(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ත්‍රස්තවාදය වැළැක්වීමේ ( තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත යටතේ යම් පුද්ගලයකු රඳවා තබාගත හැකි මාස 18 ක උපරිම කාලය මාස 12ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර ඇත.
මේ සඳහා සංශෝධන ඇතුළත් ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන( සංශෝධන) පනත් කෙටුම්පත විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා විසින් පාර්ලිමේන්තුවටඅද (10) ඉදිරිපත් කරනු ලැබීය.
මෙම පනත් කෙටුම්පත නුදුරු දිනයක විවාදයට ගැනීමට නියමිතය.
මේ අතර මේ පනත යටතේ රඳවා සිටින පුද්ගලයන් ආරක්ෂා සහිතව සිටිනවාදැයි තහවරු කර ගැනීම සඳහා සඳහා මහෙස්ත්‍රාත්වරයාට අදාල රැඳවුම් ස්ථානයට පැමිණීමටද නව සංශෝධන මඟින් අවස්ථාව සැලසෙනු ඇත.
එසේම රැඳවියකු රඳවා සිටින ස්ථානයකට නීතිඥවරයකුට පැමිණීමට අවස්ථාව සැලසීමටත් රැඳවුම් භාරයේ සිටින තැනැත්තාට සිය ඥාතීන් සමග අදහස් හුවමාරු කර ගැනීම( සන්නිවේදනය) සඳහා හැකියාව ඇති කිරීමටත් නව සංශෝධන පනත මගින් විධිවිධාන සැලසේ.
සැකකරුවන් වධදීමට ලක්ව නොමැති බවට තහවුරු කරගැනීම සඳහා එම ප්‍රඥප්තියේ එකොළොස් වැනි වගන්තිය යටතේ නියමයක් ලබාදීමට පෙර අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙත ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබාදීමටද නව සංශෝධන පනත මගින් ප්‍රතිපාදන සැලසෙන බව සඳහන් වේ.
එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 හෝ 140 වන ව්‍යවස්ථා යටතේ සහතික කරන ලද ප්‍රතිකර්මයක් සඳහා ඉල්ලීම් කිරීමට රැඳවියකුට හැකියාව ලබාදීමටද මෙයින් ප්‍රතිපාදන සැලසෙනු ඇත.
තවද නඩුවේ කටයුතු අප්‍රමාදව හමාර කිරීම තහවුරු කිරීමට දිනපතා නඩු විභාග පැවැත්වීම සඳහා විධිවිධාන සැලැස්වීමට පනත් කෙටුම්පතේ ප්‍රධාන ප්‍රඥප්තියේ පහළොස් වැනි වගන්තියද මින් සංශෝධනය කෙරෙනු ඇත.
එසේම පනත් කෙටුම්පතේ පුවත්පත සහ මුද්‍රණාලය යන අර්ථ නිරූපණය ඉවත් කිරීම සඳහා වධදීම යන අලුත් අර්ථ නිරූපණය ඇතුළත් කිරීම සඳහා ප්‍රධාන ප්‍රඥප්තියේ 31 වැනි වගන්තිය සංශෝධනය කිරීමටද නව වගන්තියක් ඇතුළත් කෙරේ.
මෙම සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය පසුගිය ජනවාරි මස 27 වැනිදා නිකුත් කෙරිණ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ත්‍රස්ත අලුත් පනතින් රැඳවුම් කාලය අඩුවෙයි
C.K.Lankaputhra Friday, 11 February 2022 09:47 AM
සීනි බෝල, චොකලට් පෙති දීලා ඒකෙ තියන මාරාන්තික ඒවා ටික වෙනස් කරන්නේ නෑ. ICCPR එකේ තියන හොඳම එක තමයි සාමාන්‍ය, නීතිමය ක්‍රියාවලියේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු විසින් පොලිස් නිලධාරියෙකුට දුන් කට උත්තරයක් අධිකරණය විසින් පිළි නොගන්නා නමුත් මේ පනතට අදාල වන සැකකරුවෙකුට එකී සහනය නොලැබේ. පොලිසිය ලබාගත් කටඋත්තරය සැකකරුට සිර දඬුවම් ලබාදීමට හොඳටම ප්‍රමාණවත්ය. ඉතින් ඉතුරු හරිය ගැන මොන කතාද? දන්නවනේ පොලිසියේ කටයුතු... අමානුෂික තවත් බොහෝ දේ මේ පනතේ ඇත. ඒ ටික තිබුණාම වැඩේ දෙන්න හොඳටම ඇති.