IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ත්‍රස්තවාදය වැළැක්වීමට අලුතෙන් පනතක්

අජන්ත කුමාර අගලකඩ
 
දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනතක් ගෙන ඒමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
 
මීට අදාළ නව පනත් කෙටුම්පත විදේශ ඇමැති තිලක් මාරපන මහතා විසින් අද (11) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර එය සංශෝධන කිහිපයකට යටත්ව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය හිමිවී තිබේ.
 
නව පනත් කෙටුම්පතේ අත්‍යවශ්‍ය කාරණා කිහිපයක් ඇතුළත් නොවීම සම්බන්ධයෙන් විජයදාස රාජපක්ෂ සහ පාඨලී චම්පික රණවක යන ඇමැතිවරුන් විරෝධය පළ කර ඇතැයි ද වාර්තාවේ.
 
තිලක් මාරපන හා මංගල සමරවීර යන ඇමැතිවරුන් ද එහිදී අදහස් දක්වා ඇති අතර මංගල සමරවීර , තිලක් මාරපන යන ඇමැතිවරුන් සහ විජයදාස රාජපක්ෂ, චම්පික රණවක යන ඇමැතිවරුන් අතර ගැටුමක් ඇතිවූ බව ද වාර්තා විය.
 
මිනීමැරුමක් සම්බන්ධයෙන් මරණ දඬුවම දීම දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් බව ද, අලුතින් හඳුන්වාදෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ එය ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලෙස සඳහන් වී ඇතැයි නව කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කැබිනට් රැස්වීමේදී පෙන්වාදී ඇතැයි වාර්තාවේ.
 
බෙදුම්වාදය යන්න දඬුවමක් ලෙස ඇතුළත්ව නැති බව සදහන් කර ඇති විජයදාස රාජපක්ෂ මහතා එය බරපතල දඬුවමක් යැයි පෙන්වාදී ඇති බව සඳහන්වේ.
 
මේ අතර ත්‍රස්තවාදයට සම්බන්ධ අයකු කරන පාපොච්චාරණයක් සාක්කියක් ලෙස ගෙන නඩු කටයුතු පැවරිය නොහැකි බව නව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ සඳහන් බවද, එංගලන්තයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේද පාපොච්චාරණයක් සාක්කියක් ලෙස ගෙන නඩු කටයුතු කළ හැකි බව සඳහන් වන්නේයැයි විජයදාස රාජපක්ෂ පෙන්වාදී තිබේ.



අදහස් (12)

ත්‍රස්තවාදය වැළැක්වීමට අලුතෙන් පනතක්

sugath Tuesday, 11 September 2018 11:28 PM

බෙදුම්වාදී ඩයස්පෝරාවේ තවත් ඉල්ලීමක් රජය ඉටු කරන්න සැරසේ. ලොක්කා පසුව පත්තරෙන් දැනගනියි.

:       72       7

theshan Wednesday, 12 September 2018 03:27 AM

දැන් එතකොට මරණ දඬුවම දෙනවා කියලා මහලොකුවට ලැයිස්තු හිටන් හැදුවේ? කටින් බතල විතරයිද?

:       0       6

දියුණු නව ක්‍රම Wednesday, 12 September 2018 04:16 AM

වර්ජනය මගින් ජන ජීවිතය කඩාකප්පල් කිරීම(දොස්තර, දුම්රිය , බස් ), කොළඹ නගරය වටලන බවට තර්ජනය කිරීමෙන් පාසල් වැසීම, සේවකයින් වරුවක නිවාඩු දැමීම, සේවා ස්ථාන කලින් වැසීම( ආර්ථික හානි) ත්‍රස්තවාදය නොවේද ? මේවට දඩුවම් නැත්ද? විශ්ව විද්‍යාලයේ ඉගෙන නොගෙන පාරවල් වල යාම වැලක්වීමට (විකල්ප දියුණු නව ක්‍රම නැත්ද, පාසල් නිල ඇඳුම් වෙනුවට කුපන් වගේ ?)

