඔක්කොමත් හරි, මම රඟපානවා නම් ඒ නිර්මාණයේ ගුණය ගැන හිතලා තමයි ඊට දායක වෙන්නෙ.
”නදීමාල්” ඔබ සහ ඔබගේ තාත්තා අමල් එක්ක මොන වගේ මාතෘකා ගැනද කතා වෙන්නේ?
සංගීත ක්ෂේත‍්‍රයේ ගත කරද්දී සිටිය යුතු විදිය, විවිධ සංගීත නිර්මාණ ගැන, ඒ වගේම ජීවිතයෙ අපි හොඳ නරක තෝරා ගත යුතු විදිය වගේ බොහෝ දේ ගැන අපි කතා වෙනවා.
ඩිල්මිත්, සංගීත ක්ෂේත‍්‍රයේ ගමන් කරන්නේ සීයාගේ අඩිපාරේද? තාත්තාගෙ අඩිපාරේද?
ඒ දෙන්නාම මගේ සංගීත විෂයෙහි ඉන්න බව ඇත්ත. ඒත් මම යා යුත්තෙ මගේම පාරක.
නදීමාල්, ඔබ වඩා කැමති ඩිල්මිත්ගෙ සීයාගෙ ගීතවලටද? නැත්නම් ප‍්‍රියංකර පෙරේරාගෙ ගීතවලටද?
මම ඒ දෙන්නාගෙම ලොකු රසිකයෙක්.
ඔබගේ සීයාගේ ගීතවලින් වඩා කැමති?
සෑම ගීතයකටම හරි ආසයි. ඒ අතරින් ”මා සනසා” මාව ගොඩක් සැනසූ ගීතයක්.
ඩිල්මිත් ඔබ ඔබගේ සීයාගෙ ගීත අතරින් වඩා ප‍්‍රිය?
ඔක්කොම හරිම වින්දනාත්මක ගීත. ඒත් ඒ අතරින්, ඔබේ පේ‍්‍රම නගරේ, පෙම් අප්සරාවෝ, කියන්න කවුද ඔබ කියා, ඒ ගීත විශේෂයි. ඒ වගේම සීයා ගයා ඇති ”මුතු පරයක” ගීතයට මම බෙහෙවින් ප‍්‍රියයි.
එතකොට මර්වින් පෙරේරා ශූරීන්ගේ ගී අතරින්?
නිලූපුල් යුවලේ, ඔබ දේදුන්න, ඒ වගේ ගොඩක් තියෙනවා. කවුරුත් ආසයි වගේ ”මා සනසා” ගීතයට මමත් ආසයි. නදීමාල් ”නිලූපුල් යුවලේ” ගීතය ගයන රිද්මයට මම හරිම ආසයි.
”ඩිල්මිත්” ඔබ මොන වගේ කෙනෙක්ද?
බොහොම සරල මනුස්සයෙක්. ජීවිතේ ලොකු අරමුණු නැහැ. අම්මා - තාත්තා ගැන ලොකුවට ආඩම්බර වෙනවා. එයාලට ගෞරවයක්, ආඩම්බරයක් ගෙන දෙන විදියට ජීවත්වීම තමයි මගේ අරමුණ.
”නදීමාල්” මිල්ටන් පෙරේරා ශූරීන් ගැයූ ගී අතරින් ඔබ වඩා කැමති?
සුරැුකීමට හෝ නැතිවීමට, උඩුගුවන යටින්, සිකුරුලියා ඇතුළු තවත් බොහෝමයි.
”නදීමාල්” කොහොම කෙනෙක්ද?
සරලයි, සාමාන්‍යයි.
සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
තරු දරු වරුණ කියන නදිමාල්-ඩිල්මිත්