
(අංජුල මහික වීරරත්න)
ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩසටහන තරුණ තරුණියන් දහසකගේ සහභාගීත්වයෙන් ජාතික යොවුන් සේනාංකයේ වාරියපොළ මධ්‍යස්ථානයේ දී අද ආරම්භ විය.
ජාතික යොවුන් සේනාංකයේ වයඹ පළාතේ මධ්‍යස්ථාන 8 ක පුහුණුලාභීහු මීට එක්ව සිටියහ.
මෙම වැඩසටහන් යටතේ වෘත්තීය පුහුණුව සඳහා තරුණ තරුණියන් යොමු කිරීම, රැකියා ගත කිරීම පිළිබඳ දැනුවත් කිරීම හා නව වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍ර හඳුන්වාදීම සිදු කිරීමට නියමිතය.
ජාතික වෘත්තීය සුදුසුකම් ලබාදෙන රාජ්‍ය හා රාජ්‍ය නොවන වෘත්තීය පුහුණු ආයතන සමග එක්ව ජාතික යොවුන් සේනාංකය මෙම වැඩමුළු පැවැත්වීමට සැලසුම්කර ඇත.
තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම වැඩසටහනට ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ගාමිණී වික්‍රමපාල මහතා ඇතුළු නිලධාරීහු එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ තරැණ තරුණියන්ගෙ අනාගත දියුණුව සකසා ගැණිමට ඉමහත් වන මෙවැනි පූහූණු කිරීම් ඉදියේදීත් කරන්න