:       16       81

amila Wednesday, 12 September 2018 04:31 AM

ත්‍රස්තවාදය නැවත ඕන කියන මැති ඇමතිවරු ඇතුළු ඕනෑම කෙනෙක්ට දඬුවම් ලැබෙන විදියට මෙම පනත සකස් කරන මෙන් ඉල්ලා සිටිමි.

:       0       35

සතයපාල Wednesday, 12 September 2018 06:55 AM

මෙවැනි පනතක් ගෙන එන්න ඕනා ආරක්ෂක ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයායී. විදේශ ඇමතිවරයා මෙවැනි පනතත් ගෙන ඒම සම්බධන්ධයෙන් විශාල කුකුසක් මතුවේ.

:       1       12

rocky Wednesday, 12 September 2018 07:03 AM

පළමුවෙන්ම පොහොට්ටුවන්ගේ වාචාල ත්‍රස්තවාදය නවත්වන්න. එකී මෙකී නොකී උන්නැහේලා ජාතික කරච්චලයක් බවට පත් වෙලා!

:       353       606

Bandula. Wednesday, 12 September 2018 08:01 AM

ත්‍රස්තවාදී අදහස් ප්‍රකාස කරන ඇතැම් ලොකු උදවිය ඉන්නවනේ එයාල රැකගන්නද මේ හදිසියේ මේක ගෙනෙන්නේ?

:       0       57

vipula Wednesday, 12 September 2018 08:25 AM

අලුත් පනතෙන් තිබෙන නීතිය නවලා...

:       0       16

Deepal Nirosh Wednesday, 12 September 2018 08:37 AM

පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රටේ යුද්ධය අවසන් කළා. දැනට ත්‍රස්තවාදී ගැටළුවකුත් නැහැ. වැරදිලා හරි මතු වුණොත් තිබෙන පනත යටතේම මුහුණ දෙන්න පුළුවන්. එහෙනම් මොකට ද මේ අළුත් පනතක් හදිස්සියෙම? කළ යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය පවත්වා ගැනීම හා හමුදාව ශක්තිමත්ව තබා ගැනීමයි. විදේශ ඇමතිවරයාට අවශ්‍ය පරිදි ජාත්‍යන්තරය සතුටු කිරීමට ඉඩ නො දී රටේ ජාතික ආරක්ෂාව තර කර ගැනීම ජනතාව විසින් පත්කළ ජනාධිපතිවරයාගේ පරම යුතුකමක්. 20වන සංශෝධනය සම්මත කරොත් රටට වෙන දේ හිතාගන්න පුළුවන්.

:       0       60

Raveendra Wednesday, 12 September 2018 10:15 AM

කවුද මේක ගේන්නේ? එතන නං ලොකු අවුලක් මොකද හාදයා ඉන්නේ බටහිර ඔලුවෙන් හිටගන්නවා කිව්වොත් මුන්දෑ " නාන්න තුවාය ඇඳගෙන ඔලුවෙන් හිටගනියි " එතරම්ම සුවච කීකරු කෙනෙක්...

:       0       32

Pothwgura Wednesday, 12 September 2018 10:30 AM

මේ පිළිබඳව ජනාධිපතිතුමාව දන්නවද? ආරක්ෂක ඇමැතිතුමාව ඇමැතිතුමා හැටියට එතුමා නෙවෙයිද මෙතුමා කළ යුත්තේ? විදේශ ඇමැතිතුමා මෙය ඉදිරිපත් කරනකොට විදේශ අවශ්‍යතාවක් මත කරනවද කියලා හිතෙනවා...

:       0       6

Pothwgura Wednesday, 12 September 2018 10:30 AM

මේ පිළිබඳ ජනාධිපතිතුමා දන්නවාද? ආරක්ෂක ඇමතිතුමා හැටියට එතුමා නොවෙයිද මෙය කළ යුත්තේ..... විදේශ ඇමතිතුමා මේක ඉදිරිපත් කරනකොට මෙය විදේහ අවශ්‍යතාවයක් මත සිදුවන දෙයක්ද කියලා හිතෙනවා

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site