(විමුක්ති එස් රුද්‍රිගු)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජාතික ආරක්ෂක පනත යනුවෙන් වෙනස් කර නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට පත්කල කමිටුවේ වාර්තාව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා වෙත භාර දෙන ලදි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික ආරක්ෂක පනතක් කෙටුම්පත් කිරීම සඳහා අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ නෙරිල් පුල්ලේ සහ ජනාධිපති නීතිඥ නලින් ද ඉන්ද්‍රතිස්ස යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් යුතුව පත්කරන ලද විශේෂඥ කමිටුව විසින් කෙටුම්පත් කළ ජාතික ආරක්ෂක පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යවරයා වෙත භාර දෙනු ලැබ ඇත.
එම අවස්ථාවට නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ අතිරේක නීති කෙටුම්පත් සම්පාදක ඩී.ඩී. කුලසේන, අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් හිරන්‍යා පෙරේරා, සහකාර ලේකම්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ත්‍රස්ත පනත වෙනස් කරන වාර්තාව අධිකරණ ඇමතිට