IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ත්‍රිරෝද රථයක් ලොරියක ගැටී අයෙක් මරුට 4ක් රෝහලට

(එම්.කේ.නන්දසේන)

දඹගල්ල ප්‍රදේශයේ සිට කතරගමට පැමිණෙමින් තිබූ ත්‍රිරෝද රථයක් බුත්තල කතරගම මාර්ගයේ ගල්ගේ වනජීවි මුර පොල සීමාවෙිදී කතරගම දෙසින් ගිය ලොරි රථයක අද (10) උදෑසන මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් 15 හැවිරිදි පිරිමි ළමයෙකු මියගොස් ඇති අතර  මව, පියා, නව හැවිරිදි සොයුරෙකු සහ හත් හැවිරිදි සොයුරියක බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහල වෙත යවා ඇතැයි කතරගම පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ ඩී.එම්.චමිදු නැමති 10 වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකි.

ත්‍රීරෝද රථය පදවා ඇත්තේ මියගිය තරුණයාගේ පියා බවත්, ඔහු යුද හමුදා කෝප්‍රල්වරයෙකු බවත් පොලිස් රථවාහන අංශයේ නිළධාරියෙකු පැවසීය.

මෙම අනතුරින් එක් අයෙකු මියගොස් ඉතිරි හතරදෙනාම බරපතල තුවාල තත්වයේ පසුවෙන හෙයින් වැඩි විස්තර ලබා ගැනීම සඳහා පොලිසිය දැඩි වෙහෙසක් දරමින් සිටි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර කතරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.පී.එස්. ඉෂාන් මහතාගේ උපදෙස් පරිදි පොලිස් රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (2)

ත්‍රිරෝද රථයක් ලොරියක ගැටී අයෙක් මරුට 4ක් රෝහලට

Malaka Bandara Thursday, 10 July 2025 04:28 PM

කතරගම දෙවියෝ නෑ...

:       0       4

ගුණරත්න Thursday, 10 July 2025 07:37 PM

ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට අනුව කළු කඩකාර වාහන වෙළෙන්දන්ගේ ගරානා මිලත් උන්ටම හරියන ලීසිං කඩකාර පොලී මුදලාලියා ආරක්ෂා කරන්න මිල පහත යා නොදී හිරකර ගන්නා නීතිය නිසා අපි වගේ සාමාන්‍ය පැලැන්තියේ මිනිස්සුන්ගේ පවුලේ වාහනය වෙලා තියෙන්නේ ත්‍රීරෝද රථය තමයි. අන්තිමේ පෝසත් ධනවත් පෙලන්තිය ආරක්ෂා කරන්න ගිහින් මැරිලා යන්නේත් දුප්පත් මිනිස්සුන් තමයි...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 222 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 67 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 761 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site