IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තරුණ සේවා අලුත් සභාපති වැඩ බාර ගනී

(අංජුල මහික වීරරත්න)

නීතිඥ සුපුන් විජේරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති සහ ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි අද (3) වැඩ බාර ගත්තේය.

 ඔහු ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස කටයුතු කරමින් සිටියේ ය.

විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙක් වන නීතිඥ සුපුන් විජේරත්න මහතා මොරටුව යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයේ සභාපතිවරයා හා කොළඹ දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත. එමෙන් ම  සිව්වන යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වූ ඔහු, යොවුන් පාර්ලිමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලෙස කටයුතු කර ඇත. 

 යෞවන සමාජ ව්‍යාපාරයත් , යොවුන් පාර්ලිමේන්තුවත් නියෝජනය කළ අයෙක් ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් වූ පළමු අවස්ථාව මෙය වේ. 

මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහත්වරු එක්ව සිටියහ.



අදහස් (3)

තරුණ සේවා අලුත් සභාපති වැඩ බාර ගනී

Aruna Monday, 03 February 2025 05:15 PM

දවස් කීයකටද?

:       13       26

Risvan Monday, 03 February 2025 09:52 PM

හොඳ මුට්ටියක් වෙන්න ඇති

:       0       1

Shantha Tuesday, 04 February 2025 01:12 AM

නියමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site