ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර පැවති තරුණ විද්‍යාඥයින් සඳහාවූ ඔලිම්පියාඩ් තරඟාවලියෙන් කොළඹ නාලන්ද විද්‍යාලයේ රඛිත මාලේවන සහ රනංජය සුභාෂ් යන සිසුන් දෙදෙනා රන් සම්මාන දෙකක් දිනා ගත්හ.
එච්.අයි.වී ඒඩ්ස් රෝග වෛරසය දාරක සෛල සමග එක්වීම වැලැක්වීමට නැනෝ තාක්ෂණය භාවිතයෙන් සහ ශාක ජාන භාවිතයෙන් ඖෂධයක් නිපදවීම සඳහා විද්‍යාත්මක ක්‍රමයක් රඛිත මාලේවන සිසුවා සොයාගෙන ඇත. රනංජය සුභාෂ් සිසුවා කාබනික ජලයේ ඇති බැර ලෝහ ජීව අවශෝෂණය කිරීමට හැකි මට්ටමට එම ජලයේ ඇති දිලීර උපයේගි කරගත හැකි විද්‍යාත්මක ක්‍රමයක් ඉදිරිපත් කර ඇත.
රටවල් 41 ක් නියෝජනය කරමින් තරඟකරුවන් 183 දෙනකු මීට එක්වී සිටියහ.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තරුණ විද්‍යාඥයෝ දෙදෙනෙක් නාලන්දාවෙන්
සත්‍යයා Wednesday, 20 May 2015 01:24 AM
නාලන්දාවේ නම රැකගන්න මේ පුතුන් දෙදෙනා ඉදිරිපත්වීම ජාතියටම ආඩම්බර වෙන්න පුළුවන් කාරණයක්. (නි)
උපාලි ජයසිංහ Tuesday, 19 May 2015 11:47 AM
ඔබ දෙපල ගැන හරිම ආඩම්බරයි. ඔබලා මීට පෙරත් මෙවැනිම ජයග්‍රහණ රාශියක් ලබාගෙන තිබුන බව ආරංචියි. ඔබවන් ලක් පුතුන් අපගේ රටට වාසනාව ගෙන එවි. (හේ)
සම්පත් සමරසේකර Tuesday, 19 May 2015 12:16 PM
නාලන්දා පුතුනි, ඔබලා අපගේ රටට වාසනාවක්. ඔබලාට උණුසුම් සුබ පැතුම.! (ර)
දයා අලහකෝන් Tuesday, 19 May 2015 12:42 PM
රටේ පිනට පහළවෙන දරුවන්, සුබ අනාගතයක්. (ර)
අරුණ Tuesday, 19 May 2015 01:03 PM
රට හැර දා ගොස් ඉගෙන නැවතත් ලකට පැමිණ සේවය කරන්නට සිත් පහල වේවා ! (ර)
සෙන්සා Wednesday, 20 May 2015 03:18 AM
ඔබගේ නිර්මාණ පිළිබදව ආඩම්බරයි.නොනැවතී දිගටම පර්යේෂණ කර තව තවත් නිර්මාණ කිරීමට අනාගතයේදී පුලුවන් වෙිවී.රජයෙන්ද නොමසුරු සහය හිමිවේවායි පතමි. (නි)
විජයබාහු Tuesday, 19 May 2015 02:09 PM
උණුසුම් සුබ පැතුම්! (නි)
නන්දන Tuesday, 19 May 2015 02:23 PM
ඔබ දෙපළට තව ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
ඉන්දික Wednesday, 20 May 2015 03:39 AM
අනේ කොල්ලනේ, ඉගෙනගෙන අවසානයේ කොහේ හරි රටකට පලයල්ලා. මේකේ අයගේ බයිලා අහන්න එපා. මමත් ලංකාවේ ඉගෙනගෙන පිටරටක ලොකු පඩියකට වැඩකරලා ඒක දාලා ලංකාවට ආවේ. දැන් ආපසු පිටරට (නි)
කුමාර Tuesday, 19 May 2015 03:06 PM
ගොඩක් ආඩම්බරයි පුතේ ඔබලා ගැන. (බ)
නිෂාද් Wednesday, 20 May 2015 04:00 AM
මගේ සුබ පැතුම්. නමුත් බොහොම මහන්සියෙන් දැඩි කැපවීම් කරලා මේ දරුවන් දෙදෙනා ඉදිරිපත් කල නව සොයා ගැනීම් වෙන කාටවත් හොරකම් කරන්ට ඉඩ තියන්ට එපා. එහෙම කූට පුද්ගලයොත් මේ ලෝකේ ඉන්නවා. (ස)
ගුණවර්ධන Friday, 22 May 2015 06:05 AM
අපිට ගොඩක් සතුටයි නාලන්දියන් හැටියට ඔබ දෙපලගේ දක්ෂතාවය ගැන සුබ පැතුම් ඔබට (ම)